වයසේ හැටියට බබාට ගැලපෙන සෙල්ලම් මෙන්න.

Categories අලුත උපන්Posted on

බබා සෙල්ලම් කරන්න ඕනෙමද? ඔව්. ඒකෙ ආයේ වචන දෙකක් නැහැ. ඔබේ බබා අනිවාර්යයෙන්ම සෙල්ලම් කරන්න ඕනේ. දුවන්න ඕනෙ, පනින්න ඕනේ, වැටෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි තුවාල වෙන්නත් ඕනේ. මොකද ඒ දේවලින් තමයි බබා ඉගෙන ගන්න පටන් ගන්නේ. තමන් කවුද කියලා අදුර ගන්නේ. ලෝකෙ මොන වගේද කියල අදුර ගන්නේ.

හැබැයි බබා සෙල්ලම් කරන්න ඕන හින්දා කරන්නන් වාලේ ඔහේ සෙල්ලම් කරන්න දෙන්න එපා. මෙන්න මේ කරුණු ගැනත් ටිකක් හිතලා ඉන්න.

1. බබා එක්ක ඔබත් බබෙක් වෙන්න

බබාගේ සෙල්ලමේ වැදගත්ම කොටසක් තමයි මේ. පුලුවන් හැම වෙලාවකම ඔබ බබා එක්ක සෙල්ලම් කරන්න ඕනේ. දන්නවද එතකොට මෙන්න මේ දේවල් වලින් ඔබේ බබා ශක්තිමත් වෙනවා.

* බබාගේ මොලයේ වර්ධනය වෙනවා.

* බබාගේ ආත්ම විශ්වාසය වැඩි වෙනවා.

* බබාට අම්මගේ ආදරය, සතුට, ආරක්ශාව දැනෙනවා.

* බබාගේ සන්නිවේදන කුසලතාව වැඩි වෙනවා.

* අනිත් අයට සලකන්න ඉගෙන ගන්නවා

දැන් තේරෙනවා නේද ඔබ බබා එක්ක සෙල්ලම් කරන එකෙන් බබාගේ ජීවිතේ ගොඩ නැගෙන්න අත්වැලක් වෙන හැටි. හැබැයි මෙතනදි ඔබ හොදට මතක තියාගන්න ඕනේ තව කාරණාවක් තියෙනවා. ඔබ බබා එක්ක සෙල්ලම් කරනවා වගේම බබා තනියම සෙල්ලම් කරන්න එකත් ගොඩා වැදගත්. ඒ වෙලාවට ඔබ බබාට පොඩි අදහසක් දෙන්න. ඊට පස්සෙ බබාට ඉඩ දීලා බලාගෙන ඉන්න.

  1. බබාට හොදම සෙල්ලම

බබාට සෙල්ලම් කරන්න ආකාර දෙකක් තියෙනවා. එකක් නිදහස් සෙල්ලම්. අනිත් විදිහ සැලසුම් සහගත සෙල්ලම්. මේ අතරින් හොදම විදිහ තමයි නිදහස් සෙල්ලම. ඒක ඔබ බබාට කියල දෙන්න ඕනෙ නෑ. ඉබේම සිද්ධ වෙනව. ඒ සෙල්ලම මොකද්ද කියලා තීරණය වෙන්නේ ඒ මොහොතේ බබා කැමති දේ අනූවයි. ඒ වෙලාවට බබාට කැමති විදිහට හැසිරෙන්න දෙන්න.

සැලසුම් සහගත සෙල්ලම් නිවසෙදි වගේම එලියෙදීත් සිද්ධ වෙන්න පුලුවන්. පොත් කියවීම, පිහිනන්න ඉගෙන ගන්න එක මේ සෙල්ලම් වර්ගයට උදාහරණ විදිහට දක්වන්න පුලුවන්.

  1. බබාගේ වයසට ගැලපෙන සෙල්ලම් මෙන්න

 

මේ ඔක්කොමත් හරි, ඒත් ඔබේ බබාගේ වයස අනූව කරන්න ඕන හරිම සෙල්ලම් ටික ඔබ දැනගෙන ඉන්න ඕනේ.

ඉපදුන අලුත ඉදලා අවුරුදු දෙකක් යනකං බබාගේ හොදම සෙල්ලම් බඩුව තමයි ඔබ. ඒ කියන්නේ බබාගේ අම්මා. ඔබේ මුහුණ, හිනාව,  කටහඬ එක්කයි ඉපදුනු අලුත බබා සෙල්ලම් කරන්නේ. ඒ නිසා නිතරම හිනාවෙලා බබා දිහා බලන්න අමතක කරන්න එපා. ඒත් එක්කම මෙන්න මේ දේවලුත් පොඩ්ඩක් අත්හදා බලන්න.

*බබාට ඇහෙන්න මිහිරි හඩින් ගීයක් ගයන්න. ඒ තාලෙට බබාගෙ බඩට පුංචි තට්ටුවකුත් දාන්න. බබාට ඇහෙන්න මිහිරි සංගීතයක් ඇහෙන්න සලස්වන්න. බබාගෙ කොට් එකට උඩින් wind chanter එකක් වගේ කැරකෙන සෙල්ලම් බඩුවක් එල්ලන්න. ඒ දේවලින් බබාගේ ඇසීම සහ චලනයන් හදුනා ගැනීමේ හැකියාව වැඩි වෙනවා.

*එක එක විදිහේ, එක එක ප්‍රමාණයේ පාට පාට Soft Toys බබා ලගින් තියන්න. බබාට පේන්න තියන්න. ඒ දේවලින් බබාට සෙල්ලම් කරන්න දෙන්න.

*බබා මුනින් අතට පෙරලෙන්න පටන් අරන් ටික දවසක් ගියාට පස්සෙ, දවසේ ටික වෙලාවක් බබාට මුනින් අතට ඉන්න දෙන්න. ඒකත් බබාට හොද සෙල්ලමක්. එතකොට බබා හැමදේම වෙන කෝනයකින් බලන්නත් පුරුදු වෙනවා. ඒ වගේම බබාගේ හිසේ, බෙල්ලේ මාංශ පේශී ශක්තිමත් වෙනවා.

මෙන්න මේ විදිහට ඉපදුන දවසෙ ඉදලා වයස අවුරුදු 2ක් වෙනකං බබාට සෙල්ලම් කරන්න ඕන කරන ඉඩ හරි ගස්සලා දෙන්න. එතකොට ඔබ හිතුවටත් වඩා හොදට, ඉක්මණට බබාගෙ ශාරිරික වගේම මානසික දියුණුවත් සිද්ධ වේවි. ඒක ඔබට ඇස් දෙකෙන්ම බලාගන්නත් පුලුවන් වෙයි.

Like
Like Love Haha Wow Sad Angry

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *