කුඩා දරුවාට ඇතිවිය හැකි ආසාත්මිකතා පිළිබද ඔබ දැනුවත්ද ?

Categories මුල් ළමා අවධියPosted on
allergic

ආසාත්මිකතා ලොකු පොඩි කාටත්  ඇති වෙන්න පුළුවන්. හැබැයි ලොකු අයට ආසාත්මික තාවයක් ඇති වෙනවා වගේ නෙමෙයි පොඩි අයට  එහෙම වුනාම.  සාමාන්‍යයෙන් ගොඩක් අය ආසාත්මික තාවක් ඇති වුනා කියලා කිව්වම හිතන්නේ පිටත පෙනෙන ලප හෝ  දද වැනි තත්වයක් ඇති වෙනවා කියලා. නමුත් ආසාත්මක තාවයක් කියන්නේ ඊට එහා ගිය තත්වයක් වුනත් විය හැකි. මෙහිදී සෘජුවම ලප හෝ කුශ්ට වැනි යමක් නොපෙන්වන අතර

* හතිය

* ඇදුම

* පීනස

වැනි රෝග ලක්ෂණ ආසාත්මිකතාවයන් නිසා ඇති විය හැකි. මෙහිදී  ආහාර , දූවිල්ල ආදී හේතුමත සාමාන්‍යයෙන් ආසාත්මික තාවයක් ඇතිවෙන පුද්ගලයෙකුට ආසාත්මික තාවයන් ඇති විය හැකි.  ඒ නිසයි දරුවන්ට මෙවැනි රෝග ඇති වන්නේ නම් ඒ පිළිබද දිගින් දිගටම විමසිලිමත් විය යුත්තේ.  විශේෂයෙන් නිවසේ ඇති දැඩි කරන සුරතල් සතුන් නිසා කුඩා දරුවන්ට මෙවැනි තත්ත්ව ඇති වන්නට පුළුවන්.  සුරතලු සතුන්ගේ ලෝම නාසයට යාම නිසාම මෙවැනි රෝග වලට ඔවුන් ගොදුරු විය හැකි.  ඇදුම වැනි රෝගයක් වැළදුණු විට ඒවා ඇතිවීමට බලපාන මේ තත්ත්ව ඉවත් නොකර රෝගයට ප්‍රතිකාර කිරීමට නොහැකි.

ඔබේ දරුවා ආසාත්මිකතාවයකට ගොදුරුව ඇත්දැයි සොයා ගැනීම සදහා චර්ම රෝග පරීක්ෂණයක් සිදු කිරීමට ඔබට පුළුවන්. මේ හරහා ඔබේ දරුවා යම් දෙයකට ආසාත්මිකතාවයක් පෙන්වනවා දැයි සොයා බැලීම වැදගත්.  එනම් යම් දරුවෙකුට දිගින් දිගටම ආසාත්මිකතාවයක් ඇතිවීමට හේතුව  පාරිසරික තත්ත්වයක්ද එසේ නැතිනම් ආහාරපානයක්දැයි සොයා ගැනීමට මෙය ඉවහල් වනවා.

දිගින් දිගටම පවතින යම් රෝග තත්ත්වයක් ඇති විට දරුවාගේ වෛද්‍යවරයා විසින් ලබා දෙන උපදෙස් පරිදි තත්වය හට ගන්නෙ යම් ආහාර වර්ගයක් ලබා ගත් පසු ද යන්න පිළිබඳව සුපරික්ෂාකාරිව සිටිය යුතුය. එසේ සැක කෙරෙන ආහාර වර්ග සඳහා දරුවා අසාත්මිකතාවයක් පෙන්නුම් කරයිද යන්න පිළිබඳව චර්ම රෝග පරීක්ෂණයට යොමු කර ස්ථිර කර ගැනීම සිදුවෙනවා.

මෙම චර්ම රෝග පරික්ෂණයෙදී අසාත්මික හේතූන් වන ආහාර වර්ග සහ පාරිසරික හේතු මෙන්ම සත්වයන් යන අවස්ථා සඳහා වෙන් වෙන් වශයෙන් රසායන ද්‍රව්‍ය යොදා ගැනීම සිදු කෙරේ. එසේම පරීක්ෂණයට යොමු වීමට පෙර ද වෛද්‍ය උපදෙස් මත දරුවට ලබා නොදිය යුතු ආහාර/ඖෂධ වර්ගයන් පිළිබඳවද වෛද්‍යවරයා මව්පියන් දැනුවත් කරන අතරම ඒවා ඒ ආකාරයෙන්ම පිළිපැදිය යුතු වේ. නැතහොත් පරීක්ෂණයේ ප්‍රතිපලවල නිරවද්‍ය බව සහතික කළ නොහැකි බැවිනි.

මෙසේ යම් දරුවෙකු යම් දෙයකට අසාත්මිකතාවයක් පෙන්නම් කරන බවට පරීක්ෂණයෙන් සනාථ වූ පසු ද දරුවාට නොදිය යුතු ආහාර වර්ග, ඖෂධ වර්ග මෙන්ම දරුවා රැකගත යුතු පාරිසරි තත්ත්ව පිළිබඳවත් මව්පියන් දැනුවත් කිරීම සිදු කෙරේ.

චර්ම රෝග පරීක්ෂණයට තම දරුවන් යොමු කිරීමට ඇතැම් මව්වරු තුළ අනියත බියක් ඇති නමුත් මේ පරීක්ෂණය වේදනාකාරී තත්වයක් නම් නොවේ. මෙහිදී සිදු කෙරෙන්නේ සම මත අසාත්මිකතා පරීක්ෂණය සඳහා යොදා ගන්නා රසායන ද්‍රව්‍ය සම මත එක් එක් ස්ථානවල තවරා සම මත ඉතා සුළු සීරීමක් ඇති කිරීමයි. ඉන් විනාඩි 25ක් පමණ කාලයකින් ප්‍රතිපල ලබා ගත හැකියි. එතැනදී ඔබේ දරුවාට අසාත්මිකතාවය ඇති වන්නේ කුමන හේතුවක් මතද යන්න වැටහ ගත හැකියි. මෙහිදී අසාත්මිකතාවයන් වලක්වා ගැනීමට උපදෙස් ලබා දීමද සිදු වේ.

Like
Like Love Haha Wow Sad Angry

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *