අලුත උපන් කිරි කැටියා සමග ඔබ නොකළ යුතු දේවල්

Categories වැදගත් උපදෙස්Posted on
newborn

අලුත උපන් කිරිකැටියෙක් රැක බලා ගන්නවා කියන්නේ ඒතරම් ලේසි දෙයක් නෙමෙයි . ගෙවෙන හැම තප්පරයක් ගානෙම අම්මගේ මුලු අවාධනයම කැරිකැටියා කෙරෙහි යොමු වෙන්නම ඕන.

එහෙම නැති වුනොත් ඉතාම ලේසියෙන් පොඩ්ඩව අනතුරුවලට ගොදුරු වෙන්න පුළුවන්. ඒ නිසයි ඔබේ අලුත උපන් කිරි කැටියා සමග ඔබ මේ දේවල් නොකල යුතු වන්නේ.

1 බබාව නිද කරන විට

පංචි පැටව් බොහෝ විට නිදා ගන්න කැමති මුණින් අතට හැරිලා. ඒ නිසාම මේ විදියට නිදාගෙන ඉද්දි මේ ලෝකෙන් සමුගත්ත පැටව් ගැන අපි අනන්තවත් අහලා තියනවා. මේ වගේ සමහර මරණවලට හේතුව කිරි හිරවී යාම එහෙම නැත්තම් හුස්ම ගන්න තියෙන අපහසුතාව.  මේ විදියට නිදාගෙන ඉද්දි කුඩා දරැවන් අනපේක්ෂිත විදියට මිය යන අවස්ථා අපි ඕන තරම් අහලා තියෙනවා. මේ තත්ත්වය sudden infant death syndrome (SIDS) කියලා තමයි අපි හදුන්වන්නේ.

මේ නිසයි ඔබේ කිරිකැටියාව ආරක්ෂාකාරී ලෙස නිදි කරවිය යුතු ක්‍රම ගැන ඔබ හොදින් හුරු විය යුත්තේ. The American Academy of Pediatrics හි සදහන් කරන විදියට නිරෝගි දරැවෙක් නිදි කර විය යුතු හොදම ක්‍රමය උඩු අතට සිටින ලෙස නිදි කරවීම කියලයි.

මෙය දරුවෙකු නිදි කළ යුතු හොදම විදිය කියලා තමයි සදහන් වෙන්නේ. පැටියෙක් නොනිදා ඉන්න අවස්ථාවක මුණින් අතට බඩ යට කරගෙන ඉන්න අවස්ථාව දෙන්න පුළුවන්. මේ ඉරියව්ව නිසා පැටියාගේ බෙල්ලේ මාංශපේෂීන් ශක්තිමත් වෙනවා. ඒ වගේම උරහිසේ ප්‍රමාණය ඉක්මවා පැතලි තැන් ඇති වෙන්නේ නැහැ. මේ වගේ වෙලාවට පැටියා ළග ඉන්න ඔබ අමතක කරන්න එපා. හැබැයි හොදින් මතක තියා ගන්න මේ ඉරියව්වට ඉඩ දිය යුත්තේ පැටියා අවධියෙන් ඉන්න වෙලාවට විතරයි කියලා.

2 ඔබේ පැටියව සිප ගන්න හැමෝටම ඉඩ දෙන්න එපා

ඔබේ කිරි කැටියාව බලන්න එන බොහෝ දෙනෙක් පැටියව වඩා ගන්න උත්සහ කරනවා. එතනින් නවතින්නේ නැතුව පැටියා සිප ගන්නවා. හැබැයි මෙහෙම අවස්ථාවලදී ඔබ නොසිතන එක් දෙයක් තියනවා. ඒ අප අවට තියෙන විෂබීජ ගැන. මේ විෂබීජ නිසාම පළමු සති කිහිපය තුළ දරුවට අසාතිමිකතා ඇති වෙන්න පුළුවන්.

සිප ගැනීම සහ නොසේ දූ අත් වලින් පැටියාට නොසිතන රෝගාබාධ ඇතිවෙන්න පුළුවන්. මෙතනදී පුංචි පැටියගේ ප්‍රතිශක්තීකරණ හැකියාව එයා වගේම පුංචි. ඉතින් ඉතාම පුංචි විෂබීජයක් වුනත් දරා ගන්න එයාට ලොකු හැකියාවක් නැහැ. මේ නිසයි ඔබේ පැටියාව බලන්න එන අමුත්තන්ට ඔබ නිසි කරුණු අවබෝධ කර දිය යුත්තේ.

ඔබේ දරුවගේ මව විදියට ඔබට ඒ සදහා සම්පූරණ අයිතියක් තියෙනවා. දරුවා වඩා ගැනීමට කවුරුන් හෝ ඉල්ලීමක් කළ හොත් දෑත් සොදා ගෙන එන ලෙස දන්වන්න. මේ විදියට බලන්න එන අය අසනීප තත්වයෙන් පසු වෙනවා නම් වෙනත් දවසක දරුවා බලන්න එන ලෙස දන්වන්න. මේ වැනි දේ නිසා අන් අය ඔබව වැරදියට තේරුම් ගනීවී යැයි කලපනා කිරීමෙන් වළකින්න. දරුවා අනතුරේ හෙළා අන් අය සැනසීමෙන් කිසිදු පළක් නොවන නිසාම දරුවා ටිකක් ලොකු වෙන තෙක් අන් අයට ඇල්ලීමට ඉඩ නොදෙන්න. ඔබේ පවුලේ අය හා මිතුරු මිතුරියන් පසුව ඔබව වටහා ගනීවි. ඒ නිසාම ඒ අය ගැන කණගාටු නොවන්න

3 කිලිටි නැප්කින් හා ඩයිපර්ස් බොහෝ වේලාවක් උණුවතුරෙන් තම්බන්න

ඔබේ දරුවා ඉතා කුඩා නිසාම ඔහුගේ කැත කුණු ඔබට පෙනෙන්නේ පොඩඩක් වගේ. එහෙත් මාස 06ක පුංචි පැටියෙක්ට වඩා අලුත උපන් පැටියෙක් වැඩි වාර ගණනක් මල මූත්‍රා පිට කරනවා. මේ නිසාම මේ ගැන නිතර අවධානයෙන් සිටීම වැදගත්. නිසිවෙලාවට නැප්කින් හා ඩයිපර් එක මාරු කිරීමත් පැටියාට හරිම වැදගත්. එතනදී ඔහු සනීපයෙන් හා සැහැල්ලුවෙන් ඉදීවි. මේ නිසාම ඔබේ පැටියට ඇතිවිය හැකි ආසාදන සහ රෑෂ් වලින් ඔහුව ඈත් කර තබා ගන්නත් පුළුවන්.

Like
Like Love Haha Wow Sad Angry

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *