ඔයාගේ දෝනිට කවදාවත් මේ දේවල් කියන්න එපා

Categories හිරිමල් යෞවනයPosted on
daughter

දියණියක් ගෙදර ඉන්නවා කියන්නේ ඉතාම ලොකු වගකීමක්. ඉතින් ඔයාගේ ගෙදර ඉන්න පුංචි දෝනිව පරිස්සමෙන් බලා ගන්න ඔයාට කරන්න ගොඩක් දේවල් තියෙනවා. විශේෂයෙන් එයා එක්ක බෙදා හදා ගන්න ඕන මොනවද . එහෙම නැත්තේ මොනවද කියලා ඔයාට වගකීමක් තියෙන්නම ඕන. මේ කියනන යන්නේ ඔයා ඔයාගේ  දෝනිට කවදාවමත්ම කියන්න හොද නැති දේවල් ටිකක්.

“ඔහු ඔබට කැමති නිසා එසේ කරන්න ඇති!”

හිතන්න, ඔබේ දියණිය නිවසට පැමිණ ඔබට පවසනවා (අඬමින් වෙන්නත් පුළුවන්), “අම්මේ, එක කොල්ලෙක් මගේ කොන්ඩෙන් ඇදල මට ඔච්චම් කරා”. ඔබ මොකකද එවිට කියන්නේ? ගොඩක් දෙමපියන් කියනවා, “ගගන් ගන්න එපා දුව, ඒ කොල්ල ඔයාට කැමැති නිසා එහෙම කරන්න ඇති” කියලා. මෙසේ කිසිදිනෙක ඔබේ දියණියට කියන්න එපා. ඉන් ඇයගේ කුඩා මනසට ඇතුළුවෙන්නේ, වාචික/ශාරීරික හිංසනය ආදරය හා සම්බන්දයි කියා. ආදරය කියන්නේ ගරුත්වය හා කරුණාව සමග මුසුවුණු දෙයක් බව ඇයට පවසන්න. ඔබට වැඩිවියට පත්වුණු දුවක් සිටියත් මේ දෙය තමයි ඔබ ඇයට කිව යුත්තේ.

∗ “ඔයා ගොඩක් ලස්සනයි!”

ඔබ හිතෙන්න පුළුවන් මෙසේ කියන එකේ ඇති වැරැද්දක් මොකක්ද කියලා. නමුත් ඔබ නිතර ඇයට කීවොත්, “ලස්සන කෙල්ලේ”, “ඔබ ලස්සන කුමරියක්”, මෙවැනි දේවල් අද සමාජය සිටින කපටි කොල්ලො, පිරිමින්, හා රැවටිලිකාරියෝ නිතරම ගැහැණු දරුවන්ට කියනවා. මින් ඇයට සිතෙන්න පුළුවන් භාහිර පෙනුම තමයි වඩා වැදගත් කියලා. ඇයට පැවසිය යුත්තේ භාහිර පෙනුමට වඩා අභ්‍යන්තර පෙනුම තමයි වැදගත් කියලා.

∗ “මම ආහාර පාලනය කරන්න ඕනේ!”

ඔබට, ඔබේ බර අඩු කරගන්න අවශ්‍යතාවයක් ඇති. නමුත්, මේ බව ඔබේ දියණියට අඟවන්න එපා. ඔබ නිතරම ඔබේ ශරීරයේ ගැඩය කැඩපතෙන් බල බල ඒ ගැන අසතුටු ප්‍රකාශ කරනවා නම්, දියණියට හිතෙන්නේ භාහිර පෙනුම කියන්නේ සැහීමකට පත්නොවිය හැකි දෙයක් බවයි. ඊට අමතරව ඇයට සිතෙන්න පුළුවන්, භාහිර පෙනුම කියන දෙය ඉතා වැදගත් දෙයක් කියලත්. එමඟින් ඇය, ඇගේ භාහිර පෙනුම ගැන කළකිරෙන්නත් පුළුවන්. පෙනුම ගැන ඔබේ ආත්ම විශ්වාසය වැඩි කරගන්න.

∗ “මම කවදත් ගණිතයට දක්ෂ නෑ!”

මේ කියමන ගොඩක් දෙමව්පියන් කියනවා. වැඩිපුර මව්වරුන් තමයි මෙය කියන්නේ. මොකද, මතයක් තියෙනවා ගැහැණු උදවියට ගණිතය බෑ කියලා. කර ඇති පරීක්ෂණ හා අධ්‍යයන වලින් තහවූරු වෙලා තියෙනවා දෙමව්පියන් දරන ආකල්ප දරුවන්ගේ හැකියාවන්ට සෘජුව බලපාන බව. මීට අමතරව, “ඒක ගොඩක් ලේසියි” කියන කියමනත් ටිකක් ප්‍රවේසමෙන් කියන්න. මන්ද, ඇයට ඒ දෙය අමාරුනම්, ඇය ඉන් පීඩාවට පත්වෙන්න පුළුවන්. “මම දන්නවා දුවට ඒක කරන්න පුළුවන්” කියලා කියන්න.

∗ “කෙල්ලන්ට ඒ දේවල් කරන්න බෑ!”

කවුද කියන්නේ? මෙහෙම මතයක් නම් ලෝකයේ තියෙනවා තමයි. නමුත් එහෙම සීමා ඔබ පනවගන්න එපා. ඔබේ දියණියට සීමා පනවන්නත් එපා. පොදුවේ ගත්කල ගැහැණු දරුවන් අදක්ෂ දේවල් තියෙන්න පුළුවන්. නමුත්, ඉන් අදහස් වෙන්නේ නෑ ඔබේ දියණියටත් ඒ දෙය කරන්න බෑ කියලා. “ස්ත්‍රී භාවය” නිසා දියණියට මානසිකව සීමා පනවන්න එපා. හැබැයි ගැහැණු දරුවෙකු නොකළ යුතු දේවලුත් තියෙනවා. ඒ දේවල් මොනවාද කියල ඔබ දන්නවානෙ? මින් අදහස් කෙරෙනුයේ හැකියාවන්ට සීමාවන් පනවන්න එපා කියන එකයි.

∗ “ඔයාට ඕක බලන්න තහනම්!”

මෙසේ පැවසීමෙන් ඔබේ දියණියට ඔබේ වාරණයන් මත රඳා පැවතිය යුතු බවක් ඉගැන්වෙනවා. හැබැයි මින් අදහස් කෙරෙනුයේ නෑ ඇයට ඔනෑම දෙයක් ටෙලිවිශනයේ හා අන්තර්ජාලයේ බලන්න කියන එක. ඇයට මූළධර්ම උගන්වන්න. මෙමඟින් ඇයට, ඇය විසින්ම හොඳ තීරණයකට එළඹෙන්න පුළුවන් වෙනවා. ඔබ නීතියක් වශයෙන් කීවොත් “ඔයා, ඔය දේවල් බලන්නේ නෑ” කියලා, කුතුහලයකට පත්වෙන දරුවන් ඒවා හොරෙන් හෝ බැලීමට පෙළඹෙන්න පුළුවන්.

Like
Like Love Haha Wow Sad Angry

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *