බබාලගේ රණ්ඩු වල ඉවරයක් නැද්ද? මෙන්න නියම විසදුම!

Categories ළමා අවධියPosted on
ගෙයක් වුනහම පොඩ්ඩක් දගලන බබාල ඉන්න ඕනි. එතකොට සිරියාවන්තයිලු. ඒත් දැගලිල්ලට එහා ගිය රණ්ඩු නම් හැමදාම බලන් ඉන්න බෑ. එහෙම නේද? මේ අපි කියන පියවර 5 මගින් බබාලගේ රණ්ඩු තරවටු නොකර ඔවුන්ටත් නොදැනීම නවත්වන්න පුලුවන්.
සහෝදර රණ්ඩු සාමන්‍ය දෙයක්. බොහෝ වෙලාවට බබාලා අම්මලාගේ අවධානය සහ ආදරය දිනාගන්නත් කරනවා. අම්මලා මුලින්ම මේ රණ්ඩු වලට හේතුව හොයන්න ඕනි.
ලොව ප්‍රකට ළමා මානසික වෛද්‍යවරුන් මේ සදහා ළමා මනසින් හිතලා හොදම ක්‍රම 5ක් හොයාගෙන. ඔන්න එහෙනම් අහගන්න.
1. ඔවුන්ටම රන්ඩුව විසදගන්න දෙන්න –
මේක නුවණැති ක්‍රියාවක්. අම්මා තාත්තා බබාලා ආර්ගියු කරන කොට පැත්තකට වෙලා අහන් ඉන්න. ඔබ මේ සOවාදයට සහභාගි වෙන්න ගියොත් බබාලා බලපොරොත්තු වෙනවා අම්මා හෝ තාත්තා එක් අයකුගේ පැත්තකට කතා කරයි කියලා. එහෙම කරාම අනෙක් බබා බලාපොරොත්තු කඩ කරන් තමන්ට ආදරේ නෑ කියලා හිතනවා. ඔවුන් සOවාද කර ඔවුන්ට මහන්සිවුනාම ඒ සOවාදය එතනින් ඉවරයි.
2. කණ්ඩායම් හැගීම –
බබාලා රණ්ඩු නොකර එකට වැඩ කරොත් ඕනි දෙයක් ඉක්මනින් සහ පහසුවෙන් කරගන්න පුලුවන් කියලා කියලා දෙන්න. ඒ සදහා සුලු සුලු ක්‍රියාකාරකම් ලබා දෙන්න. පොත් අස් කරන එක, සෙල්ලම් බඩු පිළිවෙලට අසුරන එක වගෙ දේවල්.
3. ධනාත්මකව සිතන්න පුරුදු කරන්න –
නිතරම බබාලට ඇහෙන්න ‘ ඔයාල දෙන්නා මේක ලස්සනට කරලා නේ, ඔයාල දෙන්නා එකට සෙල්ලම් කරනකොට අනික් අයට පරද්දන්න අමාරුයි, පුතා සෙල්ලම් කරන එක මල්ලිටත් දීලා බලන්න එයා ආසයිනේ’ වගේ දරුවන් ව එකතු වෙලා වැඩකරන්න සිතෙන විදිහට කතා කරන්න.
4. නියම වේලාව හදුනාගන්න –
රණුවක් යන වේලාවේ හෝ එහි උණුසුම තියෙද්දිම ඒ ගැන සාකච්ඡා කිරීම නොකළ යුතුයි. බබලා ටිකක් කූල් වුනාම කතා කරාම එයාල ඒක අහන් ඉන්නවා. අනික ඔබට වුනත් තරහ ගියම කියන දේවල් මිස් වෙන්න පුලුවන්. තරහ අඩු කරගෙන කියන්න ඕනි දේවල් හිතේ ධාරණය කරගෙන හිමීට පස්සේ වෙලාවක කතා කරලා බලන්න.
5. හැම දරුවම එකයි –

කොයිම වෙලාවකවත් එක් දරුවෙක්ගේ පැත්ත ගන්න එපා. ඒක අනික් දරුවාට බලපානවා. වැරදි කල බබාට ඒ වැරැද්ද වටහා දෙන ගමන් අනික් දරුවාට රණ්ඩු කර එකේ බරපතල කම කියලා දෙන්න. එක්කෙනෙක්ට විතරක් බැනලා ඉන්න එපා.
Like
Like Love Haha Wow Sad Angry

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *