බබා ගෙදර ගෙන්න කලින් මෙන්න මේ List එක ගෙදරට ගෙන්න

Categories ගර්භණී සමයPosted on
4

දැන් ඔන්න දෙන්නා තුන්දෙනා වෙන්නයි යන්නේ. ඒ කියන්නේ අලුත්ම සාමාජිකයෙක් ඔබේ ගෙදරට එනවා. එනකොට ඉතින් අලුත උපන් බබාව පිළිගන්නත් එපැයි. ඒකට තොරණ බැදලා රබන් ගැහුවෙ නැතිවුනාට කමක් නෑ. අඩුවක් නොකර, අලුත් බබා ගෙදරට ගේන්න කලින් මෙන්න මේ ටික කරලා තිබ්බා නං හොදටම ඇති.

  1. හිත් වල බැදපු තොරණ

බබාව පිළිගන්න ගේ ඉස්සරහ තොරණ බදින්න ඕන නෑ කිව්වට මොකද ගෙදර අයගේ හිත් වල නං තොරණ් බදින්නම ඕන. ඔබේ සැමියා ඒ කියන්නේ බබාගේ තත්‍තා වගේම අනිත් දරුවෝ අලුත් බබා වෙනුවෙන් තමන්ගේ ජීවිතෙන් ඉඩක් වෙන් කරන්න ලෑස්ති වෙන්න ඕන.

 

  1. බබා දොයියන තැන.

 

ඉපදිලා මාස 6 – 12 ක් යනකං බබාට හොදම තැන තමයි අම්මා නිදා ගන්න කාමරය. ඒ නිසා ඔබේ කාමරේ එක පැත්තක කොට් එකක් තියලා බබාට දොයිය බබා වෙන්න ලෑස්ති කරන්න.

  1. බබාගේ Dressing Room එක

බබාගේ නැපි මාරු කරන්නේ කොහෙදිද?. ඕකට ඉතින් මොකටද අලුත් තැනක්. ඒ නිසා ඇද උඩ හරි ඔය මේසයක් උඩදි හරි නැප්කින් මාරු කරන්න පුලුවන්නේ. ඔව්. ඒත් දරුවා වෙනුවෙන් හොදම දේ කරන්න හිතනවනම් අනිවර්‍යෙන්ම බිම පැදුරක් එලලා ඒකේ බබාව තියලා නැපි මාරු කරන්න. ඒක අපේ ඇගට වගේම බබාගේ ඇගටත් ගුණයි. නැත්තං ඇදේ හෝ මේසෙන් බබා පෙරලිලා අනතුරක් වෙන්න තියෙන ඉඩකඩ වැඩීයි.

 

  1. බබා ජෝ නාන්නේ කොහොමද?

 

මේකට නං ඔබට කරන්න තියෙන්නේ බේසමක් ලෑස්ති කරගන්න එක. පුලුවන් අලුත්ම බේසමක් ගන්න. මොකද පරණ බේසමක් ගත්තොත් ඒකෙ කැඩී බිදී ගිය තැන් තියෙන්න පුලුවන්. ඒ වගේම බේසමේ පිරිසිදුකමත් ගොඩාක් වැදගත්.

 

  1. අලුත් බබාට ඕන බඩු List එක

 

බබාට ඕන කරන දේවල්

 

කොට් එක සහ මෙට්ටය

නැපි – නැවත පාවිච්චි කරන්න පුලුවන් වගේම බැරි ඒවලිනුත් ගන්න

කිරි බෝතලයක්, සූප්පු, බෝතලය පිරිසිදු කරන්න ගන්න දේවල්

බේසමක්

සීතලට පොරවනයක්

කුඩා ඇදුම්

මස්ලින් රෙද්දෙන් මහපු පුංචි ලේන්සු, තුවා සහ පොරෝන

බබාව නාවන්න Baby සබන්

බබාගේ සම වියලීම වලක්වන්න පුලුවන් ක්‍රීම්

ඕඩිකොලෝන්

නැපි දාන්න Bin එකක්

ගමනක් යද්දි බබාගෙ දේවල් දාගෙන යන්න බෑග් එකක්

 

 

අම්මට ඕන දේවල්

 

මාතෘ සනීපාරක්ෂක තුවා

මව් කිරි දෙන්න අවශ්‍ය Nursing Bra

 

මෙන්න මේ ලිස්ට් එක සම්පුර්ණ කරගත්තා නං බබා හම්බවුණාට පස්සේ තාත්තට අරහේ මෙහෙ දුවන්න වෙන්නෙත් නැහැ, අම්මටයි බබාටයි කරදරයකුත් නැහැ.

 

4

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *