බබාට හරියටම නැපිය අන්දවන්නේ මෙහෙමයි!

Categories අලුත උපන්Posted on

මේ වයසේදී බබා හැම තිස්සෙම නැප්කින් එක තෙමා ගන්නවා. බබලා එහෙම තමයි.
හැබැයි ඉතිං ඉක්මනටම නැප්කින් එක මාරු නොකරොත් බබාට ලොකු අපහසුවක්
දැනෙනවා. ඒත් හදිස්සියට කොරොස් කටෙත් අත දාන්න බැහැ වගේම කලබලෙන් නැපි
අන්දන්නත් බැහැ. මොකද හරිම විදියට නැප්කින් එක මාරු නොකරොත් බබාට
අපහසුවක් දැනෙන්න පුළුවන්. එ් නිසා අද අපි ඔබට පියවරෙන් පියවර කියලා දෙනවා
නැපි අන්දන හරිම විදිහ.

මොනවද ඕනි

පිරිසිදු අලුත් නැපියක් ඕන. බේබි ක්‍රීම් බෝතලේකුයි වතුර කෝප්පෙකුත් ළඟට ගන්න.
Baby whisper හරි බබාව සෝදන්න සිනිදූ රෙදි කෑල්ලක් හරි ගන්න. සිනිදු තුවායක් නම්
බබාටත් සනීපයක් දැනේවී.

1st step එක

බබා පරිස්සමට Baby mat එකේ තියන්න. බබා කොයි වෙලෙත් දඟ කරන්නනෙ
බලන්නෙ. ඒ නිසා බබා දඟ කරනවා නම් සිංදුවක් කියලා නලවා ගන්න. නැත්තම් බබා
අාසම සෙල්ලම් බඩුව අතට දෙන්න. බබාව හිමීට සන්සුන් කර ගන්න.

පරණ නැපිය ගලවමු

මුලින්ම බබාට අන්දලා තියෙන නැපියේ Button එක හරි ගැටය හරි ලිහන්න. බබා
කක්කි දාලා නං නැපියේ ඉදිරිපස කොටසින් බබාව පිහිදාන්න. පස්සේ කක්කා එළියට
අැවිත් හැලෙන්නෙ නැතිවෙන්න නැපිය හොදට සීල් වෙන්න තියන්න.

දැන් මෙහෙම කරන්න

අලුත් නැපිය අන්දන්න කලින් බබාව හොදින් පිරිසිදු කරන්න ඕන. මුලින්ම එක අතකින්
බබාගේ කකුල් දෙකෙන් අල්ලලා ඉහළට ඔසවන්න. බබාගෙ කකුල් දෙක අතර ඔබේ
අැඟිලි තියා ගන්න.දැන් බබාගෙ තට්ටම් දෙක ඉහළට ඔසවලා ඔබට පැහැදිලිව පේන
විදියට ඉහළට කකුල් දෙකෙන් ඔසවන්න. බබාගෙ තට්ටම් දෙක මේ වෙලාවෙ Baby Mat
එකේ ගෑවෙන්න බෑ. දැන් Baby Whisper වලින් බබාව හොදින් පිහිදාන්න. එහෙම
නැත්තම් තෙත සිනිඳු රෙදි කැබැල්ලකින් හරි තෙත පුළුන් වලින් හරි පිහිදාන්න.හැම
වෙලාවෙම ඉදිරිපස ඉදන් පසුපසට පිහිදාන්න. බබාව පරිස්සමට තෙත මාත්තු කරන්න.
එහෙම නැත්තම් බබාව විනාඩි කිහිපයක් වේලෙන්න ඉඩ හරින්න.

නැපි රෑෂ් හැදෙයිද

බබා කොච්චර හොදට පිහි දැම්මත් නැපි රෑෂ් හැදෙන්න පුළුවන්. එ් නිසා බේබි ක්‍රීම්
ටිකක් ගාන්න. හැබැයි පවුඩර් නම් දාන්න එපා. මොකද වෛද්‍යවරු එ්ක අනුමත
කරන්නේ නෑ.

දැන් අලුත් නැපියක් අන්දවමු

බබාව කලින් වගේම කකුල් දෙක මැදින් ඉහළට ඔසවන්න. දැන් නැපිය බබාගෙ කකුල්
දෙක අතරින් දලා ඉදිරිපස කොටස නවන්න. බබාගෙ ඉන වටා අවශ්‍ය පමණට තදට
විතරන් නැපිය අලවන්න. නැපියේ ඉලාස්ටික් පටියෙන් ඔබේ අැගිලි 2 ක් දාන්න පුළුවන්
තරමට ලිහිල් වෙන්න ඕන. පෙකෙනි හිල/ බුරිය වැහෙන්න බබාට නැපිය අන්දන්න
එපා. බුරියට පහලින් හිටින විදියට නැපිය අන්දන්න.

අන්තිම ස්ටෙප් එක

අලුත් නැපිය අන්දලා ඉවර වුනාම බබාව Go Cart එකෙන් හරි කෝට් එකෙන් හරි
තියන්න. එහෙම නැත්තම් බිමට දෙපු Baby Mat එකෙන් බබාව තිබ්බත් කමක් නෑ. දැන්
බබාට සෙල්ලම් බඩුවක් දීලා සෙල්ලම් කරන්න දෙන්න. පාවිච්චි කරපු නැපිය සුදුසු පරිදි
ඉවත් කරන්න. මතක අැතුව ඔබේ දෑත් හොදින් සෝදන්න.

මෙන්න මෙහෙමයි බබාගේ නැපිය මාරු කරන්නේ. මේ විදිහට නැපි මාරු කරොත්
බබාට කිසිම අපහසුවක් දැනෙන්නේ නැහැ. ඔබටත් ඕන එච්චරයි නේ. හැබැයි මේ
වැඩේ කරන අතර කිසිම වෙලාවක බබාගෙන් ඈතට යන්න එපා. මොකද බබා රෝල්
වෙලා වැටෙන්න පුළුවන්. එහෙම නැත්තම් බබා සෙල්ලම් කරන සෙල්ලම් බඩුවකින්
හානියක් වෙන්න පුළුවන්. එ් නිසා හැම වෙලේම බබා ගැන අවධානයෙන් ඉන්න.
තත්පරේකට හරි ඔබේ අැහැ බබාගෙන් ඉවතට ගන්නවා නම් ඔබේ අතින් බබාව
අල්ලගෙන ඉන්න.

Like
Like Love Haha Wow Sad Angry

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *