මානසික පීඩනයෙන් මිදෙන්න දරුවන්ට සහය දෙමු

Categories හිරිමල් යෞවනයPosted on
depression

මානසික ආතතිය කියන්නේ වැඩිහිටියන්නට විතරක් ඇතිවෙන ත්ත්වයක් නෙමෙයි. නව යෞවුන් දරුවන් තුළත් ඇති වෙන්න පුළුවන් තත්ත්වයක්. විශේෂයෙන් ශාරීරිකව ඔවුන් තුළ සිදුවන වෙනස්කම් එක්ක මේ වගේ දෙයක් ඔවුන්ට සිදුවීමට ඇති ඉඩකඩ ගොඩක් වැඩී.  ඒ නිසයි මෙවැනි අවස්ථාවක විශේෂයෙන් මෙවැනි ත්ත්වයකදී ඔවුන්ට ඉන් මිදීමට දෙමව්පියන් ගේ සහයෝගය ඉතා වැදගත් වෙනවා.

ඔබ ආදර්ශයක් වන්න

මවක් හෝ පියෙක් වශයෙන් ඔබට මානසික ආතතිය කියන්නේ අලුත් අත්දැකීමක් නොවේ. ඔබ, මානසික ආතතිය කෙසේ දක්ෂ ලෙස මෙහෙයවනවාද කියන කාරණාව තමයි මෙහෙදී වැදගත් වෙන්නේ. මන්ද, ඔබේ දරුවන් ඔබව තමයි ආදර්ශයකට ගන්නේ. යම් සැළසුමක් වෙනස් වුණොත්, ඔබ, ඔබටම කතා කර කියන්න, “සැළසුම මට අද හරියට ක්‍රියාත්මක කරන්න බැරිවුණා. නමුත්, එය කොහොම හරි කරන්න ඕනේ නිසා මම වෙන විකල්පයක් ගැන හිතන්න ඕනේ”.

ඔබේ මානසික ආතතියට ඔබව යටපත් කරන්න දෙන්න එපා. ඔබේ හැඟීම් යටපත් කරන්න අවශ්‍යතාවයක් නෑ. ඔබට යම් වේලාව අවශ්‍ය නම්, ඒ බව දරුවන්ට කියන්න. ඔබේ දරුවන්ට අත්දැකීම් අඩු බැවින්, මානසික ආතතිය ජයගැනීමට සහයෝගය දැක්විය යුතුයි. නිවස තුල නිදහස් වාතාවරණයක් ගොඩ නැගිය යුතුයි. ඔබ දරුවන්ට ආදර්ශයක් වෙමින් නම්‍යශීලී-දෛණික කාලසටහනකට අනුව වැඩ කරන්න. දෛණික දින චර්යාව ඒකාකාරී වුණත් සතියේ එක් එක් දිනවල එහි යම් යම් වෙනස්කම් තිබෙන බව දරුවන්ට පෙන්වාදෙන්න. ඔබ කාලසටහනකට අනුව දෛණික වැඩ නිසි ආකාරව කිරීම මඟින් දරුවන්ට හොඳ ආදර්ශයක් ලැබෙනවා. එක තැන සිරවී සිටීම මඟින් තමයි මානසික ආතතිය උග්‍ර වෙන්නේ.

ක්‍රියාකාරී වීමට දිරිමත් කිරීම

මානසික ආතතියට අපි යටපත්වීම මඟින් එය අපේ මනසේ වර්ධණය වෙනවා. දිනපතා ක්‍රියාශීලීව සිටීම මඟින් ශාරීරිකව හා මානසික ඇතිවෙන ආතතියන්ට මුහුණදීමට ඇති හැකියාව වැඩිවෙනවා. ව්‍යායාමයත් හොඳ මානසික ආතතිය පරාදය කරන අවියක් ලෙසයි සැලකෙන්නේ. දරුවන්ට දිනපතා ක්‍රියාශීලී වීමට වේලාවක් ලබාදෙන්න. එය බොහොම සරල දෙයක් වෙන්නත් පුළුවන්. ඔබට, ඔවුන් සමග නිවසේ සිටම විනෝද ක්‍රීඩාවක් වුණත් කරන්න පුළුවන්.

පෙර සැලසුම

කොතරම් පෙර සූදානම් වුණත්, දරුවන් මානසිකව ආතතියට ලක්වෙනවා. ඉන් සිත් තැවුල් ඇතිවෙන්න පුළුවන්. නමුත් දරුවන්ට අපි අවබෝධ කළ යුත්තේ, මානසික ආතතිය ජීවිතයේ එක් සාමාන්‍ය කොටසක් බවයි. හැබැයි මානසිකව ආතතියන්ට ලක්වෙන දේ වලට මුහුණදීම සඳහා දරුවන්ට පෙර පුහුණුව ලබාදිය යුතුයි. හිතන්න ඔබ නිවෙස් මාරුවක් කරා කියලා. ඉතින් නව පාසලට හුරුවීම සඳහා දරුවන්ට පුහුණුවීමට සහයෝගයක් ලබාදෙන්න.

අත ලඟ පාසල් වාර විභාගයක් පැමිණෙනවා නම්, ඒ සඳහාත් දරුවන්ට සහායක් ලබා දෙන්න. අවසාන මොහොතේ පාඩම් කරනවා වෙනුවට, කල් ඇතිවම ඊට සූදානම් විය යුතු බව දරුවන්ට පැහැදිලි කර දෙන්න. කුඩා කල සිටම දරුවන්ට භාවනාව පුරුදු කරන්න පුළුවන් නම් විශිෂ්ඨයි. සංගීතයකට සවන්දීම වැනි දෙයක් වුණත් ඔවුන්ට සහනයක් වෙන්න පුළුවන්.

අවස්තාවන් ලබාදීම

මානසික ආතතිය පිටකරගැනීම සඳහා දරුවන්ට විදි-ක්‍රම හා අවස්තාවන් ලබාදිය යුතුයි. පෙර සඳහන් කළ පරිදි, ක්‍රියාශීලීවීමට දිරිගැන්වීම, නිහඬ අවකාශ ලබාදීම වැනි දෑ උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. දරුවන්ගේ හැඟීම් ගැන ඔවුන්ට ඔබ සමග කතා කිරීමට ඉඩ ප්‍රස්තාව තිබිය යුතුයි. පැහැදිලිවම කීවොත්, දරුවන්ට ඔබේ කාලයක් වෙන්කල යුතුමයි.

උග්‍ර අවස්තාවකදී ඔබට දරුවාව ළමා උපදේශයෙක් වෙත ඉදිරිපත් කරන්න පුළුවන්. ඔවුන් සතුව හොඳ ක්‍රමවේදයන් හා උපායමාර්ගයන් තියෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *