දරුවන්ගේ පෝෂණය ගැන හිතන ඔබට විටමින් ගැන දැනුමක් තිබෙනවාද?

Categories ළමා අවධියPosted on
vitamin

ඔබ මවක්. ඒ නිසාම ඔබ  දඑරුවන්ට අවශ්‍ය සියලු දේවල් පිළිබද දැන සිටිය යුතුයි. මෙහිදි ඔබේ දරුවා ගේ පෝෂණය පිළිබදව ඔබට වැටහීමහක් තිබිය යුතුමයි. මෙහිදී දරුවාගේ වැඩීමට මේ පිළිබද ඔබට තිබෙන දැනුම ඉතා වැදගත්. විශේෂයෙන් විටමින් සපිරි පෝෂණීය ආහාර දරුවන්ට ලබා දීම වැදගත් . මෙහිදී ඔබට විටමින් වර්ග පිළිබද දැනුම ලබා තිබීමත් වැදගත් .

විටමින් වර්ග

ප්‍රධාන වශයෙන් ම විටමින් වර්ග කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවනි. A ජලයේ දියවන විටමින් වර්ග සහ මේදයේ දියවන විටමින් වර්ග ලෙස. විටමින් A, විටමින් D සහ විටමින් E, K යන වර්ග මේදයේ දියවී ඇති විටමින් වර්ග.මේදයේ දියවී ඇති විටමින් වැඩිපුර ශරීරයට ලබාගත් විට පහසුවෙන් ශරීරයෙන් ඉවත්වන්නේ නෑ. එම මේද කොටස් ශරීරයේ විවිධ ස්ථානවල තැන්පත් වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා පසුකාලීනව විවිධ රෝගාබාධවලට මුහුණ පෑමට ඔබට සිදුවන්නට පුළුවන්.

විටමින් D සහ විටමින් C දියවී ඇත්තේ ජලයේ. ජලයේ දියවී ඇති විටමින් අවශ්‍ය පමණට වඩා ශරීරයට ගත්තත් හානියක් සිදුවන්නේ නෑ. ඒ ඉතා පහසුවෙන් ඒවා ශරීරයෙන් පිටවී යන නිසයි.


විටමින්වලින් ශරීරයට ලැබෙන ප්‍රයෝජන

විටමින් A

ශරීරයට ලැබෙන විටමින් A ප්‍රමාණය අඩුවීම අස්ථි වර්ධනයට ඍජුවම බලපානවා. අපගේ සම ඉක්මනින් රළු වීමට විටමින් A ඌනතාවය හේතු වෙනවා. විටමින් A ඌනතාවය විශේෂයෙන් ම බලපාන්නේ ඇස්වලට. ටමින් A ශරීරයට වැඩිවීමත් ප්‍රබල ගැටලුවක්. පමණට වඩා ශරීරයේ විටමින් ඒ වැඩිවීම අක්මාව සහ අස්ථි ආශ්‍රිත රෝගවලට හේතුවක්.

විටමින් A කිරි, මස්, බිත්තර වැනි සත්ව ආහාරවල බහුල වශයෙන් අඩංගු වෙනවා. ඊට අමතරව කැරට්, බතල, පලා වර්ග ආදියේත් විටමින් බහුලව A තිබෙනවා.

විටමින් B

විටමින් B යනු විටමින සංකීර්ණයක්. විටමින් B1, B2, B4, B5, B6, B12 ලෙස ඒවා නම් කෙරෙනවා.

B කාණ්ඩයේ විටමින අප එදිනෙදා ගන්නා සත්ව ආහාරවල මෙන් ම ධාන්‍යවලද ඉතා සුලභව තිබෙනවා. බයොටින් නම් විටමිනය අයත් වන්නේත් විටමින් B යටතට. බයොටින් සත්වමය ආහාරවල මෙන් ම තක්කාලිවලත් බහුලව තිබෙනවා.

විටමින් C

දොඩම්, නෙල්ලි වැනි ආහාරවල විටමින් C බහුලයි. විටමින් C අප ගන්නා ආහාරවල පෝෂ්‍ය කොටස් ශරීරයට උරාගැනීමට බෙහෙවින් උපකාර වෙනවා.

ඒ නිසයි අප ගන්නා ප්‍රධාන ආහාර වේලකට පසුව විටමින් C අඩංගු පලතුරක් ආහාරයට ගත යුත්තේ. විදුරු මස් වලින් රුධිර වහනය, කැසීම් නිසා නිතර තුවාල ඇතිවීම සහ එම තුවාල සුවවීමට කලක් ගතවීම වැනි තත්ත්වයක් විටමින් C ශරීරයට අඩුවීම නිසා ඇතිවිය හැකියි.

එළවළු සහ පලතුරු වල විටමින් C බහුලව අඩංගු වන අතර ඒවා සිහින්ව කැපූවිට විටමින් C විනාශ වෙනවා. ආහාර අධික උෂ්ණත්වයට රත් කිරීම ද විටමින් C විනාශ වීමට එක් හේතුවක්.

විටමින් D

අපේ සමේ යම් යම් කොටස් හිරු එළියේ ඇති පාරජම්බුල කිරණ වලට නිරාවරණය වීමෙන් අපගේ සම මතම විටමින් D නිපදවෙනවා. මුහුදු මසුන්ගේ අක්මා තෙල්වලින්, බිත්තර කහමදයේත් විටමින් D බහුලයි.

විටමින් D අඩුවීම එම දරුවා Rickets නම් රෝග තත්ත්වය ඇතිවීමටත් වැඩිහිටියකුගේ ශරීරයේ විටමින් D අඩුවීම Osteomalasia නම් රෝග තත්ත්වය ඇතිවීමටත් හේතුවන බව සොයාගෙන තිබෙනවා.

විටමින් K

විටමින් K අපගේ රුධිරය කැටි ගැසීමට අවශ්‍යව ද්‍රව්‍යයක්.

මේ නිසා කිසියම් අයෙක් විටමින් K ඌනතාවයකින් පෙළෙන්නේ නම්, රුධිරය කැටි නොගැසීමෙන් විවිධ ආපදා ඇතිවිය හැකියි. එය ඉතා භයානක තත්ත්වයක්.

විටමින් E

විටමින් E ප්‍රති ඔක්සිකාරක විශේෂයක් ලෙස මිනිස් සෛල කෙරෙහි ක්‍රියාකරනවා. මිනිස් සෛල පටලවල ස්ථාවර බවට විටමින් E ඉතා යෝග්‍ය බවත් සොයාගෙන තිබෙනවා. සෝයා, තිරිඟු, අලි පේර, බතල වැනි ආහාරවල විටමින් E ඉතා බහුලයි. වර්තමානයේ මෝස්තරයක් වී තිබෙන ආකාරයෙන් විටමින් E කරල් ලෙස ගැනීම ශරීරයට අහිතකර විය හැකියි.

Like
Like Love Haha Wow Sad Angry

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *