ගර්භණී සමයේ ගත යුතුම ආහාර කිහිපයක්.

Categories ගර්භණී සමයPosted on

ගර්භණි සමය කියන්නේ හොඳ පෝෂණයක් අවශ්‍යම සමයක්. මේ සමයේදී මව ගන්නා ආහාර වල පෝෂණය දරුවාගේ වර්ධණයටත් බලපානවා. මේ තියෙන්නේ එම කාළයේදී ආහාරයට ගත යුතු ආහාර කිහිපයක්.

ඉඟුරු.

ගැබිණි සමයේ ඇති වන උදැසන අපහසුතා මග හැරීමට ඉඟුරැ වලට හැකියාව තියෙනවා. මෙහිදි ඉඟුරු පමණක් ආහාරයට ගැනීම සුදුසු නැහැ. කළ යුත්තේ ඉඟුරු දැමු තේ එකක්, නැතිනම් ඉඟුරු බිස්කට් එකක් හෝ ඉඟුරු යුෂ දැමු ජලය පානය කිරීමයි.

මී පැණි.

මී පැණි කියන්නෙත් මේ කාළයේ ආහාරයට එකතු කර ගත යුතු ආහාරයක්. මේ නිසා ගර්භණි සමයේ මෙ ආසානද මෙන්ම කැස්ස වැනි තත්ත්වයන් ගෙන් ආරක්ෂා වෙන්න පුළුවන්.

ප්‍රෝටීන් වැඩි ආහාර.

ප්‍රොටීන් වැඩි ආහාර අනිවාර්යෙන්ම ආහාරයට එකතු කර ගත යුතුමයි. දරුවාගේ වර්ධණයට එය අනිවාර්යෙන්ම අත්‍යාවශ්‍ය පොෂණයක්. මස් වර්ග රනිල කුලයේ ආහාර වර්ග වගේම මාළු කිරි වැනි අහාර මගින් ප්‍රෝටීන් ලබා ගන්න පුළුවන්.

කැල්සියම් වැඩි ආහාර.

කැල්සියම් වැඩි ආහාර වර්ග අනිවාර්යෙන්ම ආහාරයට එකතු කර ගන්න අවශ්‍ය වනවා. මෙමගින් මවගේ වගේම දරුවාගේ අස්ථි ශක්තිමත් වීමට බලපානවා. මෙහිදි කුඩා මාළු වර්ග හා කිරි හා කිරි ආශ්‍රීත ආහාර වර්ග ලබා ගන්න.

යකඩ සහිත ආහාර.

මෙයත් අනිවාර්යෙන්ම ගැබිණි මව ගත යුතුම ආහාරයක්. මොකද මවට වගේම දරුවාටත් නැතිනම් නීරක්තිය ඇති වෙන්න පුළුවන්. නිවීති , පීකුදු වැනි ආහාර මගින් යකට ලබා ගන්න පුළුවන්.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *