සාමාන්‍ය ප්‍රසූතියක් ඉක්මන් කරන ක්‍රම ගැන දන්නවාද?

Categories අලුත උපන්Posted on
normal

සාමාන්‍ය දරු ප්‍රසූතයක් සිදු වන්නට අනිවාර්යයෙන්ම ගැඹින මවට ප්‍රසව වේදනාව ඇතිවෙන තෙක් සිටින්නට සිදු වෙනවා.  එහෙත් මෙලෙස ප්‍රසව වේදනාව ඇතිවීම සමහර අවස්ථාවල ප්‍රමාද වන්නට පුළුවන්.  එවැනි අවස්ථාවල මව්වරුන්ට කලින් දරුවා බිහි කරීමට අවශ්‍ය වන අතර මෙවැනි බෙහෝ අවස්ථාවල වෛද්‍යවරුන්  ප්‍රසව වේදනාව කලින් ඇති කරීම සදහා උපදෙස් ලබා දෙනවා.  එය (  Induction of labour) ලෙ ස හදුන්වනු ලබනවා.

ඒ අනුව සාමාන්‍ය දරු උපතක් සිදු වීමට ගර්භාෂයට පහළින් යෝනි මාර්ගයට නෙරා ඇති ගැබ් ගෙල කොටස විවෘත වීම අවශ්‍ය වෙනවා. මෙහිදී ගැබ් ගෙල ප්‍රමාණයෙන් කෙටි වීම සහ විවෘත වීම ස්වාභාවිකව සිදුවන ක්‍රියාවලියක් .  මේ සදහා ප්‍රොස්ටගැන්ඩීන් නම් රසායනිකය සිරුරේ නිපදවීම අවශ්‍ය වනවා.  ඒ සමගම ගර්භාෂය වරින් වර සංකෝචනය වීම සහ ලර්භාෂයෙන් පහළට දරුවා තල්ලු වීම සිදු වනවා.  මෙලෙස වන ගර්භාෂ මාංශපේෂි සංකෝචනය හා ගැබ්ගෙල විවෘත වීමේ ක්‍රියාවලිය මත සාමාන්‍ය ප්‍රසූතියකදී   දරුවා බිහිවන දිනය තීරණය වනවා.

මෙහිදී ගැබ්ගෙල විවෘත නොවන්නේ නම් එය උත්තේජනය කිරීම සදහා ඖෂධ හා වෙනත් ක්‍රම භාවිතා කිරීම සිදු වනවා.  මේ සදහා ප්‍රධාන වශයෙන් ඖෂධ වර්ග කිහිපයක් භාවිතා කරනවා.

1 ප්‍රොස්ගැන්ඩීන් වර්ගයේ ඖෂධ

මෙම ඖෂදය යෝණි මාර්ගය තුළින් පෙත්තක් ලෙස ඇතුළත් කරුණු ලබනවා. එමගින් ගැබ්ගෙල විවෘත වීම වගේම ගර්භාෂය සංකෝචනය වීමත් උත්තේජනය කරන නිසා ප්‍රසූතිය ඉක්මන් කරන්න පුළුවන්.

2. ඔක්සිටොසීන් හෝමෝනය(Induction of labour)

මෙය සේලයින් සමග නික්ෂේපනයක් ලෙස ලබා දෙනවා. ගැබ්ගෙල විවෘතව ඇති විට ගර්භාෂය සංකෝචනය වීම සහ ප්‍රසව වේදනාව ඇති වීම උත්තේජනය කිරීම සදහා මෙය බහුලව භාවිතා කරනවා.

3. කලලාවාරක පටලය සිදුරු කරීම (water bag එක කැඩීම)

ගැබ්ගෙල විවෘතව ඇති වට වෛද්‍යවරුන් විසින් කුඩා උපකරණයක් භාවිතයෙන් මෙය සිදු කරණු ලබනවා. එමගින් ගර්භ තරලය පිටතට ගලා එන අතර ප්‍රසූතිය ඉක්මනින් සිදු වනවා.  බොහෝ අවස්ථාවල ඉන් පසු syntocinon ඖෂදය ලබා දීම සිදුවනවා.

4. ගැබ්ගෙල හරහා කුඩා ( catheter ) එකක් ඇතුළු කිරීම

ගැබ්ගෙළ විවෘත වීමට හා උත්ජේනයට මෙම ක්‍රමය භාවිතා කරනවා. මෙලෙස ඇතුළු කරන බටය ගර්භාෂය තුළ පැය 12 පමණ කාලයක් තිබෙන විට ගැබ් ගෙල ඉබේම විවෘත වී එය පිටතට පැමිණෙනවා.

මෙම ක්‍රම භාවිතා කර ප්‍රසූතිය ඉක්මන් කරීමට සෑම මවකටම අවශ්‍ය නූනත් වෛද්‍යවරු විසින් එවැන්නක් නිර්දේශ කරන අවස්ථා තිබෙනවා.  ඒවා නම්

1 නියමිත කාලය පසුවන තෙක් ප්‍රසූතිය නොවීම

2 මවට කිසියම් රෝගී තත්ත්වයක් තිබීම

3 දරුවාට යම් අවධානම් තත්ත්වයක් තිබීම ඇදී අවස්ථාවල මෙවැනි දේ සිදු කරණු ලබනවා. ප්‍රසූත වේදනාව ඇති නොවන බොහෝ අවස්ථාවල මෙම ක්‍රමවේද භානවිතා කරන අතර එහි අතුරු ආබාධද පැවතිය හැකි. ඒ අතර ගර්භාෂය අවශ්‍ය ප්‍රමාණයට වඩා සංකෝචනය වීම නිසා දරුවාට රුධිර සැපයුම අඩුවීම වැිනි තත්ත්ව ඇති වන්නට පුළුවන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *