පැටියා නිතර අඩන්නේ මේ දේවල් නිසා වෙන්න පුළුවන්.

Categories අලුත උපන්Posted on
baby

ඉපදිලා අවුරුද්දක් විතර යන කම් පුංචි පැටව්න්ට වචන උච්චාරනය කරන්න හැකියවාක් නැහැ  ෙන්. ඒ් නිසාම එයාට දැනෙන දේවල් අම්මට කියන්න විදයතක් නැහැ. ඒ වෙනුවට එයා එයාට කියන්න තියෙන දේවල් එයාගේ හැගීම් මේ සේරම දෙවල් අම්මට පෙන්වන්නේ ශබ්ධය පිට කිරීම හරහා. ශබ්ධය පිට කරන එක ගැන කතා කරනකොට ඒකට පැටියා හඩන එකත් අයිති වෙනවා. එයා නතර අඩන එක ගැන අම්මා විදියට ඔයා කලබලෙන් ඉන්නවා නම් එයා අඩන්නේ මේ දෙවල් නිසා වෙන්න පුළුවන්

1. බඩගින්න

දරුවා අඬන්න හේතු වෙන පළවෙනිම ප්‍රශ්නේ තමයි බඩගින්න. ඒ අවශ්‍යතාවය ඉටු වෙන්න ප්‍රමාද වුනොත් දරුවා කොහොමත් අඬන්න ගන්නවා. ඒ වගේම චූටි පැටවුන්ට තියෙන්න පුංචි බඩක්නේ. ඉතින් නිතර බඩගිනි වෙන එක සාමාන්‍යයි.

2. diaper එක කිළුටු කර ගැනීම

diaper එක කිළුටු කර ගැනීම, තෙමා ගැනීම වගේ දේවල් බබාලට ඉවසගෙන ඉන්න අමාරුයි. මොකද ඒක එයාලට ගොඩාක් අපහසුවක් ගෙන දෙන්නක්. ඒ වගේම ළදරු සම මත විවිධ ආසාදන ඇති කරන්නත් හේතු වෙන නිසා කිළුටු කර ගත් diaper ඉක්මනින් ඉවත් කරන්න.

3. diaper නිසා ඇති වන සිරීම්, තුවාල

ළදරුවාට diaper එකක් තෝරා ගනිද්දී ඒ ගැන ඉතාමත් සැලකිලිමත් විය යුතුයි, මතුපිට රළු හා තෙත හොඳින් අවශෝෂණය කර ගන්නේ නැති diaper භාවිතය නිසා දරුවාගේ සමේ විවිධ ආසාදන ඇති වෙන්න පුළුවන්. ඒ වගේම රළු මතුපිට නිසා දරුවාගේ සියුම් සම සිරීමට, තුවාල වීමට ලක් වෙන්න පුළුවන්. ඒවා දරුවට වේදනා ගෙන දෙන විට දරුවා නිතර අඬන්න ගන්නවා.

4. දරුවාගේ කිරි දත් එන අවදිය

කිරි දත් එන කාලේදී පුංචි පැටවූ නොසෑහෙන්න අඬන්න ගන්නවා. ඒක ඒ තරම්ම් දරුවට අපහසු හා වේදනාකාරී වූ දෙයක්.

5. අධික සීතල හෝ උණුසුම

වැඩිහිටියන්ට වගේ නෙවෙයිනේ පොඩි දරුවන්ට අධික සිතල හා උණුසුම දරා ගන්න බැහැ. මේ වගේ තත්ත්වයන් ගැන මව අනිවාර්යෙන් අවදානයක් දිය යුතුයි වගේම දරුවාගේ සුව පහසුව සලසන්නත් කටයුතු කල යුතුයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *