බබාට සැප නින්දක් ලැබෙන්නේ මෙහෙම කරොත් විතරයි.

Categories අලුත උපන්Posted on Format පින්තූරය

ඉපදුණු ගමන්ම බබා වැඩිපුර කරන්නේ කුක්කු බොන එකයි දොයියන එකයි විතරයි. බබාට කිරි දෙන එක නම් ඔබ කොහොමත් කරනවා. හැබැයි ඉතින් හොඳ අම්මා කෙනෙක් විදිහට ඔබට සිද්ධ වෙනවා බබාට හොඳට දොයියන්න ඕන කරන වටපිටාවත් හදලා දෙන්න. දැන් අපි ඔබට කියන්න හදන්නේ අලුත් උපන් බබාට හොඳ නින්දක් ලැබෙන්න නං ඔබ දැනගෙනම ඉන්න ඕනේ රන් හා සමාන කාරණා 07 ක්.

  1. උඩුබැලි අතට තමා හොඳම

 

පුංචි බබාලට නින්ද ගියාට පස්සේ උඩුබැලි අතටයි තියන්න ඕනේ. ඒක බබාගේ ඇගට ගුණයි. හැබැයි ඉපදුණු දවසේ ඉඳලා මාස 4 ක් 5 ක් විතර ගියාට පස්සේ බබා එහෙට මෙහෙට පෙරලෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා කෝකටත් කොට්ට දෙකක් දෙපැත්තෙන් තියන එක හොදයි. ටඉපදිලා ටික දවසක් යනකොට හොඳටම නිදාගෙන ඉන්න පුළුවන් Position එක බබා හොයාගනිවි.

 

  1. ඔළුවයි මුහුණයි වැහෙනවද?

 

බබාට නින්ද ගියාට පස්සේ ඔබ ටක් ගාලා අනිත් වැඩ ටික කරන්න දුවයි. හැබැයි ඊට කලින් හොඳට බලන්න බබාගේ මුහුණයි ඔළුවයි දිහා. කොට්ට වලින්, බ්ලැන්කට් වලින්, නෙට් එකෙන් බබාගේ මුහුණ හරි ඔලුව හරි ආවරණය වෙනවද? නැත්නං බබා දගලනකොට ඒවා මුහුණෙ ඔලුවේ වදිවිද? කියලා හොඳට බලන්න. එහෙම දෙයක් තියෙනවා නම් බබාගෙ ලගින් යන්න කලින් ඒ දේවල් ටිකක් ඈත් කරන්න. මොකද නින්දේදී බබාගේ මුහුණ, ඔලුව ආවරණය වූනොත් බබාට හුස්ම ගන්න අමාරු වෙයි. ඒ නිසා මේ කාරණාව ගැන නං ඔබ දෙපාරක් බලන්නම ඕනේ.

 

  1. දුම්බොන අයට තහනම්

 

මේ කාරණාව ගැන නං බබා නිදා ගත්තම විතරක් නෙවෙයි බබා ඇහැරිලා ඉන්න වෙලාවටත් ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. දුම් බොමින් ඉන්න කෙනෙක්ට හරි දුම් බිලා ඉවර වෙලා එන කෙනෙක්ට හරි බබා ලගට එන්න දෙන්න එපා. අක්‍රිය දුම්පානය මහා ඉහලින් සිද්ධ වෙන්න ඉඩකඩ 100%ක් තියෙනවා. ඒක බබාගේ ඇගට අගුණයි කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

 

  1. සැප මෙට්ටේ

 

බබා සාමාන්‍ය ඇඳක තිබ්බත් කොට් එකක තිබ්බත් මෙට්ටේ ගැන නම් ඔබ හිතන්න ඕනේ. බබාට මෙට්ටෙන් රස්නේ නොදැනෙන්න ඕන. ඒ නිසා මෙට්ටෙට කොට් ෂිට් එකක් එලන්න. ඒ උඩින් සිනිදු මල් පීස් රෙද්දක් එලන්න. එතකොට මෙට්ටෙන් රස්නයක් ආවත් එකත් මග හැරෙනවා. බබා නිදා ගන්නේ කොට් එකේ නං ඒ කොට් එක ගද්දිම මෙට්ටේ ගැන හොඳට හොයලා බලලා ගන්න. ඒ කොහොම වුනත් කොට් ෂිට් එකක් එලලා මල් පිස් රෙද්දක් එලුවනම් බබාට සැපට නින්ද යයි.

 

  1. කාමරෙන් ඉඩක් බබාට

ඉපදිලා මාස 10ක් 12 ක් විතර යනකං බබාව, බබාගේ කොට් එක ඔබේ කාමරේම තියා ගන්න.

 

  1. සෙල්ලම් බඩු දැන් එපා

බබාට නින්ද ගියාට පස්සේ බබා ලඟ තියෙන, කොට් එක ඇතුලේ තියෙන සෙල්ලම් බඩු ටික අයින් කරන්න. මතකයිනේ ඈත් කරන්න නෙවෙයි අයින් කරන්නම ඕනේ හරිද?

 

  1. ඇඳුම් තෙතද?

බබා නිදා ගන්න වෙලාවට අන්දලා තියෙන ඇඳුම් වියලිව තියෙන්න ඕනේ. හැබැයි රස්නේ වෙන්න බැහැ. ඒ වගේම නිදා ගෙන ඉන්නකොට බබාට ලෝකු සීතලක් හරි ලොකු රස්නයක් හරි දැනෙන්න හොඳ නැහැ. බබාට නින්ද ගියාට පස්සේ ඒ ගැනත් ටිකක් සැලකිලිමත් වෙන්න.

ඔන්න ඔය කාරණා 7 ගැන ඔබ හොඳට සැලකිලිමත් වුනොත් බබාට සැපට නින්ද යයි. හැබැයි නින්ද ගියා වගේ නෙවෙයි බබා කොයි වෙලේ හරි ආයෙත් ඇහැරෙයි. අන්න ඒ වෙලාව එකනකන් ඔබ ආයෙත් සැලකිල්ලෙන් ඉන්න ඕනේ කියලා අමතක කරන්න එපා හරිද?

Like
Like Love Haha Wow Sad Angry
5

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *