සලාද කොළ කියන්නේ ඔබ නොදන්න ගුණ රැසක් තිබෙන ආහාරයක්.

Categories ළමා අවධියPosted on
salad leaf

සලාද කොල කියන්නේ ඉතාම ගුණවත් ආහාරයක්. ඒ නිසාම එළවළු සලාද සකස් කරන විට බොහෝ දෙමාපියන් සලාද කොල එයට එක් කරනවා. හැබායි ගොඩක් වෙලාවට සිදු වන්නේ මේ සලාද කොල පොඩ්ඩෝ විසින් ප්‍රතික්ෂේප කිරීම. ඇත්තටම ඒක නම් ඒ තරම් හොද දොයක් නෙමෙයි.  මන්ද සලාද කොල කියන්නේ ඉතාම ගුණ දායක ආහාරයක් වීම නිසයි.

සලාද කොළ කියන්නේ විවිද ප්‍රබේධ තිබෙන ආහාරයක්. එහි වර්ණය හා කොළයේ ස්වාභාවය අනුව ඒවා වෙනස් වෙනවා. සලාද කොළ ලිහිල් හා දැඩි  සලාද කොළ ලෙසත් ලා කොළ සහ තද කොළ සලාද කොළ විදියටත් වර්ග කරන්න පුළුවන්.  සලාද කොළ මුලින්ම ආහාරයක් වශයෙන් භාවිත කරන්න පටම් ගන්නේ මැදපෙරදිග රටවල්ලවල.  මීට අමතරව ඈත අතීතයේ ඊජිප්තු රජවරුන්ගේ මිනී වලවල්වල පවා සලාද කොළ පිළිබද සටහන් කර තිබුනා. ග්‍රීක හා රෝම රජවරුන් සලාද කොළ භාවිතා කර තිබුණු අතර එංගලන්තයේ සලාද කොළ භාවිතා කරන්නට පටන් ගන්නේ 8 වන රජු දවස හෙවත් ක්‍රි.පූ 1520 වගේ කාලයකදී.  කොහොම වුනත් මේ වගේ ඉතිහාසයක් තිබෙන සලාද කොල ආහාරයට ගැනීමෙන් අම්මලාට වගේම පොඩ්ඩන්ටත් වාසි රැසක් ලැබෙනවා.

සලාද කොළවල අඩංගු වන්නේ සෙලියුලෝස්. ඒ නිසාම මල බද්ධයට සලාද කොළ ඉතාම ගුණයි.  පාසල් දරුවන් අතර මළ බද්ධය කියන්නේ සුළභ දෙයක්. ඊට හේතුව වන්නේ ඔවුන්ගේ ආහාර වේල් තුළ තන්තුමය ආහාර නැතිවීම. ඉතින් ඔබට පුළුවන් ඔබේ පොඩ්ඩගේ මළ බද්ධ තත්ත්වය වලක්වා ගන්න මේ ආහාරය එක් කරන්න.

සලාද කොළ වල අඩංගු ලෙක්ටියුරීන් නිසාම එය නින්දට ඉතාම ගුණදායකයි. සලාද කොළ යුෂ රෝස වතුර සමග මිශ්‍ර කර කකුලේ සහ නළලේ ආලේප කිරීමෙන් සුවදායක නිනිදක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔබේ පොඩ්ඩා ඔබට කියනවා නම් නින්ද යන්නේ නැහැ කියලා ඔබට තිබෙන හොදම විසදුම තමයි මේ අත් බෙහෙත භාවිතා කරන එක.

ගර්භණී සමයේ සහ දරු උපතින් පසු මව්වරුන් සලාද කෙළ ආහාරයට ගන්නා විට කිරි එරෙන බවට විශ්වාසයක් තිබෙනවා.  මේ කාල සීමාව තුළ සලාද කොළ ආහාරයට ගැනීමෙන් ගර්භණී සමයේ සිදුවන ස්වාභාවික ගබ්සාවන්ට ආරක්ෂාව සැලසෙනවා.

සලාද කොළවල කාබෝහයිඩ්‍රේඩ් අඩු මට්මක පවතින නිසා එය වඩාත් යෝග්‍ය වන්නේ රක්තහීනතාවයටයි. මේ හරහා හිමොග්ලෝබින් අවශෝෂණය කර ගන්නා අතර එය රක්තහීනතාවය උදෙසා පිළියමක් ලෙස යොදා ගත හැකි. මෙහිදී සලාද අමුවෙන් පමණක් නොව පිසගෙන වූවද ආහාරයට ගත හැකි අතර මේ සදහා පොල් කිරි හෝ ජලය භාවිතා නොකොට එහි තිබෙන ජලයෙන් පමණක් පිස ගැනීම ඉතාම යෝග්‍යයයි.

මෙවැනි ගුණ රැසක් තිබෙන සලාද කොල පොඩ්ඩගේ ආහාරයට පමණක් නොවේ ගර්භනී සමයේ මවකට මෙන්ම වැඩිහිටියන්ට ද ආහාරයට එක් කර ගැනීම ඉතාම සුදුසුයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *