නොමේරූ බබාලව පරිස්සම් කරන්නේ කොහොමද?

Categories අලුත උපන්Posted on

ගර්භනී සමයේදී ඔයාට ඇති වන විවිධ සංකූලතා නිසා නොමේරූ බබාලා ඉපදෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ වගේ බබාලව පරිස්සම් කරන එකත් එච්චර ලේසි නැහැ. මොකද එයාලට හරි ඉක්මනින් ලෙඩ රෝග බෝවීමේ හැකියාව වැඩියි. එනිසා ජීවිතයත් අවදානම් තත්වයක තියෙන්නේ. මේ හේතුන් නිසා එයාලව ගොඩක් පරිස්සම් කරන්න ඕන.

නොමේරූ බබාලව බලා ගන්නේ කොහොමද?

– අඩුම තරමේ මාස 4 / 5 ක් වත් යනකන් බබාව අමුත්තන්ගෙන් ඈත් කර තබන්න.

– පොදු ස්ථානවලට, පොදු වාහනවල බබාව රැගෙන යන්න එපා.

– නිතරම බබාව ඇල්ලීමේදී ඔයා පිරිසිදු වෙලා ඉන්න ඕන.

– සුළු සෙම්ප‍්‍රතිශ්‍යාවකින් පවා නිවුමෝනියා තත්ත්වයන් ඇති වීමේ ඉඩකඩ වැඩියි නිසා ආරක්ෂා කරගන්න.

– බබාගේ සිරුරට උෂ්ණත්වය පාලනය කරගැනීමේ හැකියාව නැහැ.ඒ නිසා තාප හානියෙන් බබාව ආරක්ෂා කරගන්න හිස් ආවරණ, දෑත් සහ පාදවලට මේස් පළඳවන්න.

– හැමවෙලේම ඇඳුමක් අන්දවා තබන්න.

– බබාගේ බර 2kg ක් වනතුරු නාවන්න එපා. තෙත රෙදි කෑල්ලකින් බබාගේ ඇඟ තෙත මාත්තු කරන්න.

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *