කිරි දෙන මවක් නම් මේ ආහාර වළින් වළකින්න

Categories අලුත උපන්Posted on
pregnancy

දරුවෙකු ලැබෙනවා කියන්නේ නව අත් දැකීමක්. ගර්භණී සමය ඔබට නව අත්දැකීමක් වුණා සේම කිරි දෙන මවක් විදියට බිළිදෙක් සමග ගත කරන කාලයත් නව අත්දැකීමක්. මේ නව අත්දැකීමට ඔබ මුහුණ දෙන්නේ විවිධාකරයෙන්. ඒ අතරින් දරු පැටියට මව්කිරි ලබා දෙන නිසාම ඔබ ආස කරන බොහෝ දේවලින් ඔබට ඈත් වෙන්න සිදු වේවි. එහිදී ආහාර වලට වැදගත් තැනක් ලැබෙනවා. සැබවින්ම ඔබ කිරි දෙන මවක් නම් මේ  ආහාර වලින් වළකින එක අනිවාර්යයි.

1. කැෆේන් අඩංගු ආහාර මෙහිදී ප්‍රධානම වෙන්නේ. මව්කිරි දෙන මවක් නොගත යුතු ආහාර පාන අතර මුලින්ම තියෙන්නේ කෝපි. මොකද කෝපි වල අඩංගු වෙන්නේ කැෆේන්. ඒ වගේම තේ, සෝඩා ඇතුළු ඇතැම් ශක්තිජනක පානයන් මව්කිරි එරීම අවම කරන්න හේතු වෙනවා. ඒ නිසා නිතර නිතර කැෆේන් අඩංගු පානයන් ලබා ගැනීමෙන් වැළකිය යුතුයි. කැෆේන් අඩංගු ආහාර නිතර පරිභෝජනයෙන් මව්කිරි වල අඩංගු යකඩ ප්‍රමාණය අවම වෙනවා. ඒ හේතුවෙන් දරුවාගේ හිමොග්ලොබින් මට්ටම අඩු වෙනවා.

2. සැර අධික කුළුබඩු ආහාරයත් දරුවාට අහිතකර විදියට බලපානවා. අධික සැර කුළුබඩු වර්ග ආහාරයට ගැනීමෙන් අලුත උපන් දරුවා තුල දැවිල්ල වැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දරුවා අපහසුතාවයට පත් වෙන්නත් එය හේතුවක්.

3. සකස්කළ ආහාර. විශේෂයෙන්ම කාර්යබහුල බව නිසා සකස් කල ආහාර ලබා ගැනීම පහසුවක් විදියට දැනුනත් එය ඔබ මත යැපෙන ඔබේ දරුවාට හානිකර විය හැකියි. සකස් කල ආහාර වල ඇති කල් තබා ගැනීමේ හා රසකාරක දරුවාට අහිතකර ලෙස බලපෑම් කරනවා. දරුවා තුල විවිධ අසාත්මිකතා ඇති වෙන්නත් දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙන්නත් එය හේතුවක් වෙනවා.

4. සීනි සහ කෘතිම රසකාරක කියන්නේත් මේ කාලයේදී ඔබ ඈත් කල යුතු තවත් දෙයක්. මව්කිරි ලබා දෙද්දී සීනි අධික ආහාර භාවිතය සිමා කරන්න. සීනි සහ රසකාරක දරුවාට නරක ලෙස බලපෑම් කරන්න ඉඩ තියෙනවා.

මේ ආහාර වගේම සුදු ලූනු, පාස්ලි, බ්‍රකෝලි, රටකජු, විටමින් C බහුල ආහාර, වගේම මුහුදු මාළු වැඩි වශයෙන් ආහාරයට නොගැනීමට මතක තබා ගන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *