අලුත උපන් බබා ලෙඩ වෙනවද? ලෙඩ කරනවද?

Categories අලුත උපන්Posted on
5

අලුත ඉපදුනු පුංචි බබාව ලෙඩ හැදෙන්න ඉඩ නොදෙන එක අම්මලාගේ වැඩක්. මොකද ඒ පුංචි ඇගට විෂබීජයක් ඇතුළු වුනොත් එකෙන් බබාට ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. අනික පුංචිම කාලේ බබා ඉන්නේ ඇඳ උඩ. කොහේ ගියත් අම්මාගේ දෝතේ ඉන්නේ. ඉතින් ලෙඩක් හැදෙන්න ඉඩ නොදී ආරක්ෂා කරන්න පුළුවන් බබාගේ හොඳම ආරක්ෂකයා තමයි අම්මා. කොහොමද බබාව ලෙඩ හැදෙන්න නොදී බලා ගන්නේ. අද අපි ඔබට කියන්නේ ඒ ගැන. ඇත්තටම මෙතැනදී ඔබට කරන්න තියෙන්නේ හරිම ලේසි වැඩක්. පහතින් විස්තර කරලා තියෙන විදිහට බබාගේ සනීපාරක්ෂාව සහ දිනපතා පිරිසිඳුකම ගැන සැලකිලිමත් වුණා නම් හරි.

 

  1. මුහුණ සහ හිස පිරිසිඳු කිරීම

 

මුලින්ම ඔබේ අත් දෙක පිරිසිඳු කරගන්න. තෙත පුලූවන් කෑල්ලකින් බබාගේ ඇස් පියන් වල මුල ඉඳලා ඉවතට සුමුදුව පිහින්න. ඇස් දෙකට පුලූන් කැබලි දෙකක් පාවිච්චි කරන්න. බබාගේ කන ඇතුලට Cotton Buds දාන්න එපා. පුලූන් කෑල්ලකින් කන පිටුපස සහ කන්පෙත්ත සහ බාහිර කන පිරිසිඳු කරන්න.  කිසිම දෙයක් කන ඇතුලට දාන්න එපා. බබාව නෑවිමෙන් පස්සේ තුවායකින් ඉතාම සුමුදුව බබාගේ හිස මත ඉදිරියටත් පසුපසටත් සෙමෙන් පිරිමදින්න. උදේ සහ සවස කිරි දීමෙන් පස්සේ සුමුදු රෙදිකඩක් ජලයෙන් පොගවලා දත් සහ විදුරුමස පිරිසිඳු කරන්න. බබාගේ වයස අවුරුද්දක් වුනාට පස්සේ සුමුදු කෙඳි සහිත දත් බුරුසුවකින් වතුර විතරක් දාලා දිනකට දෙවරක් වත් දත් මද්දවන්න.

 

  1. නියපොතු කපන්න හොඳම වෙලාව

 

බබාගේ නියපොතු කපන්න හොඳම වෙලාව තමයි බබා නිදාගෙන ඉන්න වෙලාව. බබාලාගෙ නියපොතු කපන්නම හදලා තියෙන විශේෂ කතුරු දැන් වෙළඳපොලේ තියෙනවා. නෑවීමෙන් පස්සේ බබාගේ පෙකනිය හොඳින් තෙත මාත්තු කරන්න. වතුර තිබුනොත් පැසවන හින්දා ඒ ගැන සැලකිලිමත් වෙන්න. නැපියෙන් පෙකනිය වැහෙන්න දෙන්න එපා. නැපිය පෙකනිය වැහෙන තරම් උසයි නම් නැපිය තව එක් පාරක් නවන්න.

 

  1. ලිංගික ප්‍රදේශ පිරිසිදු කරන්නේ කොහොමද?

 

බබාගේ කකුල් දෙක අතරට ඔබේ ඇගිලි 3ක් තියෙන විදිහට තියාගෙන එක් අතකින් බබාගේ කකුල් දෙක පොඩ්ඩක් උඩට උස්සලා අල්ල ගන්න. මුලින්ම තෙත පුලූන් කෑල්ලකින් බබාගේ ලිංගික ප‍්‍රදේශය පිරිසුඳු කරන්න. ඉදිරිපස සිට සිටුපසට මෙම පිරිසිදු කිරිම සිදුකරන්න. ඊට පස්සේ වතුරෙන් ලිංගික ප‍්‍රදේශය සෝදන්න. හොඳින් තෙත මාත්තු කරන්න. නැපිය අන්දවන්න හදිස්සි වෙන්න එපා. බබාට නැපිය නැතුව ටිකක් ඉන්න දෙන්න. ඒ විදිහට පිරිසිඳු වාතාශ‍්‍රය ලැබීමට ඉඩ දීමෙන් නැපි රෑෂ් ඇතිවෙන එක වැළකෙනවා.

 

මෙන්න මේ විදිහට අලුත ඉපදුනු බබා නාවද්දී, නියපොතු කපද්දී, ලිංගික ප්‍රදේශ පිරිසිදු කරද්දී බබාගේ ඇඟ මතට විෂබීජ වලට එන්න තියෙන පාරවල් ඔක්කොම වැහෙනවා. ඒ වගේම බබාට හරිම සනීපෙන් වගේම සැහැල්ලුවෙන් ඉන්නත් පුළුවන් කමත් ලැබෙනවා. අම්මා කෙනෙක් විදිහට ඔබේ ආසාවත් ඒක නේද?

5

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *