නව යෞවුන් වියට එළඹෙන්නට පෙර දරුවන්ට කියා දිය යුතු හොද පුරුදු 10ක්

Categories හිරිමල් යෞවනයPosted on
teenage

ළමා වියේදී ඔබේ උකුලේ හුරතල් වූ කුඩා දරුවා නව යෞවනයෙක් බවට පත් වෙද්දී ටික ටික ඔබෙන් ඈත් වෙන්න ගන්නවා. එ් වෙනුවට ඔවුන් තමන්ගේ විශ්වාසය මිතුරු සමාජය වෙත යොමු කරන්න පටම් ගන්නවා. මේ සමගම ඔඍබ තුළ යම් කළබල බවක් ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වය බොහෝමයක් නව යෞවුන් දරුවන් ඉන්න දෙමාපියන්ට පොදු තත්ත්වයක්. මේ වගේ වෙලාවක ඔබ කළඹල වෙන එක වෙනුවට ඔහුට හෝ ඇයට ඇහුම්කම් දීම අනිවාර්යෙන්ම කළ යුතුයි. නව යෞවුන් වියට එළඹෙනවත් සමගම ඔවුන් ඔබේ මග පෙන්වීම නිතර බලා පොරොතු වෙනවා. ඒ නිසාම ඔබ කළ යුතු වැදගත්ම දෙය වන්නේ ඔවුන්ට ඇහුම් කම් දෙමින් මග පෙන්වීමයි. එවිට ඉතාම සාර්ථක ලෙස නව යෞවුන් වියට අවතීරණ විය හැකි  දරුවෙකු ඔබට තනා ගත හැක. ඒ සදහා මේ දෙවල් මතක තබා ගන්න.

1. ඔබේ කතා විලාසය ගැන සැලකිලිමත් වන්න

දරුවා කුඩා කල ඔබේ කතා විලාසය මෙන්ම භාවිතා කරන වචන ගැන පවා ඔබ මිට වඩා ප්‍රවේසම් වුවා යයි ඔබ නිසකන්මේ පිළිගනීවි. එසේ නොකලා නම්, අද ඔබ එය කල යුතුමයි.

වෙනස් වන සමාජයේ, පාසල තුල ආදිය දරුවා  අප්‍රමාණ අසභ්‍ය විය හැකි වචන වලට මුහුණ දෙන නිසා නිවාස තු;අ තවත් එවැනිම සංග්‍රාමයක් දරුවාට අවශ්‍ය වන්නේ නැහැ.

තවද ඔබ එවන් සර පරුෂ වචන නිවසේ භාවිතා කිරීම තුළින් දරුවාටද එවන් වචන නිවාස තුල භාවිත කිරීමේ නිහා ඔබ නොදැනුවත්වම දරුවාට ලබා දෙනවා. මේ නිසා නිවසේ හෝ දෙමාපිය් අඔබ දේපල සමඟ හෝ සැරපරුෂ හෝ අසභ්‍ය වචන භාවිතය සපුරා තහනම් කල යුතුයි.

2. මාර්ග නීති පිළිපදින්න

ඔබේ දරුවා නව යොවුන් වියට පිසීමත් සමඟම රිය පදවන්නේ නැති වන්නට පුළුවන්. නමුත් රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයට ඔවුන් ඉක්මනින්ම ලඟා වේවි.

ඉතින් හොඳ මාර්ග නීති පමණක් නොව, රිය ධාවනයේදී පිළිපැදිය යුතු අනෙකුත් පිළිවෙත් වලටද දරුවා කල් තියා සංවේදී කිරීමේ වරදක් නැහැ.  නිදසුනක් ලෙස ධාවන පටි පැළඳවීමට ඔවුනට අනිවාර්ය කරන්න. මෙවිට ඔවුන් ධාවනය කරන දිනක ධාවන පටි පැළඳීමට අමුතුවෙන් හුරු වන්නට අවශ්‍ය නොවන්නේ ඔවුන්ට එය නිරායාසයෙන්ම හුරුවී තිබෙන බැවිනි.

3. රිය ධාවනය කිරීමේදී දුරකථනය භාවිතා කරන්නට එපා!

දුරකථනය නිසා අසන්නට ලැබෙන රිය අනතුරු පිලිබඳ පුවත් අප්‍රමානයි. රිය ධාවනය කරන විට ඔබේ දරුවා දුරකථනය පරිහරණය කරනවාදැයි ඔබ තැති ගන්නවාට සැකයක් නැහැ.

නමුත් දරුවන්ට අමුතුවෙන් ඒ ගැන නිත නිතර කියා පානවාට වඩා ඔබ රිය ධාවනය කිරීමේදී කිසි විටෙකත් දුරකථනය භාවිතා නොකිරීමෙන් එය සම්මතයක් ලෙස දරුවාට ඒත්තු ගැන්වෙනු ඇත. අවවාදය අදර්ධයට වඩා උතුම් යන්න සැබවින්ම සත්‍යයකි.

4. විවෘත ප්‍රශ්ණ අසමින් පුළුල් සන්නිවේදනයක් නිතර පවත්වා ගන්න

අප නොදැනුවත්වම දරුවන්ගෙන් විවෘත නොවන ප්‍රශ්න අසන්නේ ඔවුනට කෙටි උත්තර දීමට මග පාදමින්. නිදසුනක් ලෙස “කොහොමද අද ඉස්කෝලේ?” අසු විට දරුවා නිරන්තරයෙන්ම ‘හොඳයි’ කියා පිළිතුරු දෙන්නේ තව දුරටත් ඒ ගැන කීමට දෙයක් නොමථී බැවිනි.  මෙහි වරදක් නැතත්, විවෘත ප්‍රශ්න ඇසීමෙන් ඔබ දරුවාට දිගු පිළිතුරු දීමට අවකාශ සලසන අතර නොදැනුවත්වම දරුවා සමඟ ඇති සම්බන්ධතාවයද වැඩි කරගන්නවා.

 

5. රාත්‍රී අහාරය පවුලක් ලෙස එකතු වී එකට අනුභව කරන්න

බොහෝ පවුල් වලින් ගිලිහී යන මේ පුරුද්ද හැකි සෑම අවස්ථාවකම සිදු කරන්නට අමතක කරන්න එපා. සතුටු සාමිචියේ යෙදෙමින් ගත කරන මේ කාලය තුළ පුරුද්දක් ලෙස විද්‍යුත් උපාංග පමණක් නොව රුපවාහිනිය පවා නිවා දැමීම පුරුද්දක් කරගැනීමෙන් මෙය පවුලේ සැම එක්ව රස කතා හුවමාරු කරගැනීමේ විනෝදජනක අවස්තාවක් බවට පත් වනවා.

6. දරුවන්ගේ මිතුරන් හදුනාගැනීමට උත්සහ කරන්න

දරුවා නව යොවුන් වියට පා තබත්ම නව ඇසුරු සහ මිතුරු මිතුරියන් සමඟ සමාජයට අවතීර්ණ වීම ඔබට වලක්වන්නට බැහැ. මේ නිසා දරුවාගේ විශ්වාසය පවත්වා ගනිමින් දරුවන් ඇසුරු කරන්නන් කවරේද යන්න සුක්ෂම ලෙස අවබෝධ කර ගනිමින් ඔවුන් සමඟ කුළුපග වන්නට සැලකිලිමත් වන්න. මෙය දරුවාගේ මිතුරන් ගැන අවබෝධයක් ලබා ගැනීමට මෙන්ම දරුවා ඇසුරු කරන්නන් හා දරුවා වටා ඇති සබඳතා ගැන අවබෝධයක් ලබාගැනීමටද උපකාර වනවා.

7. දරුවාගේ සමාජ ජාල ක්‍රියාකාරකම් ගැන අවබෝධයෙන් සිටින්න

අප කාලයේ මෙන් නොව නූතන සමාජයේ දරුවන් බෙහෙවින්ම සමාජ ජාල සමඟ ඉතාම ක්‍රියාකාරී වනවා. මේ යථාර්තය අවබෝධ කරගන්නා දෙමාපියන් හට දරුවන් ගැන තේරුම් ගැනීමේ ශක්තිය අන් අයට වඩා පිහිටා තිබීම සතුටට කරුණක්. දරුවාට නීති පැනවීමට නොව, දරුවාගේ ක්‍රියාකාරකම් ගැන විමසිල්ලෙන් සිටීමෙන් දරුවාට සයිබර් අවකාශයේ අනතුරු වලින් ආරක්ෂා වී සිටීමට ඔවුනට උපකාර වන්නට ඔබට හැකි වනවා.

8. දරුවන්ගේ ආශාවන් සහ බලාපොරොත්තු ගැන සංවේදී වන්න

කලින් කී පරිදි නව යොවුන් වියට පිවිසෙන දරුවා තමන්ගේම විශේෂ අනන්‍යතාවක් ගොඩනැගීම විශේෂ කොට සලකනවා. මේ නිසා දරුවාගේ බලාපොරොත්තු සහ ආශාවන් ඔබේ ආශාවන් සහ ඉලක්ක වලින් වෙනස් වූවද ඒවාට ගෞරව කරන්නටත්, ඒවා ගැන ඔවුන් උද්යෝගමත් කරන්නටත් පසුබට වන්නට එපා.

නිදසුනක් ලෙස දරුවා ආශා කරන ලේඛකයෙක් වේ නම් ඔහු ගැන සොයා බලන්න. ඔහු ගැන කියවන්න. ඔවුන් කැමති ක්‍රීඩාවක් වේ නම් ඒ ගැන පත පොත කියවා දැනුවත් වන්න. ඔබ දරුවාගේ ආශාවන් කෙරෙහි දක්වන උනන්දුවට වඩා උද්යෝගයක් තවත් ඔවුනට නැති වන්නට පුළුවන්.

9. දරුවා සමඟ ක්‍රියාකාරකම් සකස් කරන්න

දරුවා නව යොවුන් වියට ලං වත්ම ඔවුනට වඩ වඩාත් පුද්ගලිකත්වය අවශ්‍ය වනවා. මේ හේතුවෙන් දරුවන් සමඟ එක්ව ගත කරන කාලය කෙමෙන් කෙමෙන් අඩු වන සෙයක් ඔබට දැනෙන්නට පටන් ගනීවි. මේ ගැන තැති ගන්නට අවශ්‍ය නැහැ. ඔබේ පවුලත් සමඟ එක්ව ගත කරන වේලාවන්, පවුලක් හැටියට එක්ව කරන්නට ක්‍රියාකාරකම් ආදිය කල් තියා යෙදෙන්නට හුරු වී තිබීම නිසා නව යොවුන් වියේ දරුවා සමඟ සම්බන්ධ වීමට ඔබට ලැබෙන අවස්ථා වලින් අඩුවක් වන්නේ නැහැ. දරුවාටත් ඔබටත් එක්ව රස විඳිය හැකි ක්‍රියාකාරකම් තෝරාගන්න.

10. පරාජය තුළින් උගත හැකි පාඩම් ගැනත්, නොනැසෙන උත්සාහය ගැනත් ඔවුන් දැනුවත් කරන්න

දරුවාගේ ඇති වන මානසික සහ ශාරීරික වෙනස්කම් නිසා විශේෂයෙන්ම නව යොවුන් වියට එළඹෙන දරුවන් අභියෝග හමුවේ ව්‍යාකුල වන්නට ඉඩ කඩ වැඩි වනවා. යම් පරාජයක් හෝ අභියෝගයක් ජය ගැනීමට නොහැකි වීම වැනි කාරණා ඔවුන්ව බොහෝ සංවේදී කරන්නට ඉඩ තිබෙනවා. මේ නිසා ජිවිතයේ ජය මෙන්ම පරාජයට මුහුණ දෙන්නට සිවිය හැකි බවත්, එවන් පරාජයක් හෝ අභියෝගයක් තම වාසියට හරවාගත් යුතු බවත්, ඒවා අප ගමන් මගට මුහුණ දෙන්නට අපව ශක්තිමත් කරන බවත් දරුවාට කල් තියා තේරුම් කර දී තිබිය යුතු වනවා.

අතපසු වීම් ජිවිතයේ සාමාන්‍ය දෙයක් බවත්, ඒවා සිදු වන්නේ අපට පාඩම් උගෙන දියුණු වන්නට බවත් දරුවන්ට පසක් කර දීමෙන් ගැටළු සහ අභියෝග ජිවිත් අත්දැකීම් කරගෙන ඉදියට යාමේ ශක්තිය අප ඔවුනට ලබා දෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *