බබාගේ බර වැඩි කරන පෝෂ්‍යදායීම කෑම වට්ටෝරු 9 ය මෙන්න.

Categories අලුත උපන්Posted on Format පින්තූරය

ඉපදුනු දවසේ ඉඳලා මාස 6ක් විතර යනකං බබාට මව්කිරි දුන්නා නම් ඇති. හැබැයි අඩු බරකින් ඉපදුනොත් BCG එන්නත දෙන්න බැරි වෙන නිසා  වෙනත් විශේෂ පිටිකිරි වර්ගයක් බබාට දෙන්න වෙයි. ඒ කොහොම වුණත් මාස 6න් පස්සේ මව්කිරි වලට අමතරව බබාට දියරමය ආහාර දෙන්න පටන් ගන්න පුළුවන්. අන්න එතකොට නියම පෝෂණ සංඝටක ලැබෙන, බබාගේ බර නියම ගාණට පවත්වා ගන්න පුළුවන් ආහාර විතරක් දෙන්න එක අම්මගේ වගකීම. ඉතින් අද Raisingchildren.lk අපි ඔබට කියන්නේ ඒ විදිහට බබාගේ බර වැඩි කරන පෝෂදායිම ආහාර වර්ග 9 ගැනයි.

  1. මව්කිරි

බබාට මාස 6 න් පස්සේ දියරමය ආහාර දෙන්න පටන් ගත්තට මව්කිරි දෙන එක නවත්තන්න එපා. පහත තියෙන දියරමය ආහාර එක්ක මාරුවෙන් මාරුවට බබාට අවශ්‍ය විදිහට මව්කිරි දෙන්න ඕනේ.

  1. කෙසෙල්

ලෙලි ඉවත් කරපු පුංචි කෙසෙල් ගෙඩියක් අරගෙන හැන්දකින් පොඩි කරගන්න. නැත්නම් බ්ලෙන්ඩර් කරගන්න. මේකෙන් චූටි පැටියාට ලොකු පෝෂණයක් ලැබෙනවා වගේම ඔබට විනාඩියෙන් හදන්න පුළුවන් රසවත් කෑමක්. හැබැයි ඇඹුල් කෙසෙල් නම් බබාට දෙන්න හොඳ නැහැ. සෙම වැඩි වෙනවා. පුවාලු වගේ සෙම හැදෙන්නේ නැති කෙසෙල් වර්ගයක් තමයි දෙන්න ඕනේ.

 

  1. හොඳට තම්බපු බිත්තර කහමද

බිත්තරයක් හොඳට තම්බ ගන්න. ඊට පස්සේ කටු ඉවත් කරන්න. කහ මදය අරගෙන ගෑරුප්පුවකින් පොඩි කරගන්න. මව්කිරි මේස හැඳි 2ක් හෝ 3ක් පොඩිකර ගත්ත බිත්තර කහ මදයට එකතු කරලා තලපයක් හදාගෙන බබාට කවන්න. අම්මට මව්කිරි දෙන්න අපහසුයි නං ඒ වෙනුවට ගත්ත පිටිකිරි ආදේශකය එකතු කරන්න. විනාඩි පහෙන් මේ කෑම බබාට හදලා දෙන්න පුළුවන්.

  1. අර්තාපල්

අර්තාපල් අලයක් හොඳට තම්බ ගෙන පොතු ඉවත් කරලා ගෑරුප්පුවකින් හොඳට පොඩි කරගන්න. ඊට පස්සේ මව්කිරි ස්වල්පයක් එකතු කරලා තලපයක් හදා ගන්න. අම්මට මව්කිරි දෙන්න අපහසුයි නං ඒ වෙනුවට ගත්ත පිටිකිරි ආදේශකය එකතු කරන්න. විනාඩි 15 කින් මේ රසවත් ආහාරය බබාට හදලා දෙන්න පුළුවන්.

  1. යෝගට් සහ ඕට්ස්

ඔට්ස්, ජලය විතරක් දාලා හොඳට පිසගන්න. ඊට පස්සේ හොඳට නිවෙන්න අරින්න. නිවා ගත්ත ඕට්ස් වලට යෝගට් ටිකක් මිශ‍්‍ර කරලා තලපයක් හදාගන්න. ඕන නම් බ්ලෙන්ඩ් කරලා ගන්න. හදාගන්න විනාඩි 20ක් විතර ගියත්, මේක ඔබේ කිරිකැටියාට ඉතාමත් පොෂ්‍යදායි ආහාරයක්. ඒ නිසා දවස ගානේ  නොදුන්නත් සතියකට සැරයක් විතර හදලා දෙන්න පුලුවන් නම් හොඳයි.

  1. බතල

බතල අලයක් හොඳට තම්බා ගෙන  ගෑරැුප්පුවකින් හොඳින් පොඩි කරන්න. ඊට පස්සේ මව්කිරි ටිකක් එකතු කරගන්න. අම්මට මව්කිරි දෙන්න අපහසුයි නං ඒ වෙනුවට ගත්ත පිටිකිරි ආදේශකය එකතු කරන්න. කිරි වලට අමතරව හීනියට කුඩු කරගත්ත කරඳමුංගු ටිකක් හරි ආමන්ඩ් පවුඩර් ටිකක් හරි මේ බතල තලපයට මිශ‍්‍ර කරලා රස වැඩි කරගන්නත් පුලුවන්. මේ ආහාරය හදාගන්න විනාඩි 25 ක් විතර යනවා. හැබැයි බබාගේ අම්මා විදිහට ඒ වෙලාව වැය කරලා මේ රසම රස ආහාරය හදලා දෙන එක සුලු දෙයක් නේද?

  1. වියලි පළතුරු සහ ඇට වර්ග

කජු, ආමන්ඩ් වගේ නට්ස් වර්ග කීපයක් අරගෙන රෝස්ට් කරගන්න. පස්සේ ඒවා බොහොම සිහින්ව කුඩු කරගන්න. ඊට පස්සේ බබාගේ කෑම වලට මේ පවුඩර් එකෙන් ටිකක් එකතු කරන්න ඔබට පුලුවන්. එතකොට බබාගේ ආහාර වලට අලුත් රසක් එකතු වෙනවා. එකම විදිහෙ කෑම දෙනවට වඩා ඒ වගේ පොඩි වෙනසක් කලාම බබා ආසාවෙන් කයි.

  1. මුං ඇට බත්

මුං ඇට, හාල් ටික ටික අරගෙන වතුර දාලා එකට කහ, ලුණු ටිකක් දාලා හොදට පිසගන්න. හොඳට තැම්බුනාට පස්සේ ගී, බටර් හරි මාගරීන් හරි චුට්ටක් මිශ‍්‍ර කරන්න. මුං ඇට සීතල ආහාරයක් නිසා බබාට දෙනකොට ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේමයි ගී, බටර්, මාගරීන් මුල් පාරට බබාට දෙනකොටත් පරිස්සම් වෙන්න ඕනේ. මුලින්ම චුට්ටක් බබාගේ කටට දාලා බබාගේ ප‍්‍රතිචාරය කොහොමද කියලා බලන්න. ඒ වගේම මේ ආහාරය බබාගේ ආහාර ජීර්ණයට බලපෑමක් වෙනවද? කෑම විෂ වෙනවද? කියලත් හොඳට බලන්න.

  1. කුරක්කන් පිටි

කුරක්කන් පිටි ටිකක් අරගෙන වතුර හෝ කිරි එක්ක මිශ‍්‍ර කරන්න. මේ මිශ්‍රණය මද ගින්නේ හොඳට පිස ගන්න. ඊට පස්සේ සීනි ටිකක් ගී, බටර් හෝ මාගරීන් චුට්ටක් දාලා ආයිත් හොඳට කවලම් කරන්න. හොඳින්ම නිවුනට පස්සේ බබාට කවන්න.

මේ ආහාර වට්ටෝරු වලින් හොඳ පෝෂණයක් බබාට දෙන්න පුළුවන්. ඒ වගේම  බබාගේ බරත් නිරෝගිමත්ව වර්ධනය වෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *