හිරිමල් යෞවනයට පා තබන දරුවන් ඔබට සිටිනවාද? එහෙනම් මේ ලිපිය ඔබ වෙනුවෙන්මයි!

Categories හිරිමල් යෞවනයPosted on
ඔබේ උකුල මත සෙල්ලම් කෙරු බබා කනට කර රහස් කොදුරන ඒ කාලය පසු කර හිටිහැටියේ ඒවා ගිලිහී ගොස් ඔබව ටිකක් මගහරින අයුරු ඔබට දකින්නට ලැබෙනවද? පූර්ව ස0වර්ධනයට පා තබන දරුවෙකුගෙන් මෙවැනි හැසිරීම දකින්නට පුලුවන්. හේතුව ඔහු ශාරීරිකව මානසිකව හැගීම් තුළින් සහ ස0ජානනව වෙනස් වීමට පටන් ගන්නා නිසා. ඔහු යම් කිසි දුරකට දෙමාපියන්ව ඈත් කරන්නේ ඔහුට හිටිහැටියේ දැනෙන්නට පටන් ගන්නා ස්වාධීන වීමට ඇති කැමැත්ත නිසයි.
මේ අවධියේදී දරුවා මගහරින්නට තැත් කරන මේ දෙමාපිය බැදීම දරුවාට අවශ්‍ය වන්නේම මේ කාලයේ බව ඔහු නොදනී. අම්මාගේ ආදරයට තාත්තාගේ රැකවරණයට හිරිමල් යෞවනයේදී මුහුණ දිය හැකි බොහෝ ගැටලු වලින් දරුවාව බේරාගන්නට පුලුවන්. නමුත් අම්මලා මෙහීදී දරුවාගේ වෙනස් වීම නිරීක්ෂණය කර ඔහුට අවශ්‍ය කරන වටපිටාවක් සකසා හොද මිතුරෙකුගේ ලෙසින් ඔහු වෙතට ල0 විය යුතුයි.
අපි පහතින් සාකච්ඡා කරන්නේ ඒ සදහා ඔබට කරන්න පුලුවන් හොදම කරුණු 5යි.
1. දරුවා මේ අවධියේදී මව්පියන්ට වඩා මිතුරන් අතර ගැවසෙන්නට උත්සාහ කරන එක සාමන්‍ය දෙයක්. මොකද ඔහුට මිත්‍රයන් සමග තම අදහස් බෙදාගැනීම පහසු නිසා. ඒ ගැන වද වෙන්නවත් ඊට හරස් කපන්නවත් එපා. ඔබ කල යුත්තේ ඇසුරු කරන මිතුරන් ගැන සෝදිසියෙන් සිටීමයි. දරුවා ඔබෙන් දේවල් හ0ගනවා කියලා ඔහුගේ පොද්ගලිකත්වය නැති කිරීම, යහලුවන් ඇසුරු කිරීමට නොදීම වගේ දේවල් නම් කරන්න යන්න එපා.

2. ඔහුගේ පෞද්ගලිකත්වය රැකගෙන මේ ස0ක්‍රාන්ති සමය ගැන කතා කිරීම, ඔහු ඒ ගැන හිතන දේ, ශාරීරික වෙනස් වීම් ගැන දරුවා සමග කතා කරන්න. දරුවාගේ තත්ත්වය ඔබ දන්නා බව හගවන්න හගවන්න දරුවා ඔබට විවෘත වෙන්නට පටන් ගන්නවා.

3. දරුවා වැඩෙන විට අපි කුඩා කාලයේ අහපු ‘අද ඉස්කෝලෙ මොකද වුනේ, කෑම ඔක්කොම කෑවද, යාලුවො මොකද කිව්වෙ’ වගේ ප්‍රශ්න අහන්න බෑ. එතකොට අපි කතා කරපු දරුවාගේ ස්වාධීනත්වට හානි වෙනවා. අපි කතා කරපු දෙවෙනි කරුණ වන විවෘත වීම ඔබ සාර්ථකව සිදු කරනවානම් ඔහුම ඔබ වෙතට ඇවිත් ඔහුගේ ගෙවුණු දවස ගැන කතා කරයි.
4. වැඩි විනිශ්චය නම් හොද නෑ. ඔබ ඔබේ නෑදෑ දරුවන් අසල්වැසි දරුවන් විනිශ්චය කරන අයුරු ඔබේ දරුවා අධ්‍යනය කරනවා. ඔහු එතකොට ඔබ ඔහුව විනිශ්චය කරන අයුරු සිතා ඔබගෙන් කරුණු සගවන්නට උත්සාහ කරනවා. ටිකක් සිතා බලා කටයුතු කරන්න කියන්නේ ඒකයි.
5. ඔබේ ගැහැණු දරුවාව මේ අවදියේදී ක්‍රීඩා සදහා යොමු කිරීම නුවණැති ක්‍රියාවක්. මෙමගින් ඇයගේ ආත්ම ශක්තිය ඇති වෙනවා, ජීවිතයේ මුහුණ දෙන අභියෝග වලට හැකි වෙනවා. ඒත් එක්කම පිරිමි දරුවෙක් නම් ඔහුගේ හැගීම් පිට කිරීම ඔහුට උදවු වෙන්න. යෞවනයට පා තබන පිරිමි දරුවන් හැගීම්, ස0වේදී වීම් ගැහැණු ගතියක් කියලා ඒවා වලින් බැහර වෙන්න උත්සාහ කරනවා. හැගීම්, මනුස්සකම් ගිලිහී ගියොත්  ඔබේ දරුවාගේ ජීවිතය නරක අතට හැරෙන්නෙ තියෙන ඉඩ කඩ වැඩි.
නිවැරදි සමබර තාවය මගින් ඔබට ඔබේ දරුවාව නිසිමගට ගෙන මිතුරෙක් ලෙස ඔහුට ඉදිරියට යාමට තල්ලුවක් දීම අපහසු වෙන්නෙ නෑ. වැරදීම් වෙන්න පුලුවන් ඔබගෙනුත් ඔබේ දරුවාගෙනුත්. නමුත් සාකච්ඡා මගින්, තේරුම් ගැනීම මගින්, ආදරය තුලින් මේ වැරදි හදා ගන්න පුලුවන්.
ඔබ ඔවුන් තුල විශ්වාසයක් ගොඩනැගුවොත් ඒ හිරිමල් යෞවන ලෝකය තුල සිදුවෙන ඕනෑම ප්‍රශ්නයකදී ඔවුන් ඔබ වෙතට එන එක ස්ථීරයි.
Like
Like Love Haha Wow Sad Angry

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *