බබා බොරු කිවුවට ගණන් ගන්න එපා. මෙන්න එතකොට ලැබෙන වාසි!

Categories වැදගත් උපදෙස්Posted on Format පින්තූරය
මේ Headline එක දැක්කම ඔබට හිතුනේ අපි බොරු කියනවා කියලා නේද? නෑ, මේ අලුත්ම සමීක්ෂණයකින් හෙලිවුණු ඇත්ත කතාවක්. හැබැයි තාම ලංකාවේ අම්මලා මේ ගැන දන්නේ නෑ. පිනෝකියෝ, කොටියා එනවෝ කියලා කෑ ගහපු ළමයා වගේ කතා වලින් අපි බබාට පුංචි කාලෙදිම කියලා දෙන්නේ බොරු කියන්න එපා කියලයි. ඒත් මේ සමීක්ෂණයෙන් හොයා ගෙන තියෙනවා බොරු කියනකොට බබාලගේ වර්ධනයට හොද බලපෑමක් ඇති වෙනවා කියලා. ඒ වගේම බොරු කියන එක බුධිමත් බබාලගේ  ලක්ෂනයක්ලු. අවුරුදු 2 ක් වෙද්දී ඕනෙම බබෙක්ට බොරුව ගැන තේරුමක් ඇති වෙනවා. ඒ නිසා ඔබේ බබා බොරුවක් කියලා අහුවුණොත් බය වෙන්න එපා, ඒක සාමාන්‍ය දෙයක්. මේ තියෙන්නේ බබාලා පොඩි කාලේ බොරු කියන එකෙන් ලැබෙන වාසි.
01. දක්ෂම බබාලා
බොරු නොකියන බබෙක් ඉන්නවනම් ඒ මේ ලෝකේ ඉන්න දක්ශම බබා. හැබැයි පොඩි කාලෙදි බොරු නොකියන බබාලා අර නොමළ ගෙයකින් අබ ඇටයක් හොයනවා වගේ දුර්ලභ දෙයක්. ඒ නිසා බබා බොරු කිවුවට ගණන් ගන්න එපා.
02. මොලකාරයෙක්
බබාලා බොරු කියන්න කියන්න එයාලාගේ හිතීමේ හැකියාව හරි ඉක්මනට වැඩි වෙනවා. මේ හින්දා පොඩි කාලෙම බබාගේ මොලය උපරිමව ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා බොරු කියන බබාලගේ වාචික IQ අගය ගොඩාක් වැඩී.
03. හිත එක තැන
ලොකු පොඩි කියලා භේදයක් නෑ අපේ හිත හැම තැනම දුවනවා. එක තැනක තියාගෙන එක වැඩක් සෑහෙන්න වෙලා කරන්න අමාරුයි. හැබැයි බොරු කියන බබාලට පුලුවන් හිත එක තැනක තියාගෙන මොකක් හෝ කාරණාවක් එක දිගට කරගෙන යන්න. එහෙම පුරුදු වෙන බබාලට ලොකු වුණාම ඕනෙම දුශ්කර වැඩක් කරන්න පුලුවන් හැකියාව වැඩි දියුණු වෙනවා.
04. ක්‍රියාශීලි
පොඩි කාලෙදි බබාලා එහෙට දුවනවා, මෙහෙට දුවනවා, උඩ පනිනවා, බිම වැටෙනවා. හරීම ක්‍රියාශීලියි. ඒ ක්‍රියාශීලි බව වැඩි වෙන්නත් බොරු කියන එක හේතුවක් කියලා ඔබ දන්නවද?
05. කේන්ති ගියොත්

බොරු කි‍යනකොට බබාලට තවත් හැකියාවක් වැඩි දියුණු වෙනවා. ඒ තමයි කේන්තිය පාලනය කරගැනීමේ හැකියාව. කොහොමද ඒක.
06. හිත කියවීම
බොරු කියනකොට බබාලට ලැබෙන දේවල් අතර වටිනාම දේ තමයි මේ. අනිත් අයව, අනිත් අයගේ හිතේ තියෙන දේවල් තේරුම් ගැනීමේ හැකියාව. මේ නිසා ඔබේ බබා අනිත් බබාලා අතර කැපිලා පෙනේවි.
දැන් තේරෙනවා නේද බොරු කියන එකෙන් බබාලට කොච්චර දේවල් ලැබෙනවද කියලා. ඒ නිසා අවුරුදු 5ක් 6ක් විතර යනකං බබාලා බොරු කියනකොට ඒකට දඩුවම් කරන්න එපා. සද්ද නැතුව ඉන්න. මොකද බොරුවක් කිවුවට බබා දන්නවා ඒක බොරුවක් කියලා. ඒ වගේම බබා ඉගෙනුමෙන්, ක්‍රීඩාවෙන් වගේම මේ සමාජයේ ගහක් වගේ උඩට වැඩෙන්නත් මේ බොරුව උදවු වෙනවා. හැබැයි එහෙමයි කියලා ඔබ බබාට බොරු කියන්න උගන්නන්න යන්න එපා හොඳේ.
Like
Like Love Haha Wow Sad Angry
4

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *