ඔබ දන්නවාද ? සිගිත්තා ඉපදී හය මසක් ගතවන තෙක් මව් කිරි පමණක් සෑහෙන බව

Categories අලුත උපන්Posted on
baby

පුංචි සිගිත්තා ඉපදී සය මස පුරාවට මනාසේ වර්ධනය වීම උදෙසා එම මව්කිරි පමණක් සැහෙනවා. ඒ නිසාම ඒ කාලය තුළ සිගිත්තාගේ පෝෂණයට මව් කිරි පමණක් ලබා දීම සෑහෙනවා. 

බිළිදාගේ උපතේ සිට දින 3 – 5  අතර කොලෙස්ට්‍රම් නම් කිරි ශ්‍රාවය වෙයි.

මෙය අතිශයින් පෝෂ්‍යදායී වන අතර බිළිදා අහිතකර විෂබීජ වලින් ආරක්ෂා කිරීම සදහා ද  වැදගත් වන ද්‍රව්‍යන් ද අන්තර්ගතය. එසේම බිළිදාට අවශ්‍ය ශක්තිය ලබාදීම හා වර්ධනය සිදුකිරීම සදහා අවශ්‍ය කාබෝහයිඩේට, ප්‍රෝටින, විටමින් හා ඛනිජලවන ආදියෙන්ද පරිපුර්ණ වෙයි.

මව් කිරි සම්බන්ධයෙන් සමාජයේ විවිධ මතිමතාන්තර පවතී. ඒවා අතර බිළිදාගේ වර්ධනයට මව්කිරි පමණක් ප්‍රමාණවත් නොවන බව සමහරුන්ගේ මතයයි. නමුත් එය සම්පුර්ණයෙන් අසත්‍ය විශ්වාසයකි. උපතේ සිට මාස හයක් සදහා දරුවාගේ පූර්ණ වර්ධනයට මව්කිරි පමණක් ප්‍රමාණවත්ය. නමුත් සමහර දෙමව්පියන් බිළිදාට ජලය, තැඹිලී ආදී දියර වර්ග ලබා දීමට පෙළඹි සිටිති  ඇත්තවශයෙන්ම මෙම අවධියේදි බාහිර ද්‍රව්‍ය ආහාර වශයෙන් ලබා දීම දරුවාගේ ප්‍රතිශක්තියට එල්ල කරන තර්ජනයකි. බිළිදාගේ සිරුර තවමත් එවැනි බාහිර ද්‍රව්‍ය වලට කිසිසේත්ම ඔරොත්තු නොදෙයි.

මාස හයක් ගතවු පසු දරුවාගේ වර්ධනයට මව්කිරි පමණක් ප්‍රමාණවත් නොවේ. මන්ද, බිළිදාගේ වර්ධනය වේගවත් වන බැවිනි. එබැවින් ඔහුට වෙනත් ආහාර ලබාදීම ඇරඹිය යුතුය. එහිදී ප්‍රථමයෙන් බිළිදාට ලබාදිය යුත්තේ දියරමය ආහාරයි. බිළිදා ක්‍රමයෙන් වර්ධනය වත්ම එහි ඝණත්වයද ක්‍රමයෙන් වැඩි කළ යුතුය. එබැවින් අවම වශයෙන් බිළිදාට වසර දෙකක් සපිරෙන තුරු හෝ මව්කිරි ලබාදීම සිදුකළ යුතුය.

බිළිදාට පරිපූරක ආහාර වශයෙන් ලබාදිය යුත්තේ ශක්තිය හා පෝෂක සංඝටක වලින් පරිපුර්ණ ආහාරය. එසේම ඒවායේ ආරක්ෂිත බව තහවුරු කළ යුතුය.  වෙළදපොලේ පවතින මිල අධික ආහාර දරුවා පෝෂණය කිරිම සදහා අත්‍යවශ්‍ය නොවන අතර පවුලේ එදිනෙදා ආහාරයට ගන්නා වෙළදපොලේ පවතින මිල අතර පවුලේ එදිනෙදා ආහාරයට ගන්නා,  වෙළදපොලේ පවතින පෝෂ්‍යදායී එළවළු, පලතුරු භාවිතා කර ඔබේ බිළිදාට අවශ්‍ය පෝෂණය උපරිම අන්දමින් ලබාදිය හැක.

බිළිදාට මාස  6- 7 වන විට මව්කිරි වලට අමතරව දිනකට තුන් වරක් පමණ මෙම පරිපුරක ආහාර ලබාදිය හැක. බිළිදාට අවුරුද්දක් සපිරෙන විට එය දිනකට පස් වතාවක් පමණ ලබාදිය හැක. දරුවාට දින තුනකට වරක් නව එළවළුවක්, පලතුරක් හෝ සත්ත්ව ආහාරයක් ලබාදෙන්න. මේ අන්දමින් දරුවාට ලබාදෙන ආහාර වර්ග වැඩි කරන්න.

ඔබේ දරුවා එම නව ආහාර ප්‍රතික්ෂේප කළහොත් එය නැවත වෙනත් ආහාර සමග ඔහුට ලබා දීම සිදුකළ යුතුය. කාලයත් සමග ඔහු එයට හුරු වනවා නොඅනුමානය. එසේම දරුවා තරමක් දුරට වැඩිවියට පත් වනතුරු ඔහුට/ ඇයට ලුණු හා සීනි ආහාර සමග මිශ්‍ර කර ලබාදීමෙන් වැලකිය යුතුය. මන්ද එම රසයන්ට ඔවුන් ලොල් වු පසු එය නැතිවම බැරි අංගයක් බවට පත් වන අතර කාලයත් සමග ඔවුන් ඒවා තව තවත් ඉල්ලුමට පෙලඹෙයි. එය අනාගතයේ, ඔවුන්ගේ සෞඛ‌ය තත්ත්වය පිරිහීමට හේතුකාරක වේ. මන්ද අධික ලුණු හා සිනි පරිභෝජනය වැඩිවියට පත්වීමත් සමග දියවැඩියාව, අධික රුධිර පීඩනය, ආඝාතය, හෘදයාබාධ, වකුගඩු රෝග වැනි බෝ නොවන රෝග රැසකට හේතුවන්නකි.

බිළිදා ආහාර ගැනිම සදහා සක්‍රියව දායක කරගත යුතුය. මේ කාලය බිළිදාගේ සිග්‍ර වර්ධනයක් දැකිය හැකි අවධියකි. එසේම ආහාර ගැනීමේ කාලසිමාව දරුවාගේ සතුට වර්ධනයට උපකාර වන අන්දමින් ගත කරන්න. ඔහුව/ ඇයව ආහාර ගැනිම සදහා දිරිගැන්වීම සිදුකළ යුතුය. මේ තුළින් මව හා දරුවා තුළ බැදීම තව තවත් වැඩිදියුණු වීම සිදුවනවා නොඅනුමානය.

මේ කාලසීමාවේදී ආහාර ලබාදීම සදහා බෝතල් හා සුප්පු භාවිතය නුසුදුසුය. ඒ සදහා ප්ලාස්ටික් හැන්දක් හා කෝප්පයක් ලබා දීම වඩාත් උචිතය. එම උපකරණ වල පිරිසිදු බව උපරිම විය යුතුය. ආහාර පිසීමෙන් පැය දෙකක් ගතවීමට මත්තෙන් එම ආහාර ඔබේ දරුවාට ලබා දෙන්න. දරුවා රෝගී තත්ත්වයට පත්වුවහොත් සාමාන්‍ය දින වලට වඩා වැඩිපුර මව්කිරි ලබාදීම සිදුකළ යුතු අතර වැඩිපුර ආහාරද ලබාදීම වඩාත් යෝග්‍ය වේ. මන්ද රෝගී තත්වය නිසා දරුවාගේ වර්ධනය අඩාල වී සිරුරේ බර පහත වැටිමද සිදුවන බැවිනි.

 

Like
Like Love Haha Wow Sad Angry

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *