අලුත උපන් බබා සමග ඔබ නොකළම යුතු දේවල් 6 මෙතනින්!

Categories වැදගත් උපදෙස්Posted on
පෙරුම් පුරාගෙන බලා සිටි ඒ මොහොත උදාවෙලා. ඔබේ කිරිකැටියා මෙළොවට බිහිවුනා. ‘දැන් ඉතින් මෙහෙම කරන්න, ඕක කරන්න එපා මේක කරන්න’ දන්න නොදන්න හැමෝම දෙන උපදෙස් අම්මගේ කන් දෙකේ පිරිලා ඇති. ඒත් ඇත්තම කියන්නේ කවුද? හැමදාම වගේ නියම තොරතුරු කෙටියෙන් ඔබ වෙත ගෙන එන Raisingchildren.lk අපි අලුත උපන් බබා එක්ක නොකළම යුතු දේවල් 6 මෙලෙස පෙළගස්වන්නම්.
1. බබාව සිප ගන්න එක –
මෙය කළ නොහැකි වුවත් කළ යුතුම දෙයක්. විශේෂයෙන්ම අම්මා තාත්තා නොවන අය බබාව සිප ගැනීමෙන් වැළකී සිටිය යුතුයි. මොකද කියනවනම් බබා ඉපදී මුල් සති කිහිපය තුළ බබාට බැක්ටීරියා සමග සටන් කරන්න කොහෙත්ම ශක්තියක් නෑ. සිපගැනීම් මගින් බැක්ටීරියා ආසාදනය වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඒ නිසා මොකක් හරි කරලා පිට අයට බබාව සිප ගන්න නොදී තියන්නම වෙනවා.
2. නිවසේ තත්වය වෙනස් කිරීම –
මෙය යම්තාක් දුරකට වෙනස් වෙන්න පුලුවන්. උදාහරණයක් වශයෙන් ගෙදර සුරතල් බල්ලන් සහ පූසන් ඉන්නවනම් බබාගෙන් මුල් මාස කිහිපය තුල ඈත් කරල තියන එක හොදයි. නමුත් ඔබ නිවසේ අන් අයට කරදරයක් වෙන විදිහට වෙනස් වෙන්න යනවානම් ඒක අනවශ්‍ය දෙයක්. උදාහරණයක් ලෙස නිවසේ හැමෝටම බබා නින්දට යන විට නිශ්ශබ්ද වන ලෙස ඉල්ලීම වගේ දේවල්. නිවසේ තත්වයට බබා හුරුවෙන්න ඕනි. ඒ නිසා අනවශ්‍ය ලෙස වෙනස් කරන්න යන්න එපා.
3. ඩයපර්ස් බොහෝ වේලාවක් අස් නොකිරීම –
මේක කවුරුත් දන්න ඒ වගේම වැදගත් දෙයක්. අලුත උපන් බබාලා මාස 6 ක බබෙකුටත් වඩා වැඩි වාර ගණනක් චූ කරනවා. මින් අදහස් කරන්නේ අලුත උපන් ඔබේ බබාගේ ඩයපර්ස් වැඩි වාර ගණනකින් අස් කල යුතු බවයි. මෙමගින් ඔබට ඩයපර්ස් වැඩි වෙලාවක් තිබීම නිසා බබාගේ සිරුරේ ඇති වෙන දද වලින් පවා ආරක්ෂා කරගන්නට පුලුවන්.
4. සූප්පුවක් දැන්මම එපා –
ඔබේ පැටියාට හොදම ඔබේ මව් කිරි. ඒත් එක්කම දත් නැති ඔබගේ කිරිකැටියාගේ කට සකස් වෙලා තියෙන්නෙ උරන්න. ඒ සදහා හොදම අම්මාගේ තන පුඩුව. අලුත උපන් ඔබේ  බබාට ඒ සමග ලැබෙන අම්මාගේ සුවද, උනුසුම මේ කිසිවක් සූප්පුවකින් ලැබෙන්නේ නැ. ඒ නිසා සූප්පු සූදානම් කරන්න හදිසි වෙන්න එපා.
5. ගොඩක් වුනාමත් කරදරයි –
බබාට උණුසුම අවශ්‍යයි. එහෙමයි කියලා ඇදුම් ගොඩාක් අන්දන එක නිසා බබාට අනවශ්‍ය විදිහට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. අධික ලෙස දහඩිය දැමීම, සිරුරේ රස්නය පිට නොවීම වගේ කරුණු නිසා බබා අසනීප වෙන්න පුලුවන්.
6. ක්ලිනික් අනිවාර්යයි –
වැස්සත් සැර අව්වෙ වුනත් කිසිම මොහොතක වෙද නිලධාරීන් හමුවීම හෝ ක්ලිනික් අතපසු වීම නම් කරන්නම එපා.  ඔබ අලුත් දෙමව්පියන් නිසා බබා කරන ඉතා සාමාන්‍ය දේකට පවා ඔබ නිකම් බය වෙනවා ඇති. ඒ නිසා ඔබට ලබා දී ඇති දිනයට ගොස් ඒ ගැන කියා උපදෙස් ගැනීම නුවණට හුරුයි.
Like
Like Love Haha Wow Sad Angry
1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *