චූටි බබාලට රස මෑෂ්ඩ් පොටේටෝ හදලා දෙමු

Categories වැදගත් උපදෙස්Posted on

ගොඩක් වෙලාවට මාස 7,8 වයසේ බබාලට අල තම්බලා කවනවා. හැමදාම බබාට එකම විදිහට අල කවද්දී ඒවා එපා වෙන්න පුළුවන්. ඒ නිසා අල වල රසය වෙනස් කරලා හදලා දෙමු.

අවශ්‍ය ද්‍රව්‍ය

– තම්බා පොඩිකරගත් අල 200g
– බිත්තර කහමද 1
– බටර් 25-30g
– ලුණු සහ ගම්මිරිස්
– කුඩාවට කපාගත් කොත්තමල්ලි කොළ
– කිරි හෝ fresh cream කොප්ප 1/2

සකස් කරගන්න හැටි.

– මුලින්ම භාජනයකට බටර් සහ කිරි එකතු කර ළිප මත තියන්න.

– පසුව තම්බා පොඩිකරගත් අල එකතු කර මෘදු තලපයක් ලෙස සකස් කරගන්න.

– රස අනුව ලුණු සහ ගම්මිරිස් එකතු කරගන්න.

– එයට කපාගත් කොත්තමල්ලි කොළ එකතු කරන්න.

– බිත්තර කහමද එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

– දැන් බබාට කවන්න.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *