අවුරුදු 6 ට වැඩි බබාලට හොදම සෙල්ලම් මෙන්න

Categories ළමා අවධියPosted on
බබා සෙල්ලම් කරන්න ඕනෙමද? ඔව්. ඒකෙ ආයේ වචන දෙකක් නැහැ. ඔබේ බබා අනිවාර්යයෙන්ම සෙල්ලම් කරන්න ඕනේ. දුවන්න ඕනෙ, පනින්න ඕනේ, වැටෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි තුවාල වෙන්නත් ඕනේ. මොකද ඒ දේවලින් තමයි බබා ඉගෙන ගන්න පටන් ගන්නේ. තමන් කවුද කියලා අදුර ගන්නේ. ලෝකෙ මොන වගේද කියල අදුර ගන්නේ.
හැබැයි බබා සෙල්ලම් කරන්න ඕන හින්දා කරන්නන් වාලේ ඔහේ සෙල්ලම් කරන්න දෙන්න එපා. මෙන්න මේ කරුණු ගැනත් ටිකක් හිතලා ඉන්න.
01. බබා එක්ක ඔබත් බබෙක් වෙන්න
බබාගේ සෙල්ලමේ වැදගත්ම කොටසක් තමයි මේ. පුලුවන් හැම වෙලාවකම ඔබ බබා එක්ක සෙල්ලම් කරන්න ඕනේ. දන්නවද එතකොට මෙන්න මේ දේවල් වලින් ඔබේ බබා ශක්තිමත් වෙනවා.
* බබාගේ මොලයේ වර්ධනය වෙනවා.
* බබාගේ ආත්ම විශ්වාසය වැඩි වෙනවා.
* බබාට අම්මගේ ආදරය, සතුට, ආරක්ශාව දැනෙනවා.
* බබාගේ සන්නිවේදන කුසලතාව වැඩි වෙනවා.
* අනිත් අයට සලකන්න ඉගෙන ගන්නවා.
දැන් තේරෙනවා නේද ඔබ බබා එක්ක සෙල්ලම් කරන එකෙන් බබාගේ ජීවිතේ ගොඩ නැගෙන්න අත්වැලක් වෙන හැටි. හැබැයි මෙතනදි ඔබ හොදට මතක තියාගන්න ඕනේ තව කාරණාවක් තියෙනවා. ඔබ බබා එක්ක සෙල්ලම් කරනවා වගේම බබා තනියම සෙල්ලම් කරන්න එකත් ගොඩා වැදගත්. ඒ වෙලාවට ඔබ බබාට පොඩි අදහසක් දෙන්න. ඊට පස්සෙ බබාට ඉඩ දීලා බලාගෙන ඉන්න.
02. බබාට හොදම සෙල්ලම
බබාට සෙල්ලම් කරන්න ආකාර දෙකක් තියෙනවා. එකක් නිදහස් සෙල්ලම්. අනිත් විදිහ සැලසුම් සහගත සෙල්ලම්. මේ අතරින් හොදම විදිහ තමයි නිදහස් සෙල්ලම. ඒක ඔබ බබාට කියල දෙන්න ඕනෙ නෑ. ඉබේම සිද්ධ වෙනව. ඒ සෙල්ලම මොකද්ද කියලා තීරණය වෙන්නේ ඒ මොහොතේ බබා කැමති දේ අනූවයි. ඒ වෙලාවට බබාට කැමති විදිහට හැසිරෙන්න දෙන්න.
සැලසුම් සහගත සෙල්ලම් නිවසෙදි වගේම එලියෙදීත් සිද්ධ වෙන්න පුලුවන්. පොත් කියවීම, පිහිනන්න ඉගෙන ගන්න එක මේ සෙල්ලම් වර්ගයට උදාහරණ විදිහට දක්වන්න පුලුවන්.
03. බබාගේ වයසට ගැලපෙන සෙල්ලම් මෙන්න
මේ ඔක්කොමත් හරි, ඒත් ඔබේ බබාගේ වයස අනූව කරන්න ඕන හරිම සෙල්ලම් ටික ඔබ දැනගෙන ඉන්න ඕනේ.
ඔබේ බබාට අවුරුදු 6ක් සම්පුර්ණ වුනාට පස්සේ පොඩි කාලේ කරපු සෙල්ලම් හරියන්නේ නැහැ. ඉස්කෝලේ ගමනත් පටන් ගත්ත නිසා බබා දැන් බාහිර ලෝකේ එක්ක ගණුදෙණු කරන්නත් පටන් අරං. ඉතින් මේ කාලේදී ධාරණ ශක්තිය, දරා ගැනීමේ හැකියාව සහ පෞරුෂත්වය වර්ධනය වෙන සෙල්ලම් වලට බබාව උනන්දු කරන එක ඔබේ වැඩක්. ඒකට පහත ක්‍රියාකාරකම් ඇතුලත් කරගන්න.
* මේ ඉස්සර බබාලා සාරි ඇඳගෙන ගස් වලට උගන්නපු, බ්රුම් බ්රුම් ගාලා වාහන පදින කාලේ. හැබැයි අද කාලේ බබාලා එහෙම සෙල්ලම් නොකරට ඔබට තියෙනවා යුතුකමක් බබා ගැහැණු දරුවෙක් නම් Kitchen set එකක් පිරිමි දරුවෙක් නම් Rasing Car වගේ දේවල් අරන් දෙන්න.
* වෙළඳ පොලේ තියෙන ගොඩාක් බරපතල නැති Puzzles, TV Games වගේ දේවල් බබාට ගෙනත් දෙන්න. හැබැයි ඒ සෙල්ලම කරන්න කාල සීමාවල් ඔබ දාන්න ඕනේ.
* Clay හෝ මැටි වගේ දේවලින් බබාට නිර්මාණ කරන්න ඉඩ දෙන්න. වගේ දේවල් බබාට දුන්නොත් සමබරතාවය සහ තවත් ශාරීරික ක්‍රියාකාරකම් ගැන බබාට තේරුම් යනවා.
* මාසෙකට එක පාරක් හරි බබාව එක්කගෙන තවත් බබාලා සෙල්ලම් කරන Children’s Park එකකට යන්න. ලංකාවේ නම් Excel World, Water World වගේ තැන් වල මේ වයසේ බබාලට කරන්න ගොඩාක් සෙල්ලම් තියෙනවා.
* මේ කාලේදී ඉස්කෝලෙදි හරි පුද්ගලිකව හරි මොකක්ම හෝ ක්‍රීඩාවකට බබාව උනන්දු කරන්න. පිහිනීම, ක්‍රිකට්, චෙස්, බාස්කට්බෝල් වගේ ක්‍රීඩාවක් නම් බබාගේ අනාගතය ගොඩ නගන්නත් එක උදවු වෙයි.
මෙන්න මේ විදිහට අවුරුදු 6 ඉඳලා 12 විතර වෙනකම් බබාට සෙල්ලම් කරන්න ඕන කරන ඉඩ හරි ගස්සලා දෙන්න. මොකද ඊළගට බබා යොවුන් වියට පිවිසෙනවා. එතැනදී සම වයසේ දරුවෝ අතරේ ඔබේ දරුවට කොන් නොවී හොද පෞරුෂත්වයක් එක්ක ඉස්සරහට යන්න පාර හැදෙනවා. හැබැයි මොන සෙල්ලම කරත් බබාට කාලය Manage කරගන්න විදිහ ඔබ අනිවාර්යෙන් කියලා දෙන්න ඕනේ.
Like
Like Love Haha Wow Sad Angry

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *