බබා ඉපදුනාට පස්සේ තාත්තව බලා ගන්නේ කවුද?

Categories වැදගත් උපදෙස්Posted on
බබා ඉපදුනාට පස්සේ තාත්තව බලා ගන්නේ කවුද?
මාස නවයක් තිස්සේ ඔබ Husband එක්ක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න හීන දැක්කා. ඒ හීනේ ජීවත් වුනා. හැබැයි බබා ලැබුණම නොදැනුවත්වම අම්මා වැඩිපුර බබා ගැන හිතන්න පටන් ගන්නවා.. අන්න එතනදි මෙන්න මේ ප්‍රශ්නේ එන්න පුලුවන්.
“දැන් ඔයා මට වඩා බබාට ආදරේ වෙලා නේද. මං ගැන හොයන්නෙත් නැහැ”. බැරි වෙලාවත් ඔබේ Husband මෙහෙම කතාවක් කිවුවොත් හරි හැගෙවුවොත් හරි, ඒ කියන්නේ ඔබේ අතින් මොකක්ම හරි අතපසු වෙලා තියෙනවා. හරිනේ, ඔබට බබා හම්බවුණාට පස්සේ බබාගේ තාත්තා ගැන බලන්න බැරිවුණානේ. “එයාගේ මොනවා බලන්නද? එයා වැඩිහිටියෙක්නේ” කියලා ඔබ හිතුවට ඒක එහෙම නෙවෙයි. ඒ නිසා බබා ඉපදුනාට පස්සේ බබාගේ තාත්තා එක්ක ගණුදෙනු කරන්න ඕනේ මෙන්න මේ විදිහට.
01. මේ අපේ බබා
බබා ලැබුණු දවසේ ඉදලම ඔබ බබාගේ තාත්තට තේරුම් කරලා දෙන්න මේ මගේ වගේම ඔබෙත් බබා කියලා. ඒ නිසා අම්මා වගේම තාත්තත් බබාගේ ලග ඉන්න හැටි, බබාව හුරතල් කරන හැටි, බබාව වඩා ගන්න හැටි වගේම බබා එක්ක කතා කරන හැටි අම්මා තමයි තාත්තට කියලා දෙන්න ඕනේ.
2. ඉවසීමෙන් සැනසීම
ඔබ අම්මා කෙනෙක් වුණා වගේම ඔහුත් දැන් තාත්තා කෙනෙක් වෙලා. බබාට කිරි දෙන එක, බබා නලවන එක, බබා බලා ගන්න එක ඔබට අලුත් අත්දැකීමක්. ඒ වගේම දැන් සිද්ධ වෙන මේ හැමදේම ඔබේ Husband  ටත් අලුත් අත්දැකීමක්. ඒ නිසා මේ අලුත් ජීවිතේට හුරුවෙන්න ඔහුට ටික කාලයක් යයි. හැබැයි එතනදි ඔබට තමයි ඉවසන්න වෙන්නෙ.
03. ඔබේ කාලය ඔහුට දෙන්න.
උදේ නැගිට්ට වෙලේ ඉදලා රෑ වෙනකම් බබාගේ වැඩ. සමහර දවසට රෑ එලිවෙනකම්ම බබා ඇහැරිලා ඉදීවී. හැබැයි ඔය බබා බලා ගන්නවා වගේම මේ කාලෙදි බබාගේ තාත්තවත් ඔබ බලා ගන්න ඕනේ. ඔහුත් මේ කාලේ හිතන්නේ පතන්නේ චූටි බබෙක් වගේ. ඒ නිසා ඔබ ඔබේ Husband එක්ක හොද සම්බන්ධයක් මේ කාලෙදි පවත් වන්න ඕනේ. ඒකට කාලය Manage කරගන්න. අඩුම ගානේ දවසට පැය දෙකක්වත් Husband එක්ක තනියම කාලය ගත කරන්න.
04. අත් උදවුවට තියා ගන්න.
Common sense තමයි ඕනෙම තාත්තා කෙනෙක් ගාව තියෙන්න ඕනේ. හැබැයි ඒක තමයි මෙයා ලඟ අඩුවෙන්ම තියෙන්නෙත්. ඒ වගේම මේ දවස් වල ඔබේ හිත කියවන්නත් Husband ට බැහැ. ඒ නිසා ඔබට ඕනේ දේවල් ඉබේ වෙයි කියලා හිතන්න එපා. ඔහුගෙන් වෙන්න ඕනේ හැම දේම ඔබම කියන්න. අද බබාගේ වැඩ කරලා මහන්සි නං එයාට කියන්න අද කඩෙන් කමු කියලා. ඔබට wash එකක් දාගෙන එන්න ඕනේ නං එයාට කියන්න බබා ලගින් ටිකක් ඉන්න කියලා. හැබැයි ඒ හැමදේම හොදින් කියන්න ඕනේ හරිද?
මෙන්ම මේ Steps ටික හරියටම ඔලුවට දාගෙම වැඩ කරොත් බබාගේ තාත්තට කවදාවත් හිතෙන් එකක් නැහැ එයා දැන් තනිවෙලා කියලා.  ඒ වගේම මේ හින්දා බබාට තාත්තගේ ආදරේ වැඩියෙන් ලං වෙනවා කියලත් අමතක කරන්න එපා.
Like
Like Love Haha Wow Sad Angry

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *