මුලු ලොවක්ම ආදරය කරන මේ බබා කවුද?

Categories තරු දරුවෝPosted on
අද අපි ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරන්න හිතුවා. මේත් බබාලා ගැන තමයි. ඒත් මේ ලිපිය වෙන් වෙන්නේ ටිකක් සුවිශේෂි පොඩ්ඩෙක් ගැන. කලින් කලට ලොව වටින් එක එක පොඩ්ඩෝ ගැන ආරන්චි වෙනවා. එයාලා ලෝක ප්‍රසිද්ධ වෙන්නේ එක රැයකින්. උදාහරණයක් වශයෙන් අපිට බ්‍රිතාන්‍ය කිරුළ හිමි විලියම් කුමරුගේ දරුවන් වන ජොර්ජ් කුමරු සහ චාර්ලට් කුමරිය හදුන්වන්න පුලුවන්. සමහර දෙමාපියන් තමන්ගේ දරුවන්ව ඒ හා සමාන විලාසිතා වලින්  හැඩ කරන්න පවා පටන් ගත්තා.
මේ කියන්න යන්නේ අපේ අසල්වැසි රටෙන් එහෙම ලෝක ප්‍රසිද්ධ වුනු බබෙක් ගැන. ඒ අපි කවුරුත් දන්න බොලිවුඩ් නලු සායිෆ් අලි කාන් සහ කරීනා කපූර් දෙපලගේ කුළුදුල් දරුවා වන තේමූර් අලි කාන්. කරීනා කපූර් ගැබ් ගත් දිනයේ පටන්ම වෙනත් බොලිවුඩ් නිලියන්ට වඩා ආකර්ෂණයක් දිනා ගෙන සිටියා. ඇය වෙනත් නිළියන් වගේ නිවසට වී සිටියේ නෑ. ඇය අවසාන මාස 8 දී පවා මෝස්තර නිරූපණය කලා. චිත්‍රපටවලට ර0ගනයෙන් දායක වුනා.
පැපරාසි කරුවන් කරීනා යන එන තැන් එකක්වත් මග හැරියේ නෑ. බොහො දෙනෙක් කරීනා දරුවා ප්‍රසූත කරන තුරු බලන් හිටියේ ඉතා නොඉවසිල්ලෙන්.
තේමූර් මොලොව එළිය දුටුවේ 2016 දෙසැම්බර් මස 20 වෙනිදායි. එදින කරීනා නැවතී සිටි රෝහල වන බ්‍රීච් කැන්ඩි රෝහල අවට පැවතියේ උණුසුම් තත්වයක්. නමුත් පැපරාසි කරුවන් සූක්ෂම ලෙස මගහැර රෝහලෙන් පිටවෙන්න කරීනා ඇතුලු පිරිවර කටයුතු කරා. නමුත් සායිෆ් කරීනා නිවස අසල සිටි පැපරාසින්ව නම් මගහරින්නට ඔවුන්ට හැකිවුනේ නෑ. ඒ අනුව ප්‍රථම වරට මාධ්‍යට සායිෆ් කරීනා තම දරුවා සමග පෙනී සිට නැවතත් අන්තර්ජාලය උණුසුම් කලා.
එමෙන්ම ඉන්දියානුවන් තේමූර් කියන නම දරුවාට තැබීම ගැන උද්ඝෝෂණ පවා පැවැත්වූවා. ඒ තීමූර් යනු 14 වන සියවසේ සිටි දරුණු පාලකයෙකු වීමයි. ඉන්දියානුවන් දසදහස් ගණනක් අමු අමුවේ මරා දැමූ තීමූර්ගේ නමට තේමූර් සමාන නිසා මේ ගැටලුව පැන නැගුනා. නමුත් සායිෆ් සහ කරීනා එක හෙලා ප්‍රකාශ කලේ තමන් තම දරුවාගේ නම වෙනස් නොකරන බවයි.
තේමූර් අලි කාන් පටාවුඩ් මේ තරම් ජනප්‍රිය වෙන්න හේතුව ඔහුගේ අලOකාර නිල් දෙනෙත් කියලයි බොහොදෙනා පවසන්නේ. මේ තරම් ඉන්දියාව ඇතුලු ලොවම කැලඹු තේමූර් දිනෙන් දිනා කාගෙත් අවධානයට ලක් වුනා. නිල් දෙනෙත් කලු දුඹුරු හිසකෙස් සහ සුරතල් මූන ඡායාරූප ගතකරන්න පැපරාසින් තේමූර් යන එන තැන මග රැක සිටින්නේ නිදි වරාගෙන.
මේ තරම් කා අතරත් කුඩා අවධියෙන්ම ලොව නන්දෙසින් ආදරය දිනා සිටින තේමූර් අලි කාන් බොලිවුඩ් ලොව පෙරළිකාරයෙක් වනබව සනාත වී හමාරයි.
Like
Like Love Haha Wow Sad Angry
42

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *