බබාව නාවන කොට මේ දේවල් මතක තබා ගන්න

Categories අලුත උපන්Posted on
baby

අලුත උපන් පැටියෙක් නාවන එක හරිම පරිස්සමෙන් කරන්න ඕන දෙයක්.  පැටියාගේ ඇග තවම හරියට වැඩිලා නැත් නිසා වතුර එක්ක ගණුදෙනු කරන කොට ඉතාම පරිස්සමෙන් වැඩ කරන්න ඕන. ඒ නිසාම පැටියව නාවන්න කලින් මේ කරුණු 07 ගැන තියෙන අවබෝධය ඉතාම වැදගත්.

පැටියා ඉපදිලා පළමු සති දෙක ඔවුන්ගේ නාභාය සම්බන්ධ පෙකණි වැල ඉවත් කරපු ප්‍රදේශය තවමත්  වේලිලා නැතුව තියෙන්න පුළුවන්.  ඒ නිසාම පළමු දින කිහිපයේ පැටියාව නාවන්නේ නැතුව ඉන්නවා නම් ඉතාම හොදයි. ඉපදිලා මාස කිහිපයක් යනකම් පුංචි පැටව් බිමට බහින්නේ නැති  නිසා එයාගේ ඇග තෙත රෙදි කඩකින් පිස දැමුවත් හොදටම ප්‍රමාණවත්.

පැටියව බේසමේ තියලා ඔයා ළගපාතකටවත් එහා මෙහා වෙන එක ගැන හිතන්න වත් එපා. සමහර විට ඔයාට හිතෙයි ඔයාගේ ඇස් මට්ටමේ පැටියාව තියාගෙන වෙන වැඩ කරන්න එහාට මෙහාට වුණාට කමක් නැහැ කියලා. පැටියාට අනතුරක් වෙන්න ඔයා එහා මෙහා වෙන එක  තප්පරෙත් ඇති. ඒ නිසා හොදින් මතක තියා ගන්න ඔයා කරණ ඕන වැඩක් පැටියව එක අතකින් අල්ලගෙන කරන්න. පැටියා බේසමේ ඉද්දී ඔබට යමක් අමතක වුණා නම් ඒවා  ගෙන එන්න ඔබේ සැමියට හරි ගෙදර වෙනත් කෙනෙක්ට හරි කියන්න.

සමහර විට බේසමක හරි සින්ක් එකක හරි ඔබේ පැටියව නාවන එක ලේසියි කියලා ඔබට හිතෙන්න පුළුවන්. එත් ප්‍රවීණයන්  කියන්නේ නිතරම දරුවාට හිඳගැනීමට හැකි වන තුරු ඉතාම සුදුසු වන්නේ ඔවුන්ටම සුවිශේෂයෙන් ඇති ළදරු නාන බේසමක් බවයි.

ඒ වගේම යන්තම් මද රස්නේ වතුර අඟල් කිහිපයක් පමණ උස ප්‍රමාණයෙන් හා සබන් බිංදු එකක් හෝ දෙකකක් පුංචි පැටියා නාවන්න ප්‍රමාණවත්.

පැටියා ටිකක් ලොකු වෙලා ඉඳගන්න පුළුවන් වෙනකොට ටිකක් ලොකු බාත් ටබ් එකක් තෝර ගත්තට වරදක් නැහැ. දරුපැටියා නාහව අවසන් වූ ගමන් අමතක කරන්න එපා එයාව හොදින් උණුසුම් වෙන විදියට ඔතලා තිියන්න.

ඔහුට නැතිවූ ශරීර උෂ්ණත්වය රඳවා ගන්න එය හරි වැදගත්. දරුවට අලුත් ඇඳුම් අන්දවන්න ඉස්සෙල්ලා ඔහුව හොඳින් පියදාන්න මතක තබා ගන්න. විශේෂයෙන් ඔහුගේ අලුත් මෘදු හම ඉතා පරිස්සමෙන් පිහ දමන්නත්, තෙත නොරැඳෙන ලෙස තබන්නත් අමතක කරන්න එපා.

එයාගේ අත්ල, ඉකිලි, බෙල්ල, අත් යට මේ අතර විශේෂයි. ඇඳුම් අන්දවන්න ඉස්සෙල්ලා හම මෘදු කරන ක්‍රීම් එකක් ගෑවොත් ඉන් පැටියාට සනීපයක් දැනෙනවා.

රළු මතුපිටක් සහිතව සුදානම් කර ගන්න. මුළුතැන් ගෙයට පස්සේ නාන කාමරයේ පොළව රළු මතුපිටකින් යුතු ස්ථානයක් වීම හරිම වැදගත්.

හැමවිටම බබාව නාවන තැනට රළු මතුපිටක් තියෙන ලිස්සනේ නැති පාපිස්සක් පාවිච්චි කරන්න මතක තියාගන්න. හැම නාන වාරයකටම පසුව බාත් ටබ් එක හොඳින් පිරිසිදු කරන්න අමතක කරන්න එපා. දරුවා තරමක් ලොකු වෙනකොට බාත් ටබ් එකේ ප්‍රමාණය වැඩි කරන්න අමතක කරන්න එපා.

පැටියා නාවලා ඉවර වුන ගමන්ම බාත් ටබ් එකේ වතුර ඉවත් කරන්න මතක තබා ගන්න. අනපේක්ෂිත අනතුරු වළක්වා ගැනීමට අපි නිතරම වග බලා ගන්න ඕනේ. නැත්නම් දරුවන් අපි නොහිතන අනතුරු වලට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා බාත් ටබ් එකේ වතුර උවමනාවට වඩා පුරවන්නේ නැතිව සිටීමටත් වග බල ගත්තොත් හැම අතින්ම ආරක්ෂිතයි.ප්‍රථමාධාර ගැන ඔබ හෝ දරුවා බලාගන්න වෙනත් අයෙක් වුවත්, දරුවෙකුට හදිස්සියේ වතුර පෙවීමක්, වතුරට වැටීමක්, ලිස්සා වැටීමක් සිදුවුවහොත් දිය යුතු දැනුවත්ව සිටීම ඉතා වැදගත්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *