ස්පර්ෂය හා රසය දරුවා හඳුනනවා.

Categories ළමා අවධියPosted on

දරුවා ස්පර්ෂය හා රසය ගැන දැන ගන්නේ අත්දැකීමෙන්. රසය දරුවා හඳුනා ගන්නේ තමන්ට ලැබෙන ආහාර හේතුවෙන්.

ස්පර්ෂය

දරුවා ස්පර්ෂය හරහා බොහෝ දේ ඉගෙන ගන්නවා.දරුවාට ස්පර්ෂය ගැන මුල්ම අවබෝධය ලැබෙන්නේ කුස තුළ සිටින සමයේමයි. කුස හොඳින් පිරිමදිමින් අත ගාන්න වගේම කතා කරන්න. එය දරුවාට හොඳින් දැනෙනවා. ඒ වගේම මේ ක්‍රියාව ටික දිනක් සිදු කරන විට දරුවාත් එයට ප්‍රතිචාර දක්වනවා ඔබට තේරෙවී. දරුවා ඉපදුන පසුවත් දරුවා හොඳින් ස්පර්ෂය කරන්න. එය දරුවාගේ වර්ධනයටත් හොඳින්ම බලපානවා.

තුරුල් කර ගන්න.

දරුවා හොඳින් තුරුල් කර ගන්න. ඔබේ පපුවට දරුවාගේ පපුව හොඳින් ස්පර්ෂ වන ලෙස තුරුල් කර ගන්න. කිරි බොන විට දරුවාගේ පිට හොඳින් අත ගාන්න. දරුවා ගේ නිකට දරුවා ගේ නිකටට ස්පර්ෂ වන ලෙස තබා ගෙන නර්තනයේ යෙදෙන්න. දරුවා හොඳින් සුව පහසු ලෙස ඔතන්න. දරුවාට හොඳින් ආදරයෙන් කතා කරන්න.

රසය

දරුවා මුලින්ම හඳුනා ගන්නේ මවගේ මව් කිරි වල රසයයි. ඉන් පසුව මාස හයකට පසුව දරුවා වෙනත් ආහාර වල රසය හඳුනා ගන්නවා. මෙහදි ඔබ දරුවාට විවිධ රසයන් හඳුන්වා දෙන්න පියවර ගන්න අවශ්‍ය වනවා. දරුවාට දෙන රසයන් වෙනස් කරන්න පියවර ගන්න. ඝණ ආහාර දෙන එක ආරම්භ කරන විටද රසයේ විවිධත්වය ඉදිරියට ගෙන යන්න. දරුවාට බිට නැතිය අළුත් රසයන්ගේ අත්දැකීම ලබා දෙන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *