බබා අඬන්නේ ඇයි? මෙන්න හේතුව!

Categories අලුත උපන්Posted on

කොච්චර බැලූවත් බබාලගේ මුණ දිහා බලාගෙන ඉන්න එපා වෙන්නේ නෑ. බබා හිනාවෙලා ඉන්නකොට, නිදාගෙන ඉන්නකොට ඔබ පැය ගණන් බබා දිහා බලන් ඉන්න ඇති. ඒත්, බබා අඬන්න ගත්තොත්? ගොඩක් අම්මලාට තියෙන ප‍්‍රශ්නයක් තමයි, අඩන වෙලාවට බබාව නලවගන්න බැරි එක. සාමාන්‍යයෙන් බබෙක් අඩන්න ගත්තොත් එක නවත්තගන්න නං බබා අඩන හේතුව හොයාගන්න ඕන. මොකද කිසිම බබෙක් හේතුවක් නැතුව අඩන්නේ නැහැ. අනික බබෙක්ට අඬන්න හේතු සිය ගාණකුත් නෑ.

  1. බබාට බඩගිනියි.

ගොඩාක් වෙලාවට බබා අඬන්නෙ බඩගිනි නිසා වෙන්න පුලූවන්. බබාට මව්කිරි හරි කිරි බෝතලය හරි දෙන්න. හැබැයි බබා පැය 2ක් ඇතුලත කිරි බීලා නම් ඉන්නෙ, බබාට සූප්පුවක් දෙන එක තමයි හොදම.

2. බබා ටිකක් Upset වෙලා ඉන්නෙ.

සමහරවිට බබා අඬන්නෙ පාලූවක් දැනිලා හරි නැත්තං මොකකට හරි බය වෙලා නිසා වෙන්නත් පුලූවන්. එක්කෝ බබාට ඔබත් එක්ක ටිකක් ඉන්න ඕන ඇති. ඔබේ උණුසුම ඕන ඇති. බබාගේ උරහිස, ඔලූව සහ කොන්ද එක් අතක බාහුවට වාරු කරගෙන, අනිත් අත ඉදිරිපසින් කකුල් දෙක අතරින් දමා තට්ටම් වලින් අල්ලාගන්න. ඊට පස්සේ හිමීට බබාව පද්දමින් ඇවිදින්න. ගීතයක් ගයන්න. බබා නැලවෙනවා. හැබැයි කිසිම වෙලාවක බබාව හයියෙන් හොලවන්න එපා. එහෙම කලොත් බබාගෙ මොළයට දිර්ඝකාලීන බලපෑම් ඇතිවෙන්න පුලූවන්.

3. බබාට මහන්සියි.

උණුසුම් රෙදිකඩකින් බබාව ඔතන්න. නිහඬ පරිසරයක, මද අඳුරු කාමරයක ආරක්ෂිතව බබාව නිදිකරවන්න. බබාව මසාජ් කරන්න.  ඕන නම් ඇග සෝදවන්න.

4. බබාගේ නැපිය මාරු කරන්න වෙලාව හරි.

නැපිය තෙත් වුනාම බබා අඬනවා. ඒක පොඩ්ඩක් බලලා අවශ්‍ය නං නැපිය මාරු කරන්න. බබාට නැපි රෑෂ් තියෙනවා නම් පිරිසිඳු වතුරෙන් බබාව හෝදලා හොදට තෙත මාත්තු කරන්න. වෛද්‍යවරයෙක් මගින්  ලබාගත් නැපි රෑෂ් ක‍්‍රීම් එකක් එකක් ගාන්න. ටික වේලාවකින් අලූත් නැපියක් අන්දන්න. පොඩි  වෙලාවක් නැපිය නැතුව නිදහසේ ඉන්න බබාට ඉඩ දෙන්න.

5. බබාට සනීප නෑ.

බබා අඬන්නෙ අසනීප නිසා වෙන්නත් පුලූවන්. ඒ නිසා උණ බලන්න. සාමාන්‍ය ශරීර උෂ්නත්වය සෙල්සියස් අංශක 37 ට වැඩි නම් ඉක්මනට බබාව Doctor  කෙනෙක් ගාවට එක්කං යන්න.

6. බබා ඉන්නෙ අපහසුවෙන්.

බබා අපහසුවෙන් ඉන්නවා නම් අඬනවා. ඒ වෙලාවට බබාව වඩාගෙන, බබාට ඔබේ උරහිසේ ඔලූව තියාගෙන ඉන්න දෙන්න. ආදරෙන් පිටට තට්ටු කරන්න. පිට අතගාන්න. බබා වඩාගෙනම ටිකක් එහෙට මෙහෙට හිමින් ඇවිදින්න.

  7. ඔබ ඉන්නෙ පීඩනයෙන්ද?

මේ කාරණාව නම් ගොඩක් වැදගත්. ඔබ පීඩනයෙන් ඉන්නකොට ඔබට, ඔබේ බබාව ආදරෙන් බලාගන්න බෑ. බබා අඬන්නෙ ඇයි කියලා දැනගන්නත් බෑ. ඔබේ පීඩනය හරිම ඉක්මනට බබාටත් දැනෙන්න පටන්ගන්නවා. එතකොට බබා තවත් අඬනවා. ඒ නිසා ඔබට පීඩනයක් දැනෙනවානම්, ඔබ Stress වෙලා නම් බබාව ආරක්ෂිත තැනක තියලා (කොට් එකක) ඔබ පොඩි විවේකයක් ගන්න. නැත්තං වෙන විශ්වාසවන්ත කෙනෙක්ට බබාව ටිකකට බලාගන්න කියන්න. දරුවා නැලවීම ගැන Mid wife ගෙන් හරි Doctor කෙනෙක්ගෙන් හරි උපදෙස් ලබාගන්න.

සාමාන්‍යයෙන් ඉපදුනු දවසේ ඉඳලා වයස අවුරුදු 2 පහු වෙනකන් බබා අඩන්නේ මෙන්න මේ හේතු 7න් එකක් නිසයි. ඉතින් ආයිත් බබා අඩන්න පටන් ගත්ත ගමන් මේ හේතු වලින් මොන ප්‍රශ්නෙද බබාට ඇතිවෙලා තියෙන්නේ කියලා හොයාගෙන අන්න එකට උත්තරේ දෙන්න. එතකොට බබා අඩන එක නවත්තලා ආයිත් හිනාවෙලා සතුටින් සුව පහසුවෙන් ඉඳීවි.

Like
Like Love Haha Wow Sad Angry

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *