ඔයගේ පවුල පණු රෝග වලින් ආරක්ෂා කරගන්න

Categories මුල් ළමා අවධියPosted on
family

කුඩා ළමයෙක්ගේ ඉදන් වැඩිහිටියෙක් දක්වා හැම කෙනෙක්ම මාස තුනකට වතාවක් පණු බෙහෙත් ගන්න එක වැදලත් කියලා තිමයි වෛද්‍යවර් කියන්නේ. ඇත්තටම මේ පණු බෙහෙත් ගන්නවා කියන්නේ මොකක්කද ? පණු බෙහෙත් ගන්න එකෙන් කෙරෙන්නේ මොන වගේ දෙයක්ද ඔබටත් මේ දේවල් ගැන ගැටළු ඇති.

♦ කොකු පණුවා

කොකු පණුවන් ශරීරයට ඇතුළු වන්නේ සෙරප්පු නොමැතිව ඇවිදීම මඟිනි. කොකු පණුවන් ජීවත් වෙන්නේ මළ පහ මුසු වූ පස් වලයි. මිනිසෙකු එවැනි පස් පෑගීමේදී කොකු පණුවා යටිපතුලේ සම සිදුරු කරමින් ශරීරයට ඇතුළු වෙනවා. ඉන් පසු ශරීරයේ අන්ත්‍ර වල එල්ලී ලේ උරා බොන්නට පටන් ගන්නවා. පණුවන් අන්ත්‍ර වලින් ඉවත් වුවත් රුධිරය පිට වීම දිගටම සිදු වෙනවා. කොකු පණුවන් නිසා බෙලහීනතාවය, රක්තහීනතාවය, වමනය, සුදුමැලි වීම, ක්ලාන්ත ගතිය, හතිය සහ බඩේ වේදනාව ඇති වෙනවා.

♦ වට පණුවා

වට පණුවන් ශරීරයට ඇතුළු වන්නේ වට පණු බිත්තර සහිත ආහාර ලබා ගැනීමෙනුයි. මේ නිසා වැසිකිළි ගොස් පැමිණි විගස හා ආහාර ගැනීමට පෙර අත් සබන් ගා සෝදන්න. මිනිස් මළ නිසි ලෙස බැහැර කරන්න. වට පණු බිත්තර ශරිරයට ඇතුළු වන්නේ මුව හරහායි. උන් කුඩා අන්ත්‍රයේ සහ පෙනහලු වල ජීවත් වෙනවා. ඇතැම් විට පණුවන් වකුගඩු වලට සහ හදවතට ඇතුල් වීමෙන් රෝගය උත්සන්න වෙන්න පුළුවන්. වට පණුවන් ශරීරය තුල ජීවත් වීම නිසා වියළි කැස්ස, හුස්ම ගැනීමේ අපහසුව, හතිය, වමනය, බඩේ අමාරුව, කෑම අරුචිය සහ ඇපෙන්ඩයිටීස් වැනි රෝග ඇති වෙනවා.

♦ කිරි පණුවා

කිරි පණු රෝගියෙකුගේ රෙදි පිළි භාවිතා කිරීම මඟින් කිරි පණුවන් තවත් අයෙකුගේ සිරුරට ඇතුල් වෙනවා. මොවුන් ජීවත් වන්නේ සහ බිත්තර දාන්නේ ගුද මාර්ගය අසලයි. කිරි පණු රෝගය නිසා ගුද මාර්ගය කැසීමකට ලක් වීම, ගුද මාර්ගයේ වේදනාවක් ඇති වීම, නින්ද නොයාම වැනි ගැටළු ඇති වෙනවා.

♦ කස පණුවා

කස පණුවා ශරීරගත වෙන්නෙත් ආහාර හරහායි. කස පණුවන් ජීවත් වෙන්නේ මහා අන්ත්‍රයේයි. කස පණුවන් දහස් ගණනක් ශරීරය තුල වැඩීම නිසා වමනය, මළ බද්ධය හෝ පාචනය, මන්දපෝෂණය, මළ සමඟ රුධිරය පිට වීම සහ බඩ වැල් පහත් වීම වැනි රෝග ඇති වෙන්න පුළුවන්.

♦ හරක් පටි පණුවා සහ ඌරු පටි පණුවා

මේ පණුවන් ජීවත් වන්නේ හරකාගේ සහ ඌරාගේ ශරීරය තුලයි. පටි පණුවන් සතුන්ගේ ශරීරය තුල ගෙඩි සාදාගෙන ඒ තුල ජීවත් වෙනවා. මේ මස් පිසීමේදී නිසි උෂ්ණත්වයට භාජනය නොවුනහොත්, මේ පණුවන් නොමැරී ඉතිරි විය හැකියි. එවිට එම මස් ආහාරයට ගැනීමේදී මේ පණු වර්ග ශරීරගත වේ. එමෙන්ම එළු මස් මඟිනුත් පණුවන් ශරීරගත වෙන්න පුළුවන්. ඒ නිසා අමුවෙන් හෝ බාගෙට පිසූ මස් වර්ග ආහාරයට ගැනීමෙන් ප්‍රවේශම් වන්න. පටි පණුවන් ශරීරගත වීමෙන් උණ, සමේ කුෂ්ඨ ඇති වීම, මස් පිඬු වල වේදනාව සහ ඇස් ඉදිමීම වැනි රෝග වැළඳෙන්න පුළුවන්.

♦ බරවා පණුවා

මේ පණුවන් ජීවත් වන්නේ බල්ලන් සහ බළලුන්ගේ ශරිර වලයි. උන්ගේ සමේ ආසන්න පටක වල ජීවත් වන පණු කීටයන්, උන්ට දෂ්ඨ කරන මදුරුවන් හරහා මිනිසාගේ ශරීරයට ඇතුළු වේ. බරවා පණුවා ශරීරය තුල ජීවත් වීම නිසා, ශරීරයේ තැනින් තැන ඉදිමී, රතු පැහැ ගැන්වුණු ගැටිති ඇති වෙනවා. මෙම ගැටිති ඉවත් කිරීමට සැත්කම් කිරීමට පවා සිදු වෙනවා.


පණු රෝග වලින් බේරෙන්නේ කොහොමද ?

  • මාස තුනකට වරක්වත් පණු බෙහෙත් ලබා ගැනීම (පණු බෙහෙත් ලබා ගැනීමේදී පවුලේ සියල්ලෝම එකට ලබා ගත යුතුය).
  • මිනිස් මළ පහ නිසි ලෙස බැහැර කිරීම.
  • පස් පෑගීමේදී සෙරප්පු දැමීම.
  • කෑමට පෙර හොඳින් සබන් ගා අත් සේදීම.
  • වැසිකිළි ගොස් පැමිණි පසු හොඳින් සබන් ගා අත් සේදීම.
  • මිනිස් මළ වගාවන් සඳහා පොහොර ලෙස භාවිතා නොකරන්න.
  • එළවලු සහ පලතුරු පරිභෝජනයට පෙර හොඳින් සෝදන්න.
  • මස් වර්ග පිසීමට පෙර අධි ශීත කිරීම සහ ආහාරයට ගැනීමේදී හොඳින් පිස ගැනීම.
  • සතුන්ට සාත්තු කිරීමේදී අත් වැසුම් භාවිතා කිරීම සහ අදාළ කාර්යයෙන් පසු අත් සෝදා ගැනීම.
  • කුඩා දරුවන්ව පස් සමඟ සෙල්ලම් කිරීමේදී සෙරප්පු දැමීමටත්, ඇඟිලි කටේ නොදැමීමටත් උපදෙස් දීම.
  • රෙදි හවුලේ පාවිච්චි නොකිරීම.
  • ඇඳ ඇතිරිලි සහ කොට්ටා නිතර අව්වේ වේලා ගැනීම.
Like
Like Love Haha Wow Sad Angry

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *