දරුවා ලොකු වෙද්දී අම්මලා කරන වැරදි.

Categories හිරිමල් යෞවනයPosted on
අවුරුදු 13ත් පහු වුණාට පස්සේ ඔබේ දරුවා තවදුරටත් පුංචි බබෙක් නෙවෙයි. ඒ නිසා අම්මා තාත්තා විදිහට ඔබේ තත්වයත් ටිකක් වෙනස් කරගන්න සිද්ධ වෙනවා. කතා බහෙන්, කරන දේවලින් වලින් විතරක් නෙවෙයි හිතන විදිහෙනුත් ඒ වෙනස කරන්න වෙනවා. මොකද පුංචි කාලෙ බබා කරපු කියපු දේවල් නෙවෙයි දැන් කරන්නේ. දැන් අලුත් අලුත් දේවල් වලින් තමයි ඔබේ දරුවගේ ජීවිතේ පිරිලා තියෙන්නේ. ශාරීරිකව ඇතිවුණු වෙනස්කම් වගේම අලුත් යාලුවෝ, අලුත් විනෝදාංශ වගේ තවත් ගොඩක් අලුත් දේවල් හිරිමල් වියේ ඉන්න ඔබේ දරුවාගේ ජීවිතයට ඇවිත් තියෙන්නේ. කිසිම සැකයක් නෑ, දැන් දරුවා ඔබේ ඉවසීමේ සීමාව පන්නන දේවල් කරනවා ඇති. හැබැයි හොදට මතක තියාගන්න තාමත් ඒ ඔබේ දරුවා. ඒක කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. දැන් දැන් වචන වලින් කිවුවේ නැති වුනත් තාමත් දරුවට ඔබව ඕනේ. අන්න ඒ නිසා ඔබ ලග තියෙන මෙන්න මේ වැරදි 4 ඉක්මණට හදා ගන්න වෙනවා.
1. දැන් බබා කරන ඔක්කොම වැරදියි.

ඔව්, දැන් සමහර විට ඔබේ දරුවට වැරදි පුරුදු තියෙන්න පුළුවන්. හැබැයි ඒ පුරුදු වලින් දරුවාව ඈත් කරන්න නං දරුවා කැමති වෙනත් විනෝදාශ ගැන පොඩ්ඩක් හිතන්න වෙනවා. සමහර විට ඒ විනෝදාංශ ගැන ඔබට තේරුමක් නැතිවෙන්න පුළුවන්. එක්කෝ ඔබ ඒ වගේ දේවලට කැමති නැති වෙයි. හැබැයි හරියටම උත්සාහ කරොත් දරුවට ඕන දේ ඔබට දැන ගන්න පුළුවන් වෙයි. හොදට මතක තියාගන්න දරුවා කැමති හොද විනෝදාංශයකට ඉඩ හදලා දුන්නොත් විතරයි දරුවාගේ නරක පුරුදු නැති කරන්න පුළුවන් වෙන්නේ.
2. පොඩි දේටත් බය වෙනවා.
සමහර විට ඔබ දැන් දරුවාගේ අමුතු කොණ්ඩ විලාසිතාවට, අඳින පළඳින විදිහට කැමති නැතුව ඇති. ඒ වගේම දරුවා දක්ෂ සමහර දේවල් එයා දැන් දැන් මගහරිනවා ඇති. හැබැයි ඒවාට ඔබ බය වෙන්න එපා. ඒ දේවලින් දරුවට අනතුරක් වෙන්නේ නැත්නං ටිකක් ඉවසන්න. තමන් ගත්ත තීරණ වල හරි වැරදි බව තේරුම් ගන්න දරුවාටම ඉඩ දෙන්න. තමන්ගේම අත්දැකීම වලින් ඉගෙනගන්න දරුවාට ඉඩ හරින්න. ඒ අතර දරුවාගේ හොඳ තීරණ ටිකක් වැඩිපුර අගය කරන්න.
3. ලොකු දේවල් නොසලකා හරිනවා.
ඔබේ දරුවා මත්පැන් වලට හෝ වෙනත් මත් වන දෙයකට ඇබ්බැහි වෙලා ඇත්නම් ඒක නොසලකා හරින්න එපා. තත්වය බරපතල වෙන්න කලින් මේ දැන්ම ක‍්‍රියාමාර්ගයක් ගන්න. දරුවා ගැන විමසිල්ලෙන් ඉන්න. දරුවගේ හැසීරීම, පෙනුම, අධ්‍යාපන කටයුතු, යහලුවන් ආදී දේවල් වල වෙනස්කම් සිද්ධ වෙනවද කියලා බලන්න. දරුවා ලග අනවශ්‍ය බෙහෙත් වර්ග තියෙනවනම්, ගෙදර තියෙන බෙහෙත් නැති වෙනවනම්, ගෙදර සල්ලි නැති වෙනවනම් හොදට විමසිල්ලෙන් ඉන්න වෙනවා. දරුවා මතට ඇබ්බැහි වෙලා කියල ඔබට දැනගන්න තියෙන හෝඩුවාවන් තමයි ඒ. මේ දේවල් ඔබේ ගෙදරත් සිද්ධ වෙනවනම් ඉක්මනට ඔබ දරුවත් එක්ක කතා කරලා වැරැද්ද වටහලා දෙන්න.
4. හමුදා විනය ගෙදරටත්? 
ගොඩාක් වෙලාවට අම්මලා තාත්තලා දරුවා අතින් පොඩි වරදක් වුණත් ලොකුවට බනිනවා, තරවටු කරනවා. හැබැයි සමහර විට ඔබ එහෙම හැසිරෙන්නේ දරුවා ඔබෙන් ඈතට යයි කියලා බයෙන් වෙන්නත් පුළුවන්. ඒ දෙකම වැරදියි. මේ දෙක අතර තැනකදීයි ඔබ දරුවගේ විනය බැලන්ස් කරගන්න ඕනේ.  හොඳ විනයක් දරුවා තුලින්ම මතුකරගන්න පුලුවන් නම් එතකොට දරුවාගේ නායකත්ව ගතිලක්ෂණ වර්ධනය වෙනවා. තමන්ට ප්‍රශ්නයක් ආවත් එකට හොදම උත්තරය හොයාගන්න දරුවට පුලුවන්වෙනවා. ඔබ බනින එකෙන් දරුවා හිතන්න පටන් ගන්නවා මට කවුරුත් නෑ, දැන් අම්මලා මට ආදරේ නැහැ කියලා.
තේරෙනවා නේද? නොදැනුවත්වම ඔබ කරන වැරදි නිසා දරුවා කොච්චර පීඩනයකට පත් වෙන්න පුලුවන්ද කියලා. ගොඩාක් වෙලාවට නව යොවුන් වියේ දරුවන් කියනවා අම්මා තාත්තා එක්ක කාලය ගත කරන්න කැමතියි කියලා. ඒ නිසා දැන්මම දරුවා සමග ගත කරන්න කාලයක් ඔබ හොයාගන්න ඕන. එතකොට දරුවා එක්ක කතා කරන්න, නව යොවුන් වියේ ඉන්න දරුවා කැමති අකමැති දේ අදුරගන්න ඔබට පුළුවන් වෙයි.
Like
Like Love Haha Wow Sad Angry
1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *