ඔබේ දරුවාට විටමින් ඌනතාවයක් තිබේ දැයි බලන්න

Categories මුල් ළමා අවධියPosted on
mother

අධික තරබාරුව මෙන්ම අධික ලෙස කෙට්ටුවීමද දරුවන්ට තිබෙන විශාල ගැටළුවක්. ඔබේ දරුවාත් ප්‍රමාණය ඉක්මවා කෙට්ටු  නම් බොහෝ විට එය විටමින් ඌනතාවක් විය හැකි. විටමින් නමින් හැඳින්වෙන්නේ ශරීරයේ වර්ධනය සහ සෞඛ්‍ය සම්පන්න බව පවත්වාගෙන යාමට අවශ්‍ය වන ද්‍රව්‍යයන්. සමහර විටමින් රෝගාබාධ ඇති කරන විෂබීජවලින් වළක්වා ගැනීමේ ප්‍රතිශක්ති ක්‍රියාවලියට උදව් කරන අතර සමහර විටමින් ශරීරයේ එන්සයිමවල ක්‍රියාකාරිත්වයට සහාය වී ශරීරයේ ශක්තිය නිෂ්පාදනය කරනවා. තවත් සමහර විටමින් හෝමෝන වර්ග තැනීමේ ක්‍රියාවලියේ දී හා ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වයේ දී ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා විටමින් කියන්නේ ඕනෑම කෙනෙකුගේ සිරුරේ මනා සෞඛ්‍යයට අත්‍යාවශ්‍ය දෙයක් කියල තේරුම් ගන්න පුළුවන්.

නිසි පරිදි විටමින් නොලැබීම

නිසි පරිදි විටමින් නොලැබෙන දරුවෙකුට රෝග පැතිරීමේ ඉඩ වැඩියි කියන කතාව කලින් කිව්වා කාරණා නිසා අත්තක් වෙන බව ඔබට දැන් තේරුම් ගන්න පුළුවන්. සිරුරේ පූර්ණ වර්ධනයට, විවිධ අංශවල ක්‍රියාකාරිත්වයට විටමින් අත්‍යවශ්‍යයි. උදාහරණ ලෙස විෂබීජ ආසාදනයක දී සිරුරේ විනාශ වන සෛල අලුතෙන් වැඩෙන්නට විටමින් සී අත්‍යවශ්‍යයි.

විටමින් ඒ ඌනතාව දිගින් දිගටම පැවතුණොත් අඳුරේ දී ඇස් පෙනීම සම්පූර්ණයෙන් ම නැතිව යා හැකියි. ඇස්වල කොරපොතු හෙවත් බීටෝ ලප ඇතිවිය හැකියි. මෙහි මූලික රෝග ලක්ෂණය වන්නේ ඇස්වල ඇතුළත පටලය රැලි ගැසීමයි. ඒ වගේම එවැනි දරුවන් ගේ සම මතුපිට කොරල වැනි ස්වභාවයක් ඇති වෙන්නටත් පුළුවන්.

විටමින් හා ප්‍රතිශක්තිය

ප්‍රතිශක්තිකරණ ශක්තිය කියන්නේ රෝගවලට ඔරොත්තු දීමට ඇති හැකියාව. කෙනෙක් විටමින් ඌනතාවෙන් පෙළෙනවා නම් ශරීරය දුර්වල විය හැකියි. දුර්වල සිරුරක් ඇති කෙනා ඉක්මනින් ම රෝගවලට ගොදුරු විය හැකියි. සෞඛ්‍ය සම්පන්න බවට, නිරෝගී සිරුරකට හොඳ පෝෂණයක් අත්‍යවශ්‍යයි. හොඳ පෝෂණයකට විටමින් අත්‍යවශ්‍යයි.


දරුවන් කෙට්ටු වීමට විටමින් බලපානවාද?

බොහෝ දරුවන්ගේ සිරුර කෙට්ටු වීමට හේතුව ශරීරයට අවශ්‍ය මාංශජනක ධාතු හා ශක්තිය අඩංගු ආහාර (සීනි, පිටි, තෙල්) නිසි ප්‍රමාණයට, නිසි වේලාවට නොලැබීමයි. ඇතැම් දරුවන් අතර කලාතුරකින් විටමින් ඌනතාවක් දකින්නට ලැබෙනවා. එහිදී ප්‍රමුඛතාව ගන්නේ විටමින් ‘ඒ. ඌනතාව.

විටමින් දීමෙන් දරුවාගේ කෙට්ටු වීම, මලානික බව දුරු වී යන බව සිතීම අපහසුයි. කළ යුතු වන්නේ කෙට්ටු වීමට හේතුව සොයා බලා ඊට ප්‍රතිකාර කිරීමයි.

යකඩ ඌනතාව නිසා ඇතිවන රක්තහීනතාව හෙවත් පාණ්ඩුවත් සමහර දරුවන් අතර දකින්නට ලැබෙනවා. ඒත් ‘යකඩ’ ඛනිජ ද්‍රව්‍යයක්. එය විටමිනයක් නොවෙයි. ඒ වගේම ‘අයඩින්’ අපේ සිරුරට අඩුවෙන් ලැබෙන ඛනිජ ද්‍රව්‍යයක්. අයඩින් ඌනතාව නිසා තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩු වී ඒ මඟින් දරුවාගේ කායික හා මානසික වර්ධනය බාල විය හැකියි.

Like
Like Love Haha Wow Sad Angry

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *