ගර්භණී සමයේ ඇතිවන ප්‍රසව සයිකෝසියාව

Categories දරුවන් සමඟින් සතුටින්Posted on
mother

දසමසක් දරුවකු කුසේ දරා සිටීම මෙන්ම ඒ දසමස ගෙවී ගිය පසු දරුවා රැක ගැනීමත් බොහෝ අපහසු ක්‍රයාවක්. සැබවින්ම ගර්භණී සමයේ මවක් තුළ විවිධ සංකූලතා ඇති වනවා මෙන්ම එම කාලය පසු වී දරුවා බිහි වූ පසුවත් මව්වරුන් තුළ මෙවැනි සංකූලතා ඇති වන්නට පුළුවන්. එය ප්‍රසව සයිකෝසියාව ලෙස හදුන්වනු ලබනවා.

ඉස්සර කාලයේ කාන්තාවකට දරුවෙක් ලැබුනාම ඇය වෙනුවෙන් අවධානය ලබා දෙන බොහෝ දෙනෙක් හිටියා. ඒත් අද මේ තත්වය වෙනුවෙන් සැදී පැහැදී ඉන්න පිරිස නැහැ. ඒ නිසාම කාන්තාව දරැ ප්‍රසුතියෙන් පසුව වෙනස් පරිසරයට තනිවම මුහුණ දෙනවා.

දරුවා ලැබුනාට පසුව අලුත් අම්මාව පවුලේ උදවියගේ විශේෂ ආරක්ෂාවට පාත්‍ර වීම එදා පටන් පැවැති සිරිතක්. ඇය මෙම අත්දැකීමෙන් පසුව කායිකවත් යම් යම් වෙනස්කම් පෙන්නුම් කරනවා. මේ නිසා ඇති වෙන මලබද්ධය,අජීර්ණ රෝගාබාධයන්ගෙන් ආරක්ෂාව ලබා දීම නිසා ඇයට වෙනම පිලියෙළ වුන ආහාර තිබුනා. ඒත් මේවා දිගින් දිගටම දෙන්නෙත් නැහැ. ඊට හේත-ව අලුත උපන් දරුවාට කිරි දෙන්න අවශ්‍ය පෝෂණය අම්මාට තිබෙන්න ඕන.

ඒ දවස්වල පිලියෙල කරන ලද තැම්බුම් හොද්ද ඒ අතර විශේෂයි. එය පිළියෙල වුනේ මෙහෙමයි.

සූදුරු, මහදුරු, කොත්තමල්ලි මේස හැදි එක බැගින් වෙන් වෙන්ව ගෙන හොඳින් අඹරා ගන්න. වියලි මිරිස් කරලක් ගෙන පුලුස්සා ගන්න. කරපිංචා, රම්පෙ වැනි දේ එක් කර

වතුර කෝප්ප හතරක් දමා එය එකක් වෙන සේ සින්දවා ගෙන පානය කිරීම එදා දරුවන් ලත් අම්මාට ලැබුන සත්කාර අතරට එක් වුණා.

කායම් හොද්ද යනුවෙන් හැඳින්වනු තවත් පානයක් තිබුණා. එය පිළියෙල වුනේ මේ විදිහටයි.

සූදුරු, මහදුරු, කොත්තමල්ලි, ග්‍රෑම් විසිපහක් පමණ එක් එක් ද්‍රව්‍යන්ගෙන් ගෙන අඹරා ගන්න. ගොරක, ලුනු, එනසල් තලා ගන්න. පොල් ටිකක්ද බැද ගෙන මේ සියල්ලට වතුර කෝප්ප හතරක් දමා ගොරෝසු මිශ්‍රණයක් වෙන තෙක් හොඳින් හැඳිගාමින් පිසින්න.

දරුවා ලැබුනාට පසුව අම්මාට දිය නෑමට ලබා දුන්නේ විශේෂ ශාඛ පත්‍ර තම්බා ගත් ජලයයි.පාවට්ටා කොළ, නික කොළ, එඩරු කොළ සහ වෙනිවැල් ගැට මේ දියරට එක්ව තිබුනා. මේ විදිහට හැම අතින්ම ලැබුන ආරක්ෂාව ඉහලින්ම එදා පැවතුනා.කොහොම වුනත් දරුවෙක් ලැබුනාම කාන්තාවක් ශරිරික ලෙසින් වගේම මානසිකවත් වෙනස් වෙනවා . ඒ නිසා අලුත් අම්මා කෙනෙක් තුලින් යම් අමුතු හැසිරීමක් දකින්න ලැබෙනවා නම් යන්තර මන්තර ගුරුකම් නොව ඉතාම ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් යොමු වීම ඉතාම වැදගත්.

Like
Like Love Haha Wow Sad Angry
2

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *