පැටියා වෙනුවෙන් උත්සවයක් ගන්න ලොකු වියදමක් යනවද?

Categories ළමා අවධියPosted on
party

පුංචි පැටියා ටික ටික ලොකු වෙනවා. ඒ නිසාම එයා වෙනුවෙන් එයාගේ දවස් සමරන්න ඔයාට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒ අතරින් එයාගේ උපන්දින උත්සව එයාගේ විභාග ජයග්‍රහණ වගේ දේවල් සමරන්න ඔයා ගොඩක් කැමති ඇති. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ විදියට උත්සව ගන්න ඔයාට ලොකු වියදමක් යන එක. එහෙම වුනත් පැටියාගේ විශේෂ දේවල් සමරන්නේ නැතුව බැහැ නේ. ඒ නිසා අපි බලමු කොහොමද මේ දේවල් ඔයාගේ  විචියට සංවිධානය කරන්නේ කියලා.

වියදම් කළ හැකි ප්‍රමාණය

ඔබට උත්සවය වෙනුවෙන් වියදම් කළ හැකි ප්‍රමාණය කලින් තීරණය කරන්න


සුදුසු දිනයක් තෝරා ගන්න

ඔබටත්, ඔබේ පවුලේ අයටත් පහසු මෙන්ම ආරාධිතයන්ට පැමිණිය හැකි පහසු දිනයක් තෝරා ගන්න.


පවත්වන ස්ථානය තෝරා ගන්න

ඔබට පුළුවන් ඔබේ දරුවාගේ උත්සවය ඔබේ නිවසේ පවත්වන්න. එහෙම නැත්තම් ළමා උද්‍යානයක් වුණත් මේ සඳහා තෝරා ගන්න පුළුවන්. එවිට දරුවන්ට එකතු වෙලා ගොඩක් විනෝද වෙන්න පුළුවන් වේවි.


උත්සවය මොන විදිහේ උත්සවයක්ද කියලා තීරණය කරන්න

උත්සවය සැන්දෑ සාදයක්ද, එහෙම නැත්තම් රාත්‍රී සාදයක්ද යන්න කලින්ම තීරණය කරන්න.


ආරාධනය කරන්නේ කාටද කියලා තීරණය කරන්න

උත්සවය ඔබේ දරුවාගේ නිසා දරුවාගේ යාලුවන්ට නම් අනිවාර්යයෙන්ම ආරාධනා කරන්න ඕනේ. ඊට අමතරව දරුවාගේ ගුරුවරුන්ට, දරුවාගේ මිතුරන්ගේ දෙමව්පියන්ට සහ ඔබේ හිතවත් මිතුරන්ට ආරාධනා කරනවද යන්න තීරණය කළ යුතුයි. විභාගයක් සමත් වීම වැනි කාරණයක් උදෙසා උත්සවයක් පවත්වනවා නම් දරුවාගේ ගුරුවරුන්ටත් ආරාධනා කිරීම සුදුසුයි. ආරාධනා කරන ප්‍රමාණය සහ වියදම් කළ හැකි මුදල ඔබ ගලපා ගත යුතුයි.


ලබාදෙන ආහාර මොනවාද යන්න තීරණය කරන්න

සැන්දෑ සාදයකට ගැලපෙන්නේ තේ හෝ බීම සමඟ රස කැවිලියි. රාත්‍රී සාදයකට නම් ෆ්‍රයිඩ් රයිස්, නූඩ්ල්ස් වැනි ආහාරයක් හොඳින් ගැලපෙනවා. කුඩා දරුවන් සඳහා රස කැවිලි ඉතා සුදුසුයි.


ආරාධනා කරන ක්‍රමය

එය දරුවාගේ උත්සවයක් නිසා දරුවා ලවාම ආරාධනා කරවීම ගොඩක් වටිනවා. දරුවා ලවා කෝල් කරවීමට ඔබට පුළුවන්. එසේත් නැතිනම් දරුවන් ලවා ආරාධනා පත්‍ර පෝස්ට් කරවන්නත් ඔබට පුළුවන්.


පැමිණෙන දරුවන්ව රැක බලා ගැනීම සඳහා ක්‍රමයක් යොදන්න

අනෙක් දරුවන්ගේ දෙමව්පියනුත් පැමිණෙනවා නම්, එහි ගැටළුවක් නැහැ. නමුත් ඔබ අරාධනා කරන්නේ දරුවන්ට පමණක් නම් ඔවුන්ගේ ආරක්ෂාව ඔබගේ වගකීමක් වෙනවා. ඔබේ ඥාතීන් සහ අසල්වාසීන් කිහිප දෙනෙකුගේ උපකාරය මේ සඳහා ලබා ගන්න පුළුවන්.


සැරසිලි කටයුතු

කුඩා දරුවන්ට ගැලපෙන, ඔවුන්ගේ නෙත් සිත් පහර ගැනීමට සමත් වෙන සොඳුරු සැරසිලි වලින් ඔබ උත්සවය පවත්වන ස්ථානය හැඩ කරන්න. සැරසිලි කටයුතු සඳහා දරුවාගේ සහයෝගයත් ලබා ගන්න.


මේ දේවලුත් අමතක කරන්න එපා

  • දරුවා කැමති ආහාර, විනෝද කටයුතු වලට මුල් තැනක් දෙන්න.
  • ඔබේ එක් දරුවෙකු වෙනුවෙන් සූදානම් කළ උත්සවයක් වුවත්, ඔබේ අනිත් දරුවන්ව නොසලකා හරින්න එපා. ඔවුන්ටත් ඔවුන්ගේ විශේෂ මිතුරෙකුට ආරාධනා කළ යුතු බව පැවසුවොත් එයට අවසර දෙන්න.
  • සහභාගී වන දරුවන්ගේ අසාත්මිකතා ගැන සැලකිලිමත් වන්න.
  • අයිස්, හා ප්‍රථමාධාර සූදානම් කර තබන්න. ක්‍රීඩා කරන අතර තුර දරුවෙකු පුංචි හෝ සීරීමක් කර ගත්තොත් වහා එයට ප්‍රතිකාර ලබා දෙන්න.
  • ඔබ සතු සුරතලුන් කුඩුවක දමන්න. විශේෂයෙන්ම බල්ලන්ව උත්සවයෙන් ඈත් කරන්න. දරුවෙකු විනෝදයට ඔවුන්ට හිංසා කිරීමට ගොස්, ඔවුන්ගේ ප්‍රහාරයකට දරුවන් ලක් නොවෙන සේ පරිස්සම් වන්න.
Like
Like Love Haha Wow Sad Angry

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *