දරුවන්ගේ පෞර්ශය නැති වෙන්න ඔබත් හේතුවක්

Categories ළමා අවධියPosted on
child

පෞරෂය කියන්නේ ඉතා වැදගත් දෙයක්. පෞර්ශය හොදින් පවත්වා ගැනීම වඩා වැදගත් වන්නේ කුඩා දරුවන්ට. මොකද දරවන් කියන්නේ හෙට දිනයේ වැඩිහිටියන් වන පිඑරිස වන නිසා. එහෙම වුනත් මේ කියන්න යන්නේ ඔබේ දරුවාගේ පෞර්ශය හානි කරන්නට ඔබ අතින් වෙන වැරදි කිහිපයක්.

01. දරුවා දෙමාපියන්ගේ නිදන යහනේ තබා ගැනීම

ඔබ දරුවා කෙරෙහි ගොඩක් බැඳිලා ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් වයස අවුරුදු 3 න පස්සේ දරුවා දෙමාපියන් සමග නිදන යහනේ නිදි කරවා ගැනීමෙන් දරුවාගේ පෞර්ෂය හීන වෙනවා. ආත්මශක්තියෙන් යුතුව මනුස්සයෙක් ලෙස ජීවිතයට මුහුණ දීමේ හැකියාව අඩු වෙනවා. සමහර දෙමාපියෝ ගොඩක් ආඩම්බරෙන් කියනවා විවාහ වෙන්න කිට්ටු වයසක දරුවෝ ඇඳේ තබාගෙන නිදනවා කියා.

ලංකාවේ අපි එය ඉතාම යහපත් සිරිතක් ලෙස සැලකුවත් මෙය දරුවාට ඉතාම හානිකරයි. ඒ වගේම බොහෝ මොන්ටිසෝරි ගුරුවරියන් මුහුණ දෙන ගැටළුවක් තමයි කුඩා දරුවෝ ඔවුන් සමග දෙමාපියන්ගේ ලිංගික හැසිරීම් බෙදා හදා ගැනීම. හැම විටම ලොකු අනතුරක් තිබෙනවා. තේරෙන වයසේ දරුවෝ යහන මත තබා ගැනීමේ එක අනතුරක් ඒකත්. ඔවුන් දෙමාපියන්ගේ ලිංගික හැසිරීම් දැකල නිදි වගේ පෙන්වලා ඒවා අධ්‍යනය කරන්න පෙළඹෙනවා. එවැනි දරුවෝ තමා අකාලයේ ජීවිත විනාශ කර ගන්නේ. මේ නිසා ඔබ දරුවා අවුරුදු 3 න් පසුව වෙනම නිදි කරවන්න හුරු කරන්න. එය දරුවාගේ සමබර පෞර්ෂයට ගොඩක් වැදගත් වෙනවා.


02. ආහාර කැවීමට අස්වාභාවික චර්යා හුරු කරවීම

මේ රටේ බොහෝ දරුවන්ට ආම්මලා අහාර කවන්න ගොඩක් දුක් විඳිනවා. ඔවුන් සලකන්නේ එය දරුවට කරන ආදරෙයේ කොටසක් ලෙසයි. නමුත් ගස් වටේ යමින් මහා යුද්ධයක් කරමින් දරුවට කවන එක එතරම් සුදුසු නැහැ. අවුරුදු 18 පහු වෙලා විශ්ව විද්‍යාලෙට එන සමහර ළමයින්ට පවා අහාර අතින් කන්න බැහැ. මොකද අපේ දෙමාපියෝ ඔවුන්ට ආහාර ගැනීම අමුතු දෙයක් කරලා.

කුඩා කල සිටම දරුවා Feeding Chair එකේ නිසි ලෙස ස්ථානගත කර කවන්න. කන එක පවුලේ හැමෝම කරන සාමාන්‍ය දෙයක් ලෙස දරුවාට හැගෙන්න ඉඩ හරින්න. ඒ වගේම එක වේලක් ආහාර නොගෙන ඉන්නවා නම් කවන්න වද වෙන්න එපා. එවිට ඊළඟ ආහාර වේලට බඩගින්න ඇති වෙනවා. වැඩි වදයක් නැතුව දරුවාට තනිව ආහාර ගනීඅට ඉඩ ලබා දෙන්න.


03. වසර ගණනාවක් මවු කිරි පෙවීම

ඇත්තටම මවු කිරෙන් දරුවෙක් පෝෂණය වෙන්න ස්වභාව ධර්මයෙන් තීරණය වෙන්නේ කෙටි කාලයක්. වසරකට පසු මවු කිරි ලබා දීම දරුවාට වගේම මවටත් එතරම් යහපතක් වෙන්නේ නැහැ. මවු කිරට හුරු වෙන දරුවෝ ආහාර ගැනීම අවම කරනවා නිතරම දකින්න ලැබෙනවා. එවිට දරුවාට ඒ වයස්දී ආහාර මගින් ලැබිය යුතු පෝෂණය නොලැබී යාම එක්ක වර්ධනය පවා අදාළ වෙනවා. මවු කිරට හුරු වෙන්න නොදී විවිධ ආකාර ආහාර පිස දීල දරුවා සමබල ආහාරයකට හුරු කිරීම ගොඩක් වටිනවා.


04. පමණට වඩා ඩිජිටල් තිර වලට දරුවා යොමු කරවීම

දරුවා අනතුරක් කර ගනී කියන බයට ඒ වගේම ඔබේ පහසුවට ඔබ දරුවා TV, ෆෝන්, ටැබ් වලට යොමු කරවනවාද ? එහෙනම් ඒක ලොකු වරදක්. සමහර අම්මලා ආඩම්බරෙන් කියනවා “ ෆෝන් එක දුන්න ගමන් මගේ වැඩ සේරම කර ගන්න පුළුවන් . පැය දෙක තුනක් හරි එක තැන ඉන්නවා “ කියල. නමුත් එය දරුවාගේ කායික වගේම මානසික වර්ධනයට ඉතාම අහිතකරයි.
ස්වභාවික පරිසරයේ සෙල්ලම් කරන දරුවා අත්දැකීම් මගින් ඉගෙන ගෙන වඩා නිර්මානශීලී සහ ශක්තිමත් දරුවෙක් වෙනවා. පමණට වඩා ඩිජිටල් තිර වලට ඇබ්බැහි වෙන දරුවන්ගේ මොලයේ නිර්මාණශීලී බව අඩු වෙනවා. ඒ වගේම කායික අභ්‍යාස වල නොයෙදෙද්දී දරුවා අධි බර වගේ රෝගී තත්වයන්ට පවා ලක් වෙනවා.


05. දරුවාට වගකීම් දැරීමට ඉඩ ලබා නොදීම

බොහෝ දෙමාපියෝ දරුවාට ඇති අධික ආදරය නිසා කිසිදු වගකීමක් දරන්න ඉඩ දෙන්නේ නැහැ. දරුවා ටික ටික ලොකු වෙද්දී තමන්ගේ කාමරය පිරිසිඳු කර ගැනීම, රෙදි සෝදා ගැනීම , ආහාර ගෙන භාජන සේදීම, ගෙදර වැඩට උපකාර කිරීම , සුළුවෙන් දෙයක් හදාගෙන ආහාරයට ගැනීම වගේ ජීවන කුසලතා හුරු කරවන්න ඕනේ. ආදරේ කියල හැම දේම අතට පයට කරන්න ගිය බොහෝ දෙමාපියෝ පසු කාලීනව ගොඩක් දුක් වලට මුහුණ දුන්නා.

මේ වගේ හැදෙන දරුවෝ බොහෝ විට ජීවිතේ අමාරුව දන්නේ නැහැ. දෙමාපියන් කොයිතරම් මහලු වුනත් ඔවුන් ලවා කෙළවරක් නැතුව වැඩ ගන්න ලංකාවේ දරුවෝ බහුතරයකගේ පසුබිම බලද්දී මෙන්න මේ විදිහට හදපු දරුවෝ. වයසට ගිහින් දුක් විඳින අතරේ දරුවන්ට බැනීමට වඩා හොඳයි දරුවා කුඩා කල සිට නිසි ලෙස වගකීම් දැරීමට හුරු කරවීම.


06. ක්‍රීඩා කරමින් ස්වභාවික ළමා වියක් ගත කිරීමට ඉඩ නොදීම

අද කාලේ ගොඩක් පුංචි දරුවෝ පාසල් වැඩ වලින් මිරිකිලා ඉන්නේ. ඒ මදිවට බොහෝ දෙමාපියන්ගේ විලාසිතාවක් තමයි විෂය බාහිර දේවල් සියල්ලටම යොමු කරවීම. පීනුම්, බැඩ්මින්ටන්, ක්‍රිකට්, ජිම්නාස්ටික්, චිත්‍ර,නැටුම්… මේ දේවල් ගොඩක් හොඳයි. නමුත් ඔබ දරුවා ඇත්තටම කැමති දේවල් බලල දරුවාට නිදහසේ ඉන්නත් වෙලාවක් දීල මේ දේවල් කරොත් ගොඩක් හොඳයි නේද ?


07. පමණට වඩා තරඟකාරීත්වයක් කුඩා කල සිට හුරු කරවීම

අපේ රටේ බොහෝ දෙමාපියෝ තමන්ගේ දරුවාගේ ලකුණු වලට කලින් බලන්නේ අනික් ළමයිගේ ලකුණු. අරයට වඩා හොඳ වෙන්න කියල උගන්වලා කුඩා කල සිට දරුවාගේ හිතේ දැඩි තරඟයක් සහ ආත්මාර්ථයක් හදනවා.
අපේ රටේ අධ්‍යාපන ක්‍රමය සාපේක්ෂ ක්‍රමයක්. නිරපේක්ෂ නැහැ. දරුවා හැම විටම පෙළඹෙන්නේ අධිකව තරඟ කිරීමටයි. මේ තත්වය ඔවුන්ගේ පෞර්ෂය හීන කරලා ඉතාම ආත්මාර්ථකාමී වැඩිහිටි පරපුරක් බිහි කරන්න හේතු වෙනවා. මේ වගේ දරුවෝ තමා දෙමාපියන් වයසට ගිහාම මහමග අතහැර යන්නේ.

Like
Like Love Haha Wow Sad Angry

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *