දරුවන්ගේ අධ්‍යාපනයට මැදිහත් වෙන්නේ මෙහෙමයි

Categories මුල් ළමා අවධියPosted on
education

අනෙක් හැමදේටම වඩා දරුවන්ගේ අධ්‍යාපනය කරයන්නේ වැදගත් දෙයක්. ඉතින් ඉගෙන ගන්න වයසේ දරුවන් ඉන්න අමෙක් විදියට ඔයාට මේ දේවල් ගොඩක් වැදගත් වෙයි.

1. පාසල තෝරා ගන්න

ඔබ අනිවාර්යයෙන් ඔබගේ දරුවාව ඉතා හොද පාසලක් වෙත යැවීම සිදු කල යුතුයි. ගොඩාක් අම්මලා කරන දෙයක් තමයි. වඩාත් හොඳ පාසලක් වෙත දරුවාව යවන්න හිතාගෙන. හැම තිස්සෙම නගරේ පාසලකට දරුවාව දමන්න උත්සහ කරන එක. ඔබ දන්නවද ගමේ පාසල තුළත් ඔබගේ දරුවට හොද අධ්‍යාපනයක් ලැබෙනවා. නගරේ පාසලකට දැමීමෙන් සිදුවන්නේ දරුවාව නිකරුනේ මහන්සි කරන එක.

2. හැමදේම අහන්න

මවක් විදිහට ඔබ පුරුදු විය යුතුම දෙයක් තමයි . පාසලේදී ඔබගේ දරුවා සිදු කරන සියලුම දේ ගැන නිවසට පැමිණි පසු කතා කිරීම. මොනවද අද කලේ…. ටීචර් මොනවද කිව්වේ…. වගේ ඔබ ප්‍රශ්න අසන්න. මේ තුලින් ඔබට දරුවා ඇසුරු කරන්නන් ගැන, දරුවා ක්‍රියා කරන අකාරය ගැන මනා අවබෝදයක් ලබා ගත හැකියි.

3. දරුවාගේ පොත් පිළිඹඳ අවදානය යොමු කරන්න

ඔබ අනිවාර්යෙන්ම කල යුතුම දෙයක් තමයි, දරුවාගේ පාසල් පොත් පෙරලා ඔහු වැඩ කරන ආකාරය ගැන අවබෝදයක් ලබා ගැනීම, දරුවා කෙතරම වර්ධනයක් පෙන්නුම් කරනවද එහෙමත් නැත්නම් දරුවා දුර්වලයිද යන්න ඔබට දෑන ගැනීමේ හැකියාවක් ඇත.

4. ගුරුවරයා සමඟ කතා කරන්න.

ඔබ නිරන්තරයෙන් පාසලට ගිහින් ගුරුවරයා හමුවීම මෙයින් අදහස් කරන්නේ නෑ. ඔබ කාර්ය බහුල මවක් වුවත් එසේ නොවුනත් පාසලේ ගුරුවරයා වෙත දුරකතන ඇමතුමක් හෝ ලබා දී ඔබගේ දරුවාගේ පාසල් වැඩ සම්බන්දයෙන් ගුරුවරයාගෙන් දැන ගැනීම ඉතාම වැදගත්.

5. ගුරු දෙගුරු රැස්වීම් සඳහා සහභාගී වීම.

ඔබ ගුරු දෙගුරු රැස්වීම් සඳහා අනිවාර්යෙන්ම සහභාගී වීම වැදගත්. ඔබගේ සහභාගී වීම ගුරුවරයා මෙන්ම දරුවාද අපේක්ෂා කරනවා. ඇතම් විට ඔබ කාර්යබහුල වීම නිසා එයට සහභාගිවීමට නොහැකි වුව හොත්, නැවත දිනයක් වෙන් කරගෙන ගුරුවරයව හමුවීමට ඔබ කටයුතු කරන්න. දරුවා මත මනා අවදානය යොමු කරන මවක් ලෙස මෙය ඉතාමත් වැදගත්.

6. දරුවාගේ දක්ෂතාවයට මුලිකත්වය දෙන්න.

ගොඩක් අම්මලා කරන දෙයක් තමයි දරුවා අකමැති වුනත් අම්මාගේ කැමැත්ත මත දරුවට යම් යම් දේ සිදු කිරීමට බල කිරීම. ඇතැම් විට ඔබගේ දරුවා දක්ෂ, චිත්‍ර අදින්න වෙන්න පුලුවන්. එහෙම ළමයෙකුට නැටුම් කරන්න බල කරන එකෙන් දරුවාගේ හැකියාවන් තවත් මොට්ට වෙන එක පමණයි සිද්ද වෙන්නේ. දරුවා දක්ෂ දෙයින් ඉදිරියට යන්න ඔබ ඔහුට සහයක් වන්න.

7. පොතට පමණක් සීමා කරන්න එපා.

ඔබ දරුවට අධ්‍යාපනයක් ලබා දීම නිරන්තරයෙන් වෙහෙසෙන නමුත් එම දැනුම පොතට පමණක් සීමා කරන්න එපා. ඔබ විධිමත්ව වගේම අවිධිමත්ව ඉගෙන ගැනීමට දරුවා යොමුකරන්න. නිරන්තරයෙන් පරිසරය සමඟ සමාජය සමඟ ගැටීමට ඉඩ දෙන්න. පොතින් ලබන දැනුමට වඩා එය තුලින් ජිවිතයට යමක් එක්කර ගන්න හැකි වේවි.

Like
Like Love Haha Wow Sad Angry
1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *