අම්මගෙයි බබාගෙයි ආදරය

Categories අලුත උපන්Posted on
41

මව් කුසට ආපු පළවෙනිම දවසේ ඉඳලයි අම්මගෙයි බබාගෙයි ආදර කතාව පටන් ගන්නේ. අම්මගේ ඒ ආදරයත් එක්ක තමයි පුංචි ලේ කැටියේ ඉඳලා හුරුබුහුටි කිරි කැටියෙක් වෙනකම්ම බබා ලොකු වෙන්නේ. දන්නවද බබා ලොකු වෙන්න ලොකු වෙන්න අම්මගේ ආදරයත් වැඩි වෙනවා. ඒ බබා ඉපදෙන්න කලින් කතාව. එතකොට බබා ඉපදුනාට පස්සේ ඒ ආදරයට මොකද වෙන්නේ. ඇත්තටම කිවුවොත් දරුවා ඉපදුනාට පස්සේ අම්මගේ ආදරේ ආයිත් අලුතෙන් පටන් ගන්න ඕන වෙන්නේ නැහැ. කරන්න තියෙන්නේ මාස 9 ක් තිස්සේ තිබුණු ඒ ආදරේ තව තවත් වැඩි කරගන්න එක විතරයි. කොහොමද එක කරන්නේ. අපි ඒ ගැන “අ” යන්නේ ඉඳලා ඔබට කියල දෙන්නයි හදන්නේ.

 

  1. මිහිරි කටහඬ

දන්නවද? අලුත උපන් බබාලා වැඩියෙන්ම කැමති මොනවටද කියලා. මිහිරි සද්ද අහන්න. අලුත්ම පරීක්ෂණයකින් තමයි මේ කාරණාව හොයාගෙන තියෙන්නේ. ඉතින් ඔබට සිද්ධ වෙනවා සින්දුවක් කියනවා වගේ මිහිරි කටහඬින් තාලෙට පද්ද පද්ද බබා එක්ක කතා කරන්න. ඒ කියන්නේ මෙන්න

මෙහෙම. චූ…ටි…බ……බා………. හබුං ………………කෑ ….ව…..ද……?

 

  1. සුරංගනා කතන්දර

බබා ඉපදුණු දවසේ ඉඳලම කතන්දර පොත්වල තියෙන රූප පෙන්න පෙන්න කතන්දර කියලා දෙන්න. බබාට ඒවා තේරෙන්නේ නැහැ තමයි. හැබැයි එකෙන් ඔබේ හඬ අඳුර ගන්න බබාට ලේසි වෙනවා. ඒ වගේම ශබ්ධ සහ රූප අඳුර ගන්න හොද පෙර සුදානමක් බබාට ලැබෙනවා. ඉතින් බබාගේ බුද්ධි වර්ධනයටත් ගොඩාක් හොදයි. හැබැයි හොදට මතක තියාගන්න විනාඩි 5කට වඩා එක දිගට කතන්දර කියන්න යන්න එපා. දරුවා ඔබේ කතාවට කිසිම හාවක් හූවක් නැත්නම් කතා කියන එක නවත්තලා වෙන වෙලාවක ආයිත් Try කරන්න.

 

  1. බබා එක්ක Chat එක

දවස තිස්සෙම බබා එක්ක කතා කරන්න. සෙල්ලම් බඩු වලට නම් තියන්න, වටේ පිටේ තියෙන දේවල් බබාට කියලා දෙන්න. හරියට මේ වගේ….

ඕන්න… මේ …. චූටි….. මේස්…. දෙක…. අම්මා…..පුතාගේ …..කකුලට….. දාන්නයි…. යන්නේ…… හරි…….

 

පේනවා නේද? හරිම පුංචි, සරල දේවල් ටිකක් ඔබට කරන්න තියෙන්නේ. බබා ඉපදුණාට පස්සේ අම්මා මේ දේවල් තුනෙන් හරියටම කරොත් හිතාගන්නවත් බැරි තරමට බබාගෙයි අම්මගෙයි බැඳීම, ආදරය තව තව වැඩි වෙනවා. ඒක බබාගේ අනාගතයට කරන හොද ආයෝජනයක් කියලත් අමතක කරන්න එපා.

 

41

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *