අම්මා කෙනෙක් වෙන්න නං ඔබ අත් හැරිය යුතුම දේ

Categories ගර්භණී සමයPosted on

අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙනවා කියන්නේ ලේසිපාසු වැඩක් නෙවෙයි. ඒ වෙනුවෙන් ඔබේ මුළු ජීවිතේම කැප කරන්න වෙනවා. හැබැයි ඒ කැප කිරීමේ වාසිය තමයි අංග සම්පුර්ණ පවුල් ජිවිතයක් සහ නිරෝගී බබෙක් ලැබෙන එක. ඒ සතුට මොන Super Market එකට ගියත් ඔබට ගන්න වෙන්නේ නෑ. අන්න ඒ සතුට ලඟා කරගන්න අදම මේ මොහොතේම ඔබ අතහරින්න ඕන දේ ගැනයි අපි මේ කියන්න යන්නේ.

 

  1. මත්පැන් අතහරින්න.

 

ඔබ දරුවෙක් වෙනුවෙන් හීන මවනවා නම් හරි දරුවෙක් ලැබෙන්න ඉන්නවනං හරි අනිවාර්යෙන් මත්පැන් වලට ටටා බායි කියන්න. ඒ ඔබ වගේම ඔබේ සැමියත් මත්පැන් අතහරිනවනාම් තමයි වැඩියෙන්ම හොඳ. ඔබ අම්මාකෙනෙක් වෙන්න යනවා වගේම ඔබේ සැමියත් තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා එයාට මතක් කරලා දෙන්න. එතකොට ඒ දේ හරිම ලේසියෙන් කරන්න පුළුවන් වෙයි. Husband ඒ දේ කරන්න බැරිම වුණොත් අඩුම තරමේ දිනකට ඇල්කෙහොල් ග‍්‍රෑම් 28කට වඩා ශරීරයට ගන්න එපා කියලා කියන්න. හැබැයි අම්මා කෙනෙක් වෙන්න ඉන්න ඔබට නං ගර්භනී කාලයේදී මත්පැන් හොඳම නෑ කියන එක අමතක කරන්න එපා. බැරි වෙලාවත් ඔබ ගර්භනී කාලයේ මත්පැන් පානය කරොත් ඉපදෙන බබා, නොමේරු දරුවෙක් හෝ අසාමාන්‍යතා තියෙන දරුවෙක් වෙන්න තියෙන ඉඩකඩ 100% යි.

 

  1. ආදේශකයක් මෙන්න.

ගර්භණී කාලයේ මත්පැන් පානය ඔබේ බබාගේ ඉගෙනීමටත්, සංවේදී බවටත්, සමාජ සංවර්ධනයට හා පෞර්ශයටත් බලපානවා. ඔබට ඇල්කොහොල් අඩංගු නැති වතුර, කිරි, ඖෂධීය තේ, ඇල්කොහොල් අඩංගු නැති වයින් හෝ බියර් බොන්න පුලූවන්. නමුත් ලේබලය හොඳින් කියවලා බලලා මිලදි ගන්න. සමහර නිෂ්පාදන වල ඇල්කොහොල් ඉතාම සුලූ මට්ටමකින් හෝ අන්තර්ගත වෙන්න ඉඩ තියෙනවා. ඔබ මත්පැන් පානය කරන්නේ පීඩනය (Stress) නිසා නම්, ඒක මග හරින්න වෙන ක‍්‍රමයක් හොයාගන්න. භාවනා කරන්න, ටිකක් ඇවිදින්න, ටිකක් වැඩිපුර Bathroom එකට වෙලා නාන්න, Film එකක් බලන්න, සිංදුවක් අහන්න. අලූත්, විනාශකාරී නොවන, හිතට නිදහසක් ලැබෙන විනෝදාංශ හොයාගන්න.

 

  1. චුට්ටිත්ත්ටක් ගත්තට කමක් නැද්ද?

සමහරු කියනවා ගර්භණී කාලයේදී ඇල්කොහොල් ”ටිකක්” ගත්තාට කමක් නෑ කියලා. එහෙම එකක් නෑ. ඇල්කොහොල් උගුරකින් වුනත් ඔබේ බබාට  හානි වෙන්න පුලූවන්. ඔබ බබාට මව් කිරි දෙනවා නම් විශේෂයෙන්ම මත්පැන් බොන්න එපා. මොකද මත්පැන් කෙලින්ම මව්කිරි වලට එකතු වෙනවා. එතකොට ඒක බලපාන්නෙ දරුවාගේ මොළයේ වර්ධනයට.

 

මත්පැන් ඔබේ බබාට කොච්චර අහිතකරද කියලා දැන් ඔබට තේරෙනවා ඇති. ඒ නිසා ඔය අරයා මෙයා කියන දේ අහන්න යන්නේ නැතුව අදම මේ මොහොතේම මත්පැන් වලට තිත තියන්න, කොමා එපා. නිරෝගී බුද්ධිමත් බබෙක් ලැබෙන්න ඔබට තියෙන වාසනාව නැති කරගන්න එපා කියලා අපි හැම අම්මා කෙනෙක්ටම ආදරෙන් මතක් කරනවා.

Like
Like Love Haha Wow Sad Angry
11

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *