පවුල් සැලසුම් ක්‍රම පිළිබද ඔබ දැනුවත්ද?

Categories වැදගත් උපදෙස්Posted on
control

දරුවෙක් ලැබීම කියන්නේ ඉතාම හොද දෙයක්. එසේ වූවත් දරුවන් තන්නනට නිසි කාලයක් තිබෙනවා. එසේම ඔබට ආසාව තිබූ පමණින් දරුවන් තනන්නට බැහැ. අනෙක් පසින් බොහෝ තරුණ යුවළවල් විවාහ වූ අලුත දරුවන් තනන්නට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ නිසයි බොහෝ දෙනෙක්ට පවුල් සැලසුම් ක්‍රම වැදගත් වනනේ. ඔබට සැබවින්ම ගැලපෙන පවුල් සැලසුම් ක්‍රමය කුමක්ද යන්න කතා කරන්නටයි මේ සූදානම.

1. විරමණය

සාම්ප්‍රදායික පවුල් සැලසුම් ක්‍රම වලින් සාර්ථකම ක්‍රමය ලෙස සැළකිය හැකි ක්‍රමය විරමණය හදුන්වා දෙන්න පුළුවන්. විරමණය කිව්වම ඔබට නුපුරුදු ස්වභාවයක් ඇති. විරමණය කියන්නේ සංසර්ගයේ නොයෙදීම. මෙය ගැබ් ගැනීමක් වැළැක්වීමට ඉතාම ප්‍රත්‍යක්ෂ උපක්‍රමයක් බව ඔබ දන්නවා. නමුත් සාර්ථක පවුල් ජිවිතයක් ගත කිරීමේදී නම් මෙය ප්‍රායෝගික නොවන ක්‍රමයක්.

02. දින පිළිබද අවබෝදය

මෙම ක්‍රමයේදි නම් මනා සිහියෙන් සහ අවබෝදයෙන් සිටීම වැදගත්. සාමාන්ය කාන්තාවක් හට මාස් ශුද්දිය සැදෙන්නේ දවස් 28 කට වතාවක් බව ඔබ හොඳින් දන්නා කරුණක්. රුධිරය පිටවීම ආරම්භ වි දින 10 පමණ යන තුරු සිදුවන්නේ තුබූ ගර්භාෂ බිත්ති ඉවත්වීම හා නව ගර්භාෂ බිත්ති සෑදීමයි. රුධිරය නිකුත් වී ඩිම්බ මෝචනය වීම ආරම්ඹ වන්නේ, 12-16 යන දිනයන්හිදිය. මේ දිනවල ඔබට සංසරණයේ යෙදීමෙන් වැලකි සිටිය හැකියි. මේ දින සම්බන්දයෙන් අවබෝධයෙන් සිටිනම් ස්වාභාවිකවම ගැබ් ගැනීමක් වලක්වා ගන්න පුළුවන්.

03. හෝමෝන ලබා ගැනීම.

පවුල් සැලසුම් ක්‍රමයන් සඳහා තවත් පහසු ක්‍රමයක් ලෙස මෙම හෝමෝන ලබා ගැනීම දක්වන්න පුළුවන්. හෝමෝන ලබා ගැනීම ක්‍රම කිහිපයක් ඔස්සේ සිදු කරන්න පුළුවන්. මෙහිදී උපත් පාලන පෙති ලබා ගත හැකියි. බොහෝදුරට යොදාගනු ලබන්නේ එස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන අඩංගු පෙති 21 හෝ 28 කින් සමන්විත මිශ්‍ර පෙති කට්ටලයි. මෙය භාවිතයට පෙර වෛද්‍ය උපදෙස් ලබන්නේ නම් ඉතාම වැදගත්. එමෙන්ම දින 90 කට වරක් ලබාගත යුතු ඩිපො-ප්‍රොවිරා එන්නත ලබා ගැනීමද එක් පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස දක්කවන්න පුළුවන්. පෙති වලට වඩා මෙය පහසුයි. සම යට හෝමෝන සහිත කූරු තැන්පත් කිරීම ද තවත් එක් පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස හදුන්නවන්න පුළුවන්. ජඩෙල් යනුවෙන් හඳුන්වන මෙය දීර්ඝ කාලින පවුල් සැලසුම් ක්‍රමයක් වගේම ඉතාමත් සාර්ථක ක්‍රමයක් ලෙස දක්වන්න පුළුවන්.

04. කොන්ඩම් භාවිත කිරීම

ශරීරයට ඉතාම හිතකර උපත් පාලකයක් ලෙස කොන්ඩම් භාවිත කිරීම දක්වන්න පුළුවන්. මීට අමතරව ගැබ්ගෙල කැප් (cervical caps) මෙයට සමාන ක්‍රමයක්. අනෙකුත් උපත් පාලක ක්‍රම මගින් නොලැබෙන කොන්ඩම පැළඳීමේ වාසියක් තමයි, සමාජ රෝග වලින් ආරක්ෂාවක් ලැබීම. මෙයත් 95% සාර්ථක ක්‍රමයක් ලෙස දක්වන්න පුළුවන්.

05. ලූපය

මෙහිදී සිදුවන්නේ ‘T’ අකුරක හැඩැති කුඩා තඹ හෝ හෝමෝන අඩංගු උපකරණයක් ගර්භාෂය තුළට ඇතුලත් කිරීමයි. මෙම උපකරණයෙන් සංසේචනය වූ ඩිම්බය ගර්භාෂ බිත්තිය මත තැන්පත් වීම වැළැක්වීම මගින් ගැබ්ගැනීම නවතා දමනවා. හොමෝන අඩංගු නොවන තඹ උපකරණයක් අවුරුදු 10ක් දක්වාත්, හෝමෝන අඩංගු levonorgestrel IUD උපකරණ අවුරුදු 5ක් දක්වාත් පැළඳිය හැකියි. මෙය බහුලව භාවිත කරන ඉතාමත් හොඳ පවුල් සැලසුම් ක්‍රමයක්.

Like
Like Love Haha Wow Sad Angry

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *