ගැබිණි සමයේ මානසික සුවය ඒ තරමටම වැදගත්

Categories ගර්භණී සමයPosted on
pregnancy

ගර්භණී සමය කියන්නේ මවක් ඉතාම ප්‍රවේශමෙන් ගත කළ යුතු කාලයක්. ඒ ප්‍රවේශමට ඇය තුළ පවතින මානසික සුවය කියන එක ඉතා වැදගත්. මෙතනදී ගර්භණී කාන්තාවකට සැමියාගෙන් ලැබෙන රැකවරණය ඉතාම වැදගත්. එහිදී  අඹු සැමි දෙපල අතර පවතින සමගිය මෙන්ම ඔවුන් දෙදෙනා අතර පවතින ආදරයද ඉතා වැදගත් කාරණයක් වන්නේ එය දරු ගැඹට බලපාන නිසයි. මවක් මානසිකව ඉතා සතුටින් ජීවත් වීම තුළ කුස තුළ වැඩෙන කළලයද ඉතා හොදින් වැඩෙනවා.

මෙහිදී විවාහ වී දරුවන් ලැබුණු පසු බිරිදගෙන් වෙන්වන සැමියන් මෙන්ම දරු ප්‍රසූතියට  පෙඑර බිරිද ගැබිගත් විගස බිරිදගෙන් වෙන් වන සැමියන් ද අද සමාජයේ නැතුවාම නොවේ. ඇත්තටම මේ වන විට පවතින වාථාවරණය අනුව කාන්තාවකට සැමියා නොමැතිව රෝහලෙන් පිටවී යාම පවා ඉතා අසූරුයිත මන්ද දරු උපත ලියාපදිංචිය උදෙසා විවාහ සහතිකය අනිවාර්ය සාදකයක් බවට පත් වී ඇති නිසයි. මෙවැනි වාථාවරණයක් තුළ සැමියා බිරිදගෙන් වෙන්වීම ගර්භණී මවකට දරා ගැනීමට අපහසු වන අතර එය තදින්ම බලපෑම් කරන්නේ කුස තුළ සිටින දරු ගැබට බව කිව යුතුමයි.

විවාහ වූ විගස කාන්තාවක් අලුත් පරිසරයකට හැඩ ගැසිය යුතුයි.  ඒ නිසාම විවාහ වූ විගස දරුවන් ලැබීමට සිටින කාන්තාවක් නම් එම පරිසරය තුළ තම අනන්‍යතාවය  පවත්වාගෙන යාම වැදගත්. එහිදී ගැබිණි මවක් විදියට නැන්දාම්මා සහ ලේලී අතර වන ප්‍රශ්න වලට මෙන්ම බොහෝ කාන්තාවන්ට  නෑනලා සමග වන අර්බුධයන්ට ද ඔරොත්තු දීමට සිදුවනවා.  මෙය යම් තරමක මානසික අපහසුතාවයක් ඇති කරන තත්වයක් වෙන අතර එවැනි අපහසුතා  සහ ගැටළු මග හැර සිටීමට හැකි පමණ ගර්භණී කාන්තාවන් උත්සහ ගත යුතු වනවා.  එවැනි අප්‍රසන්න සිදුවීම් හරහා ඇති වන මානසික අර්බුධයට මුහුණ දීම උදෙසා ඔබ  උපක්‍රමශීලී වීම ඉතා වැදගත් .

මෙලෙස වර්ථමාන සමාජයේ ගැඹිණි මවට මුහුණ දෙන්නට සිදුවන මානසික පීඩාවන් අනන්තවත් පවතින අතර මේ සියලු පීඩාවන්ට සැහැල්ලුවෙන් හා සාර්ථකව මුහුණ දීම වැදගත් වනනේ නිරෝගී දරු උපතක් ලබා ගැනීම උදෙසායි. ඇත්තටම මේ සියලු දෙයින් ගැඹිණි මව ගලවා ගනිමින් ඇයට නිසි රැකවරණය ලබා දීමේ වගකීම සැමියාට මෙන්ම නිවසේ සියලු වැඩිහිටියන් හට පැවරෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *