දරුවෙකුට ඇති විය හැකි ශාරීරික දුබලතා ගැන දැනුවත්ද?

Categories මුල් ළමා අවධියPosted on
ශාරීරික දුබලතා තියෙනවා කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුට තම ශරීරයෙන් කළ හැකි සමහර දේ කිරීමට ඇති අපහසුවයි. ආබාධය ශාරීරිකව වෙන්න පුලුවන්. පෙනීම හෝ ඇසීම වැනි සංවේදනා හෝ  පැහැදිලිව සිතීමට නොහැකියාව මානසික සෞඛ්යය සම්බන්ධ වෙන්නත් පුලුවන්.
ආබාධ ටිකක් සුලබයි, පෙර පාසල් දරුවන් 20 දෙනෙකුගෙන් එක් අයකුට ආබාධ පිහිටන බව සමීක්ෂණ වලින් හොයගෙන තියෙනවා. ආබාධ වර්ග කිහිපයක් තිබෙනවා. දරුවන් උපදිනවත් සමගම ආබාධ ඇතිවෙන, එ වගේම දරුවන් වර්ධනය වනවාත් සමගම ඇතිවෙන ආබාධද පවතිනවා.
ළමා කාලයේ දී ආබාධිත සහිත බබෙකුට ශාරීරික, මානසික හා චිත්තවේගාත්මක සෞඛ්‍යට මෙන්ම ඔවුන්ගේ සමාජ තත්වය කෙරෙහි දිගු කාලීන බලපෑමක් ඇතිවිය හැකිය. විශේෂයෙන්ම සෞඛ්‍ය හා අධ්‍යාපනය සම්බන්ධයෙන් විශේෂ ආබාධ සහිත දරුවන්ට විශේෂ සැලකිල්ලක් ලබා දිය යුතුයි
සංජානිත ආබාධ – උපතින්ම ලද ආබාධ
සංජානිත ආබාධයක් යනු ප්‍රවේණි ගත තත්වයක් නිසා හෝ උපතින්ම ඇති වන ගැටළු නිසා හට ගත හැකි ආබාධයි. මේ කාණ්ඩයේ සුලබව දැකිය හැකි ආබාධ වන්නේ.
intellectual disability –

බුද්ධිමය ආබාධිතභාවය – දරුවෙකුට නව නිපුණතාවයන් ගැන සිතීමටත්, සංවර්ධනය කිරීමටත් අඩු හැකියාවක් ඇති වෙයි.

Down Syndrome –

ඩවුන් සින්ඩ්‍රොම් – බුද්ධිමය ආබාධ ඇතිවන පොදු ප්‍රවේණික රෝගයකි
cerebral palsy –
මොලයේ ව්‍යාකූලත්වය – ශාරීරික ආබාධයකි. ඔවුන්ගේ ශරීරය චලනය වන ආකාරය පාලනය කිරීමට දරුවාට අපහසු වේ.
Fragile X syndrome  –
සෙලවෙන X සින්ඩ්‍රොම් – බුද්ධිමය ආබාධ සහ ඉගෙනීමේ සහ හැසිරීමේ ගැටළු ඇති කරන තත්වයකි.
ඕටිසම් තත්වයන් –  දරුවන් ලක්ෂයකගෙන් ඔටිසම් අබාධය දරුවන් 100 කට ආසන්න සංඛ්‍යාවකට බලපාන්න පුලුවන්. . මීට හේතු මුලුමනින්ම හොයාගෙන නොමැතිවුනත් ඔටිසම් යන ආබාධය ජානමය සාධකවලට සම්බන්ධ වී ඇත.
දරුවන් වර්ධනය වන කාලයේ ඇති විය හැකි ආබාධ – 
සමහර ආබාධ දරුවාගේ පසු වර්ධනය වේ. හෘද රෝග, හෘද තත්වයන් සහ රුධිරය, හෝමෝන ආබාධ මෙ කාණ්ඩයට ඇතුළත් වේ. මෙම ගැටලු ඉක්මනින්ම සොයා ගැනීමෙන් පසුව වඩාත් බරපතළ භෞතික, බුද්ධිමය, දෘෂ්‍ය හෝ ශ්‍රවණාබාධ ආබාධ ඇති වීම වළක්වා ගත හැකිය.
මේ ආබාධ බොහොමයක් මුල් කාලයේම හදුනා ගත්තාම සුවකරන්න පහසු බව වෛද්‍යවරුන්ගේ මතයයි
තව මාපියන් බය වෙන කරුණක් තමයි සංවර්ධනයේ පහුවෙන දරුවන්. මෙයින් අදහස් කරන්නේ නෑ ඔවුන්ට ආබාධිත තත්ත්වයක් පවතිනවා කියලා.
සෑම දරුවෙක්ම එකම අනුපාතිකයකින් වර්ධනය නොවන නිසා, සමහර දරුවන්ට අනිත් අයට වඩා දිගු කාලයක් ගත වෙනවා. සංවර්ධන ප්‍රමාදයන් කෙටි හෝ දිගු කාලීන විය හැකි අතර ඔබේ දරුවාගේ සංවර්ධනයෙහි ඕනෑම කාලයකදී සිදුවිය හැකිය.
අපි ඉහතින් පැවසුවේ බහුලව දැකිය හැකි දුබලතා. මේවා ගැන සැලකිලිමත් වී සිටීම අපතේ නොයන නිසයි අපි මේවා ඔබට කියන්න හිතුවේ. ඔබේ දරුවා නීරෝගීව වැඩීම අපේ පැතුමයි.
Like
Like Love Haha Wow Sad Angry

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *