පාසල් යන්නට බිය වෙන දරුවන් සිටින අම්මලාට හොදම පිළිතුර මෙතැනින්

Categories මුල් ළමා අවධියPosted on

අපි කතාකරන්න යන මේ කරුණ අම්මලා තාත්තලා කාටත් මුහුණ පාන්න වෙන ප්‍රශ්නයක්. ඔබේ දරුවා මුලින්ම පාසල් යන්නට සැරසෙනවානම් දරුවාගේ වගේම ඔබේ හිතට නැගෙන්නෙත් චකිතයක්.

බබා අඩයිද? දාලා ආවොත් හොයයිද දන්නේ නෑ!

සමහර දරුවන් පළමු දින සිට පාසල් යන්නට දක්වන්නේ අකමැත්තක්. මේක දරුවාගේ අනාගතයට බලපාන්න පුලුවන්! පහළින් ඇති කරුණු ටික හොදින් පිලිපදින්න අද සිට දරුවා පාසල් යන්නට මැලි කමක් නොදක්වන බව අපිට හොදටම විශ්වාසයි.

 

  1. කලින්ම දැනුවත් කරන්න – බබා අද උදේ 7.30 ට ගියාම ඔයාට 12 වෙද්දි ගෙදර එන්න පුලුවන්. පැය 5යි පුතේ. මේ වගේ දරුවාව කලින් දැනුවත් කිරීම මගින් ඔහු යම් කිසි දුරකට සතුටු වෙනවා. දවල් 12න් පසුව නැවත නිවසට පැමිණෙන බව දන්නා නිසා ඔහුගේ චකිතය මදක් හෝ අඩු වෙනවා.
  2. සිතුවිලි විමසන්න – ඔහුගෙන් පාසල ගැන යහලුවන් ගැන ගුරුවරුන් ගැන අදහස් විමසන්න. හොද සහ නරක දෙකම. ඒ තුළින් දරුවා අකමැති මොනවා ගැනද යන්න නිරීක්ෂණය කරන්න ලෙහෙසියි.
  3. මමත් එන්නම් – දරුවා සමග පාසලට යන්න. නෑ! පාසල් ගේට්ටුව ලගට පමණක් නොවේ. පන්ති කාමරය තුළටත්. ඔබත් මේ පරිසරය හා සම්බන්ධ බව ඔහුව ප්‍රත්‍යක්ෂ කරන්න. ඔබ ගුරුවරයා සමග කුලුපගව කතා කරන දකින දරුවා, ගුරුවරයා තමාට තවදුරටත් පිටස්තරයෙක් නොවෙන බව සිතන්නට පටන් ගන්නවා.
  4. ධනාත්මක චින්තනය – දරුවා සමග පාසල් යාම මගින් ලැබිය හැකි ප්‍රයෝජන පිළිබදව කතා කරන්න. උදාහරණයක් වශයෙන් අලුත් යාලුවෝ මුණගැසීම සදහන් කරන්න. සිතුවිලි ධනාත්මක වීම මගින් පාසලට ඇති වෙන බිය ඉක්මනින්ම නැති කරන්න පුලුවන්.
  5. අම්මට ඔයාව මතක් වෙනවා පුතේ – මේක හරිම ප්‍රතිඵලදායකයි කියලා ගුරුවරු සදහන් කරනවා. දරුවාගේ දවල් ආහාරය සමග අම්මාව මතක් වෙන යම් කිසි දෙයක් සදහන් කරන්න. පොඩි නෝට් එකක් වගේ. ඇත්තම කියනවා නම් ළමයින් පාසලට බය නෑ ඔවුන් බය ඔවුන් ළග මව්පියන් නොමැති වීමයි. අම්මා මාව මතක් කරනවා කියන එක ඒ වගේ වෙලාවකට දරුවන්ට අස්වැසිල්ලක්.
  6. ඕනෑම් වේලාවක සූදානමින් – ඔබ දරුවාට නිතරම ලගින් බව ඒත්තු ගන්වන්න. ‘පුතේ මොනවාහරි වුනොත් ටීචට කියන්න, ටීච අම්මට ඉක්මනට කෝල් කරයි‘ තමන් නිතරම සුරක්ෂිතයි යන හැගීම මෙවැනි සOවාද මගින් දරුවාගෙ සිතේ නැත්පත් වෙනවා. ඒක ඉතාම වැදගත්!
  7. මෙන්න යාලුවෙක් – මේක නිතරම ප්‍රායොගික නොවෙන්නට පුලුවන් ඒත් මේ ක්‍රමය ඉතාම සාර්ථක එකක් බව නොරහසක්. පාසල් යන්නට කලින් ඊටත් වඩා කුඩා අවදියේ පටන් දරුවා සමග කාලය ගත කල තව දරුවෙක් ඔහු සමග එම පාසලටම යනවා නම් ඒක ඔබේ දරුවාට මහත් අස්වැසිල්ලක්. ඔහුගේ සමීපතමයා සමග කාලය ගත කිරීම ඔහුට ඔබව අමතක වීමට යම් කිසි අයුරකින් දායක වෙනවා.

 

ඔබ නොසිතන මෙවැනි කරුණු මත ඔබේ දරුවාගේ ආත්ම ශක්තිය දියුණු කරන්න පුලුවන්. ඔබ දරුවාගේ මනසින් සිතන්න. මෙලොවට ආ දිනයේ පටන් ඔහු ඇසුරු කරන පිරිස අතලොස්සක් පමණයි. නමුත් පාසල යනු මිනිසුන් ඉතා විශාල ප්‍රමාණයක් ගැවසෙන ස්ථානයක්. මේ වගේ අවස්ථාවක දරුවා බිය වෙන එක සාමන්‍යයි. ඔබ දැනුවත්ව කටයුතු කළොත් මේ කඩුල්ලත් ජය ගන්න පුලුවන්.

Like
Like Love Haha Wow Sad Angry
2

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *