බබාව ඕනවට වඩා හුරතල් කරනවද?

Categories වැදගත් උපදෙස්Posted on

ඔයා බබාට ගොඩක් ආදරෙයි. ඒ නිසාම බබා ඉල්ලන ඉල්ලන් දේවල් අරන් දෙනවා. බබාගේ හැමදේම කරලා දෙන්නෙත් ඔයා. බබාට ආදරෙයි කියලා බබාට ඕන ඕන දේවල් කරලා දෙන්න එපා. අවසානයේ ඔයාටම දුක් වෙන්න වෙයි.

උවමනාවට වඩා ලිහිල් වටපිටාවක හැදෙන බබාලා නිතරම ඔයා මත පමණක් යැපෙන බලනවා. වගකීම් රහිතව සැහැල්ලුවෙන් වැඩ කරන්න උත්සාහ කරනවා. මේ නිසා බබා ලොකු වෙනවිටත් ගොඩක් ගැටළු වලට මුහුණ දෙන්න සිදු වේවි.

බබා ඕනවට වඩා හුරතල් කිරීමෙන් එයා දබ්බර වෙන්නත් පුළුවන්. ඒ වගේම අන් අයගේ උවමනාවන් වලට සංවේදී නොවී ආත්මාර්ථකාමී චරිතයක් වෙන්න බබා මඟ පාදනවා.

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *