ගරුත්වය කියන්නේ දරුවන්ට ඉගෙන ගත යුතුම දෙයක්

Categories හිරිමල් යෞවනයPosted on
family

ගරුත්වය කියන්නේ අපි හැමෝටම වැදගත් දෙයක්. ඉතින් පොඩ්ඩෝ ගරුත්වය ඉගෙන ගන්නේ වැඩිහිටියන්ගෙන්. ඔබ ඔබේ දරුවන්ට ගරුත්වය හුරු කළොත් තමයි ඔවුන් අන් අයට ගරු කරන්නේ. ඒ නිසා වැදගත්ම දේ ඔබේ දරුවන්ට ගරුත්වය ක්‍රියාවෙන් පෙන්වා දෙන එක.

ඔබ ආදර්ශයක් වෙන්න

වැඩිහියෙක් කතා කරන විට ඊට බාදා කිරීම නුසුදුසුයි බව දරුවන්ට අප නිතර කියනවා. නමුත්, දරුවෙක් කතා කරන විට ඔබ ඊට කීවාරයක් බාදා කරනවාද? ඉතින් කොහොමද “ගරුත්වය” කියන්නේ මොකක්ද කියන කාරණය දරුවන්ට වැටහෙන්නේ. ඔබයි පළමු ආදර්ශය විය යුත්තේ.

∗ දරුවන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න

පෞද්ගලිකත්වය යන කාරණාවේදි දරුවන්ට විවිධ අවශ්‍යතාවයන් ඇතිවෙනවා. දරුවන් සුවපහසු වන්නේ කුමන දේවලටද යන කරුණට ගරු කරන්න පුරුදුවෙන්න. එක් එක් දරුවාගෙන් මෙය වෙනස්වෙන්න පුළුවන්. ඔබේ දියණිය එක් කොණ්ඩා මෝස්තරයකට අකමැති නම්, එය කිරීමට ඇයට බල කරන්න එපා.

∗ ඔබ සමග ගතකරන කාලය දරුවන්ට පීඩාකීරී නොවිය යුතුයි

පාසල් නිමවී නිවසට පැමිණි දරුවාගෙන් ප්‍රශ්න වැලක් අසන්න එපා. නිවසට පැමිණි ඔබේ දරුවන්ව ආදරයෙන් පිළිගෙන, ඔවුනට දවස ගැන කතා කරන්න ඉඩ හරින්න. ඔවුන් නිවසට පැමිණෙන තුරු ඔබ මග බලන් සිටි බවට ඔවුන්ට ඇඟවිය යුතුයි. නිවෙස, ආරක්ෂාකාරී හා සුවපහසු තැනක් බව දරුවන්ට දැනිය යුතුයි.

∗ ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමේදී ඇති තරම් කාලයක් ගන්න

දරුවෙකු යම් ගැටළුවක සිරවී සිටිනවා නම්, ප්‍රථමයෙන් ඔවුන්ගේ විසඳුම අසන්න. පසුව ඔබේ විසඳුම් පවසන්න. තමා විසින්ම තීරණයක් ගැනීමට ඔවුනට අවස්තාවක් ලබාදිය යුතුයි. ඔබට ඔවුන්ගේ ගැටළුව පහසුවෙන්ම විසිඳීමට හැකිවෙන්න පුළුවන්, නමුත් දරුවාව හරිගස්සන විට ගරුත්වයෙන් එය කල යුතුයි.

∗ නිතරම අණදීම, හරිගැස්සීම, හා මග පෙන්වීම කරන්න එපා

ඔබට යම් උපකාරයක් අවශ්‍ය නම්, දරුවන්ට ඊට ආරාධණා කරන්න. අණ කරන්න එපා. බලහත්කරයෙන් දේවල් කර ගැනීමට යාමෙන් දරුවන් පීඩනයකට ලක්වෙනවා වගේම, ඉන් ඔබ කෙරෙහි ඇති ගරුත්වයත් අඩුවෙනවා. ඔවුන්ගේ සීමාවන්, කාලය, හා කැමත්තට ගරු කරන්න. හැබැයි ඒ අවකාශය යම් සීමාවක් ඇතුලත ලබා දිය යුතුයි.

∗ දරුවන්ව ගොඩනගන්න

දරුවන්ගේ ආත්ම අභිමාණයට බලපාන බොහෝ දේ තියෙනවා. ඔබ දරුවාට සලකන ආකාරය ඔහුව පීඩනයට පත්නොකළ යුතුයි. දිරිගැන්වීම මඟින් එදිනෙදා ජීවිතයට ඔවුනට සාර්තකව මුහුණදීමට හැකිවෙනවා. දරුවන්ට ඔබ විසින් ඔවුනට ලබාදෙන ආරක්ෂාව දැන්නෙන්න ඕනේ වගේම භාහිර ලෝකයෙන් ඔවුනට ආරක්ෂිත රැකවරණයක් ඇති බවත් දැනිය යුතුයි.

∗ භාහිර ක්‍රියාකාරකම්

ඔබ දරුවාගෙන් බලාපොරොත්තුවෙන හැසිරීමට ඔවුන් පෙළඹවීම සඳහා ඔබ ආදර්ශයක් වන්න. අමතර ක්‍රියාකාරකම් සඳහා ඔවුන්ව දිරිගන්වන්න. මේ ක්‍රියාකරකම් සඳහා ඔබත් සහභාගී වන්න. ගැයීම, සංගීත භාණ්ඩයක් වාදනය කිරීම, නර්තණය වැනි ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. ඔවුන්ට සපුරා ගැනීමට අවශ්‍ය ඉලක්කය පසුකර යාමට ඔබ ශක්තියක් වන්න. ඔවුන්ගේ සාර්තකත්වය අගයන්න.

∗ උදව්/උපකාර කිරීම

අන් අයට උපකාර කිරීම මානව සංහතිය සතුව ඇති වටිනාම ගුණාංගයකි. උපකාර කිරීමේ ආදර්ශය ඔබෙන් දරුවන් දැකිය යුතුයි. ඔබේ අසල්වැසියන්ට ගරු කරන්න. කුසගින්නේ සිටින කෙනෙකුට ආහාර වේලක් ලබාදීම වැනි උතුම් ක්‍රියා කිරීම මඟින් ඔබේ දරුවනුත් ඒ දේවල් වලට පෙළඹෙනවා. බෙදා හදා ගැනීමේ වටිනාකම දරුවන්ට කියා දෙන්න. දරුවන් එසේ කරනා විට, ඒවාට ගරු කරමින් එම ක්‍රියා අගය කරන්න.

∗ සන්සන්දනය කිරීම

තමාව, අන් අය හා සන්සන්දනය කිරීමේ පුරුද්ද කුඩා කල සිටම දරුවන්ගේ ඇත් කරන්න. මේ ලොව හැමෝම අද්විතීයයි වගේම තමාද විශේෂයි යන කරුණ දරුවන්ට පහදා දෙන්න. ඔබේ දරුවනුත් එක් අයෙකුගෙන් එක් අයෙකුට වෙනස් වෙන්න පුළුවන්. ඔවුන්ගේ වෙනස්කම් වලට ඔබ ගරු කළ යුතුයි. ඔබ, ඔබේ දරුවන්ව සන්සන්දනය කරන්න එපා. එසේ කිරීමේන් ඔවුනුත් සන්සන්දනය කිරීමට පෙළඹෙනවා.

∗ බලයට ඇති අවශ්‍යතාවය

බලයට ඇති කැමැත්ත දරුවන්ගෙන් ඈත් කරන්න. දෙමව්පියන් වශයෙන් ඔබ දෙපල එකිනෙකාට ගරුකල යුතුයි. එවිට තමයි දරුවන් එකිනෙකාට ගරුකිරීමට පුරුදුවෙන්නේ.

Like
Like Love Haha Wow Sad Angry

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *