අලුත උපන් කිරි කැටියට දෙන්න තියෙන හොදම ආහාරය මෙන්න…

Categories අලුත උපන්Posted on
10

උතුම් මව් පදවිය ලබපු හැම අම්මා කෙනෙකුටම තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද තමන්ගේ දරුවාවට හොදම පෝෂණයක් ලබා දෙන්නේ කියන එක. ඒ නිසා ගොඩක් අම්මලා තමන්ගේ දරුවට එක එක විදිහේ කෑම බීම දෙන්න Try කරනවා. හැබැයි හොදට මතක තියාගන්න අලුත උපන් පුංචි කිරිකැටියෙකුට ඔබට දෙන්න තියෙන හොඳම අහාරය තමයි මව්කිරි. හැම වෛද්‍යවරයෙක්‍ම වගේ කිරිකැටියට මාස 6 යනකං මව්කිරි විතරක් දෙන්න කියලයි නිර්දේශ කරන්නේ. ඇත්තටම ඒ ඇයි?

  1. ලෙඩ වලින් ආරක්ෂාව

අම්මා කෙනෙක් බබා හම්බවෙලා මුල් දවස් දෙක තුන තුල නිපදවන මව්කිරි ලා කහ පාටයි. ඒවා හඳුන්වන්නේ කොලෙස්ට්රම් කියලයි. සියලුම පෝෂක කොටස් වලින් අනුන මේ මුල් කිරි මගින් දරුවව පාචනය, කනේ ඇතිවන අසාදන වගේ රෝග වලින් පරිස්සම් කරනවා. ඒ නිසා මුල් කාලයේදී නිපදවන මේ  මුල්කිරි දරුවාට අනිවාර්යෙන් දෙන්න ඕනේ

  1. හොදම දේ හොදම ගානට

අලුත උපන් කිරිකැටියට මාස 6 සම්පුර්ණ වෙනකන් ප්‍රසස්ථ මට්ටමෙන් වර්දනය වෙන්න ඕනකරන ප්‍රමාණවත් පෝෂණ කොටස් මව්කිරි වල අඩංගු වෙනවා. මව්කිරි වල දරුවාට අවශ්‍ය කරන ජලය ද ප්‍රමාණවත් ලෙස තියෙන නිසා මේ කාලයේදී අමතර දියර වර්ග දීමත් අවශ්‍ය වන්නේ නැ.

  1. අම්මාගේ ආදරේ බබාට

මව්කිරි දෙන හැම වෙලාවකම අම්මගේ උණුහුම, ආදරය, කරුණාව, රැකවරණය බබාට ලැබෙනවා. ඉතින් අම්මයි බබයි අතර මනා සම්බන්දතාවයක් ගොඩනැගෙනවා. මේ හින්ද බබා තමන්ගේ අම්මව ඉක්මනට හඳුනා ගන්නවා වගේම ප්‍රතිචාර දැක්වීමත් වේගවත් වෙනවා.

  1. දිරවන්නත් ලේසියි.

මව්කිරි කියන්නේ ඝන ආහාරයක් නොවෙයි. මව්කිරි දියරමය ආහාරයක් නිසා බබාට හොඳින් ජීර්ණය වෙනවා. ඒ වගේම බබාගේ අහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයත් හොදින් පවත්වාගන්න උදවු වෙනවා.

  1. මල බද්ධය වළක්වනවා.

අම්මා දුර්වල වුනොත් සමහර විට බබාට මව් කිරි වෙනුවට ආදේශක දෙන්න වෙනවා. එහෙම වෙලාවක, ඒ කිරි දිරවගන්න අමාරු වෙලා බබාගේ ආහාර ජීර්ණ පද්ධතියේ ගැටළු ඇති වුනොත් මල බද්ධය ඇති වෙන්න පුළුවන්. හැබැයි බබාට මව්කිරි දෙන එකෙන් මල බද්ධය ඇති වීම නවතිනවා.

දැන් ඔබට තේරෙනවද අලුත උපන් බබාට මාස 6ක් යනකං මව් කිරි විතරක් දෙන එකේ වාසිය. හැබැයි දරු ප්‍රසුතියට කලින් ඉදලම ඔබ හොදට සුදානම් වෙන්න ඕනේ මේ වෙනුවෙන්. මොකද ඔබ දුර්වල වුනොත් ඉපදුනු ගමන් බබාට මව්කිරි දෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා බබා ගැන වගේම ඔබ ගැනත් දැන් ඉදලා ටිකක් වැඩිපුර හිතන්න.

10

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *