මෙහෙම කරොත් අම්මා කෙනෙක් වෙන හීනය හීනයක්ම වෙයි.

Categories වැදගත් උපදෙස්Posted on

මව් පදවිය ලෝකේ තියෙන උතුම්ම පදවිය කියන්නේ නිකං නෙවෙයි. හැම කාන්තාවකටම අම්මා කෙනෙක්වෙ න්න බැහැ. ඒකට සුදුසුකම් ගොඩාක් සපුරන්නත් ඕනේ. ඒ අතර ඔබ කරන්නම ඕන දේවල් වගේම නොකරන්න ඕනම දේවලුත් තියෙනවා. පහුගිය දවසක අම්මා කෙනෙක් වෙන්න ඕන නම් මත්පැන් පානය අතහරින්න කියලා අපි ඔබට විස්තර ඇතුවම කිවුවා. ඉතිං ඔන්න අදත් අපි ඔබට කියන්න යන්නේ අම්මා කෙනෙක් වෙන්න ඕන නම් අනිවාර්යෙන්ම අතහරින්න ඕන තව දෙයක් ගැනයි. ඒ තමයි දුම් පානය. ඒ ඇයි කියලා විස්තර ඇතුව අපි කියන්නම්. එතකොට ඔබ දුම් පානය කරන කෙනෙක් නම් ඒක අතහරින්න හරිම ලේසි වේවි.

 

  1. දරුවෙක් පිළිසිඳගැනීමට බැරි වෙනවා.

නිරෝගී දරුවෙක්ට උපත දෙන්න නම් අම්මා තාත්තා දෙන්නටම දුම් පානය අතහරින්න වෙනවා. මොකද ඔබ දුම් පානය කරොත් දරුවා පිළිසිඳ ගැනීමේ හරියට සිද්ධ වෙන්නේ නැහැ. කොටින්ම කියනවනම් ගර්භණී කාලයේදී ඔබ දුම්බොනවා නම්, ඒ කියන්නෙ කුස තුල ඉන්න බබාත් දුම් බොනවා. ඒ වගේම ඔබේ ගර්භණී කාලයේදී වෙනත් අය දුම්බොන තැනක ඉඳලා ඒ දුමාරය ඔබ ආඝ‍්‍රාණය කලොත් එතකොටත් බබාට වක‍්‍ර දුම්පානයක් සිද්ධවෙනවා. ඉතින් සිද්ධ වෙන හානිය හිතා ගන්න පුළුවන්නේ.

 

  1. බබාට සිද්ධ වෙන හානිය

ගර්භණී කාලයේ දුම්පානය හින්දා මළ දරු උපත්, නොමේරූ දරු උපත්, අඩු බරින් යුත් දරු උපත් සහ ආබාදිත දරු උපත් සිද්ධ වෙනවා. ඒ වගේම දුම්බීම බබාගේ මොළයට සහ පෙනහලූ වලට හානි කරනවා. ඇසත්මා රෝග අවධානමත් ඇති කරනවා. කෙටියෙන්ම කියනවනම් අලූත ඉපදුනු බබෙක්ට සිගරට් දුම ආඝ‍්‍රාණය වුනොත් ක්ෂණික මරණය පවා සිද්ධ වෙන්න පුළුවන්.

 

 

  1. දුම්බීම අතහැරීම ඔබටත් ගුණයි, බබාටත් හොදයි.

 

මේ කාරණාව වැඩිය කවුරුවත් දන්නේ නැහැ. දුම්බීම හින්දා අම්මගේ සිරුරේ නිෂ්පාදනය වන මව්කිරි ප‍්‍රමාණය අඩු වෙනවා. එතකොට නොදැනුවත්වම බබාගේ පෝෂණය අඩු වෙනවා. ඒ වගේම අහිතකර රසායන ද්‍රව්‍ය මව්කිරි වලට එකතු වෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි ඔබ දැනට සිගරට් බොන කෙනෙක් නම් එහෙමයි කියලා බබාට මව් කිරි දෙන එක නම් නවත්තන්න එපා. කොහොම හරි සිගරට් බොන එක නවත්තන්න උත්සාහ කරන්න. දින දෙකක් සිගරට් බිම නැවැත්තුවොත් බබාගේ වර්ධනය ආයිත් හරි හැටි සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ වෙනස ඔබට ඇස් දෙකෙන්ම පෙනෙයි.

 

තේරෙනවා නේද? හොඳ අම්මා කෙනෙක් වෙන්න තාම ඔබ පරක්කු නෑ. මේ දැන්ම දුම් බොන එක නවත්තන්න පටන්ගන්න. බැරි වෙලාවත් ඔබට හිතුනොත් දුම්බීම අතහරින්නම බෑ කියලා හොදම දේ උපදේශන, පුනරුත්තාපන නැත්නම් වෛද්‍ය උපකාරයක් හරි ලබා ගන්න.

Like
Like Love Haha Wow Sad Angry
11

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *