ගර්භණී සමයේදී වැලකී සිටිය යුතුම ආහාරපාන ගැන ඔබ දැනුවත්ද?

Categories ගර්භණී සමයPosted on
සමබල ආහාර වේලක් අනුගමනය කිරීම ජීවිතයේ කොයි අවධියේදිත් අවශ්‍ය දෙයක්. නමුත් ඔබ දරුවෙක් බලාපොරොත්තුවෙන් පසුවෙන ගර්භණී මවක් නම් මේ ගැන කාටත් වඩා සැළකිලිමත් විය යුතුයි.
 
විටමින්, යකඩ වැනි පෝෂ්‍ය පදාර්ථ වලින් සපිරුණු ආහාර වේලක් ඔබ ආහාරයට ගැනීම මගින් ඔබේ කුස තුළ වැඩෙන දරුවාට නිරෝගීව වැඩීමට රුකුල් දෙනවා. නමුත් මේ අතරතුර ඔබටත් බබාටත් අහිතකර ආහාර ගැන සොයා බැලුවාද? Raisingchildren.lk අපි මේ ගැන කතා කරන්න හිතුවේ ඔබ වගේම ඔබෙ දරුවා නීරෝගීව මෙලොව එළිය දකින එක අපෙත් එකම පැතුම නිසයි.
1. පිළියෙල නොකළ මස් – 
අවන්හල් වලදී මස් සකසන අයුරු ක්‍රම කිහිපයක් තිබෙනවා. අමු, මදක් පිසු, හොදින් පිසු වැනි ක්‍රම. අමු මස් මගින් ශරීරයට ඇතුලු විය හැකි බැක්ටිරීයා වර්ග බොහෝමයක් තිබෙනවා. ඒ නිසා මෙවැනි ආහාර වලින් අත් වීම සහ නිවෙසෙදී පවා මස් හොදින් තම්බා අනුභව කරන එක හොදයි. ඒත් එක්කම හැම් වර්ග, මීට් බෝල්ස් වර්ග, සොසේජස් වර්ගත් මේ අහිතකර කාණ්ඩයට අයත් වෙනවා.
2. රසදිය සහිත මාලු වර්ග –
මලට් වර්ගයේ මාලු, ගල් මාලු, තලපත් වැනි මාලු වල රසදිය වැඩි වශයෙන් ඇති අතර මෙමගින් බබාගේ මොළයේ වර්ධනයට හානි කරන්න පුලුවන් කියලා හොයාගෙන තියෙනවා.
3. ආයතන වායු දූෂණයට ලක් වන මාලු
මේ කතා කරන්නේ කරෝල වර්ග, උම්බලකඩ වැනි ආහාර ගැන. මේවා දින ගනන් විවෘත ස්ථාන වල වේලන අතර පිරිසුදු කම ගැන නම් අපිට සහතික වෙන්න බෑ.
4. අමු බිත්තර –
අමු බිත්තර නම් නිතරම වාගේ ආහාරයට ගැනෙනවා. කස්ටර්ඩ් පුඩින් වලට, ගෙදරදී සාදාගන්නා අයිස්ක්‍රීම් වලට, මැයෝනිස් සෝස් වලට අමු බිත්තර යොදා ගැනීම සිදු කරනවා. නමුත් අමු බිත්තර වල සැල්මොනෙල්ලා යන ක්ෂුද්‍රවි විශේෂයක් සිටිනවා. මෙය ගර්භණී ඔබට නම් අවදානම් බව අපි කිව යුතුයි.
5. සොෆ්ට් චීස් වර්ග සහ පාස්චරිත නොකළ කිරි වර්ග –
               
මේ චීස් වර්ග සාදන්නේ පාස්චරිත නොකල කිරි වලින්. පාස්චරිත නොකල කිරි වල ලිස්ටෙරියා යන ක්ෂුද්‍රවි විශේෂයක් සිටිනවා. එය ශරීරයට අහිතකරයි.
6. කැෆේන් – 
කැෆේන් බොහෝ දෙනාගේ ප්‍රියතම පානයක් වුනාට ගර්භණී සමයේදී නම් කැෆේන් අහිතකරයි කියලයි වෛද්‍යවරු පවසන්නේ. ගර්භණී මුල් මාස තුනේදී කැෆේන් සහිත දියර වර්ග පානය මගින් ගබ්සා වීම පවා සිදු විය හැකි බවද ඔවුන් පවසනවා.
මීට අමතරව මත්පැන්, දුම් පානය වගේ දේවල් නම් කොහෙත්ම හිතකර නෑ. කෙසේ නමුත් අපි මේ කතා කර ආහාරපාන වලින් වැලකී සිටීම මගින් ඔබේ දරුවා කුස තුල සුවපත් ලෙස වර්ධනය වෙලා නීරෝගී පැටියෙක් වී මෙළොව එලිය දකිනවා. අපි හැමෝගෙම ප්‍රාර්ථනාව ඒකයි.
Like
Like Love Haha Wow Sad Angry

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *