බබාට අවුරුද්දක් වෙනකන් අම්මා වැඩියෙන්ම හිතන්න ඕන දේ මෙන්න.

Categories අලුත උපන්Posted on Format පින්තූරය

කිසිම අම්මා කෙනෙක් කැමති නැහැ තමන්ගේ බබාට ලෙඩක් දුකක් ඇති වෙනවා දකින්න. ඒ නිසයි හැම අම්මම බබා ඉපදුනු ගමන් මලක් වගේ බලා ගන්නේ. ඒත් ටිකෙන් ටිකක් ලොකු වෙලා අවුරුදු 5ක් 6ක් වගේ යද්දී බබා ගැන තියෙන සැලකිල්ල ටික ටික අඩුවෙලා යන්න ඉඩ තියෙනවා. හැබැයි ඒක බබාගේ අනාගතයට එච්චර හොඳ නැහැ. ඒ නිසා අවුරුදු 16ක් 18ක් වෙනකන් කිසිම වෙනසක් නොකර, එකම උනන්දුවකින් බබාව බලා ගන්න ඕන. ඒ අතරිනුත් පළවෙනි අවුරුද්ද හරිම විශේෂයි. බබාගේ සනීපාරක්ෂාව වගේම දිනපතා පිරිසිඳුකම ගැන මුල් අවුරුද්දේ ඔබ වැඩියෙන්ම හිතන්න ඕන. මොකද බබාව ලෙඩ වලට ගොදුරු වීමේ වැඩි ඉඩක් ඒ කාලේදී තියෙනවා.

ඉතින් අද පියවරෙන් පියවර අපි ඔබට කියලා දෙන්න යන්නේ මුල් අවුරුද්දේ බබාගේ සනීපාරක්ෂාව වගේම දිනපතා පිරිසිඳුකම ගැන ඔබ කටයුතු කරන්න ඕනේ කොහොමද කියලයි.

  1. මුහුණ සහ හිස පිරිසිඳු කිරීම

මුලින්ම ඔබේ අත් දෙක පිරිසිඳු කරගන්න. තෙත පුලූන් කැබැල්ලකින් බබාගේ ඇස් පියන් වල මුල සිට ඉවතට සුමුදුව පිස දමන්න. ඇස් දෙකට පුලූන් කැබලි දෙකක් පාවිච්චි කරන්න අමතක කරන්න එපා.

බබාගේ කන ඇතුලට Cotton Buds දාන්න එපා. පුලූන් කැබැල්ලකින් කන පිටුපස,  කන් පෙත්ත සහ බාහිර කන සුමුදුව පිරිමදින්න. කිසිම දෙයක් කන ඇතුලට දාන්න එපා. බබාව නාවලා ඉවර වෙලා තුවායකින් ඉතාම සුමුදුව බබාගේ හිස මත ඉදිරියටත් පසුපසටත් සෙමෙන් පිරිමදින්න. උදේ සහ සවස කිරි දුන්නට පස්සේ සුමුදු රෙදි කඩක් ජලයෙන් පොගවලා බබාගේ දත් සහ විදුරුමස පිරිසිඳු කරන්න. අවුරුද්දකට පස්සේ සුමුදු කෙඳි තියෙන දත් බුරුසුවකින් වතුර  විතරක් දාලා දවසකට දෙපාරක් විතර දත් මද්දවන්න.

2. නියපොතු කපන්නත් ඕනේ

බබාගේ නියපොතු වලින් බබාටම තුවාල සිරීම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා බබාගේ නියපොතු කපන එක ගැන ඔබ වැඩියෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. සාමාන්‍යයෙන් නියපොතු කපන්න හොඳම වෙලාව තමයි බබා නිදාගෙන ඉන්න වෙලාව. එතකොට බබාලාගෙ නියපොතු කපන්නම හදලා තියෙන විශේෂ කතුරු දැන් වෙළඳපොලෙන් ඔබට ගන්න පුළුවන්.

 3. බබාගේ පෙකණිය

නෑවීමෙන් පස්සේ බබාගේ පෙකනිය හොඳින් තෙත මාත්තු කරන්න ඕනේ. තෙතමනය තිබුනොත් එතන පැසවන්න ඉඩ තියෙනවා. ඒ වගේම වැදගත්ම කාරණාව තමයි නැපියෙන් බබාගේ පෙකනිය වැහෙන්න දෙන්න එපා. නැපිය පෙකනිය වැහෙන තරම් උසයි නම් නැපිය එක් වරක් නවන්න.

  4.බබාගේ සනීපාරක්ෂාව

බබාගේ කකුල් දෙක අතරට ඔබේ ඇගිලි 3ක් සිටින සේ තියලා එක අතකින් බබාගේ කකුල් දෙක ටිකක් ඉහලට කරලා අල්ලා ගන්න. මුලින්ම තෙත පුලූන් කැබැල්ලකින් බබාගේ ලිංගික ප‍්‍රදේශය පිරිසුඳු කරන්න. ඉදිරිපස සිට සිටුපසට මේ පිරිසිදු කිරිම කරන්න ඕනේ. ඊට පස්සේ වතුරෙන් ලිංගික ප‍්‍රදේශය සෝදන්න. හොඳින් තෙත මාත්තු කරන්න. නැපිය අන්දවන්න හදිස්සි වෙන්න එපා. බබාට නැපිය නැතුව ටිකක් ඉන්න දෙන්න. ඒ විදිහට පිරිසිඳු වාතාශ‍්‍රය ලැබෙන ඉඩ දෙනකොට නැපි රෑෂ් ඇතිවෙන්නේ නැහැ.

ඉතින් මුල් අවුරුද්ද ඉවර වෙනකන් උඩින් විස්තර කරපු විදිහට දවස ගානේ බබාගේ පිරිසිදුකම ගැන වගේම සනීපාරක්ෂාව ගැන ඔබ හිතුවොත්, ඒ විදිහට වැඩකරොත් බබාට ලෙඩක් දුකක් ඇතිවීමේ අවධානම සෑහෙන්න අඩු කරගන්න පුළුවන් වෙයි.

Like
Like Love Haha Wow Sad Angry

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *