හොඳ තාත්තෙක් වෙන්නේ මෙහෙමයි.

Categories වැදගත් උපදෙස්Posted on
අම්මා කෙනෙක් වගේම තමයි තාත්තා කෙනෙක් වෙනවා කියන එකත්ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. අම්මාට වගේම තාත්තාටත් ලොකු වගකීමක් කර උඩට වැටෙනවා. ඉතිං බබාව පරිස්සම් කරගන්න, බබාගේ සෞඛ්‍ය ගැන බලන්න තාත්තලත් පුරුදු වෙන්න ඕන. අලුත් තාත්තා කෙනෙක් නම් ඉතිං මේ දේවල් එච්චර හුරු නෑ. හැබැයි ඔබ බය වෙන්න එපා. මේ සටහන ඉවර වෙනකන්කියෙවුව නං හොඳ තාත්තා කෙනෙක් වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න පුළුවන්.
01. බබා ළඟම ඉන්න
බබා චූටි කාලේ ඉඳගෙනම එයා ළඟින් ඉන්න. වැඩත් එක්ක හැමවෙලේම බබා ළඟ ඉන්න අමාරුයි තමයි. එ්ත් ලැබෙන හැම වෙලේම බබා එක්ක ඉන්න පුළුවන් නම් ඒක ඔබේ පිය පදවියට හොඳයි. බබා එක්ක සෙල්ලම් කරන්න. බබා නිදාගෙන ඉන්නවා බලාගෙන ඉන්න. අවුරුදු ගානකට පස්සේ හැරිලා බැලුවම තේරේවි එ් වැය කරපු කාලය අපතේ ගිහින් නෑ කියලා.

 

02. බබා අඬනවද?

බබාලා හැම තිස්සෙම අඬනවා. එ්ක පොඩි අයගෙ හැටි. අම්මා, බබාව තාත්තාට බලාගන්න කියලා බාර දීලා ගිහින්ද? අනිත් වඩාත් ගොඩ ගැහිලා නේද?
ඇත්තටම කිවුවොත් එහෙම වෙලාවක බබා අඬද්දි හිත ටිකක් කලබල වෙනවා තමයි. මුලින්ම බලන්නකො බබා අාරක්ෂිතව ඉන්නවද කියලා. දැන් හොඳට අවකාශය තියෙන එළිමහනකට එන්න. හොඳ හුස්මක් අරන් සන්සුන් වෙන්න. දැන් බබා ළඟට යන්න. එතකොට කරන්න ඕනේ මොනවද කියලා ඔබට තේරෙයි.
03. බබා එක්ක ගමන් බිමන්
ඔබ ගමන් බිමන් යද්දි බබාව අම්මටම බලා ගන්න දීලා යන්න එපා. බබාවත් එක්ක ගෙන යන්න. එතකොට ගමන් බිමන් යන්න බබා පුරුදු වේවි. අනික බබා ඔබට තවත් ලං වේවි. එ් විතරක් නෙවෙයි බබෙක් එක්ක යන තාත්තෙක්ට අනිත් අයගෙ අවධානයත් වැඩිපුර ලැබෙනවා. “අර බලන්නකො කොච්චර හොඳ තාත්තා කෙනෙක්ද” මේ විදියට වටේ අය කියන්නේ නැද්ද බලන්නකො. ඒක ඔබේ මානසික සුවයට ගොඩාක් වැදගත්.
04. අම්මටත් උදව් කරන්න.
පුංචි බබෙක් ඉන්නවා කියන්නේ අම්මට වැඩ කෝටියයි. බබාගේ කෑම හදන්න, බබාගෙ නැපි මාරු කරන්න, බබා සෝදන්න, ගෙදර වැඩ කරන්න රටේ නැති වැඩ. ඉතිං අම්මා ඉන්නෙත් ලොකු පීඩනයක. එ් නිසා පුළුවන් හැම වෙලේම ඔබ ඔබේ සහකාරිය ගැනත් හොයලා බලන්න. ඇය කෑවද කියලා හොයලා බලන්න. කාලා නැත්තං “ගිහිං කන්න” කියන්නේ නැතුව, කෑම එකක් බෙදාගෙන ඇවිත් කවන්න. “ඔයා වැඩ ටික කර ගන්න මම බබා ටිකක් බලා ගන්නම්” කියන්න. එතකොට ඇයට ඔබ ගැන තියෙන අාදරයත් තව වැඩි වේවි.
05. Office එක ගෙදර ගෙන්න එපා
 
සමහර වෙලාවට ඔබ Office එකේ වැඩ ගෙදර අරං එනවා. හැබැයි බබා හම්බවුනාට පස්සේ ඒවා ගෙදර ගෙන්න එපා. මොකද එතකොට ඉබේම ඔබට බබා එක්ක කාලය ගත කරන්න අමතක වෙනවා.
06. උපදෙස් ගන්න.
Office එකේ ඕන තරම් ලොකු බබලා ඉන්න තාත්තලා ඔබේ යාලුවෝ වෙන්න ඇති. විවේක වෙලාවට එයාලත් එක්ක කතා බහ කරන්න. බබාලා ගැන එයාලාට තියෙන අත්දැකීම් කතා කරන්න. එයාලාගෙ අත්දැකීම් වලින් හොඳ තාත්තා කෙනෙක් වෙන විදිය ඔබට ඉගෙන ගන්න පුළුවන්.
07. ඔබ වෙනුවෙන් ඔබ
දැන් ඔබ තාත්තා කෙනෙක්. ඒ නිසා වෙනදට වඩා සැලකිල්ලෙන් තමන් ගැන බලන්න. මොකද ඔබ නීරෝගීව ඉන්න තරමට තමයි බබත් නිරෝගී වෙන්නෙ. ඔබේ ආරක්ෂාව, පිරිසිදුකම ගැන වෙනදටත් වඩා සැලකිලිමත් වෙන්න. මොකද බබාට දෙන්න පුළුවන් හොඳම තෑග්ග තමයි නීරෝගී තාත්තා කෙනෙක්.
අම්මා කෙනෙක් වෙන එක වගේම හොඳ තාත්තා කෙනෙක් වෙන එකත් සෙල්ලමක් නෙවෙයි. සමහර විට දැන් ඔබට තේරෙනවා ඇති වචන වලින් නොකිවුවට ඔබේ බිරිඳ බබා වෙනුවෙන් කරන කැප කිරීමේ මහත. ඒ වගේම සමහර විට ඔබේ බිරිඳට වැඩ ගොඩාක් කරන්න තියෙන නිසා ඔබේ වැඩ අතපසු වෙයි. කේන්ති ගන්නේ නැතුව ඒවා ඉවසල ඉන්න ඕනේ මේ කාලේදී. ඉතින් මේ කියන විදිහට ඔබට වැඩ කරන්න පුළුවන් නං බබාගේ ආදරේ දිනාගෙන හොඳ තාත්ත කෙනෙක් වෙන එක මහා ලොකු අමාරු වැඩකුත් නෙවෙයි.
Like
Like Love Haha Wow Sad Angry

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *